කොස්ලන්ද

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    [FONT=&quot]කුඹුරක් කොටන්න වැස්සක් නැති සඳ කට්ටිය අහසට බැන වදිතී
    ගැඹුරක් නොදන්න නළ ලිං සොය සොය හට්ටිය පුරවා දිය ගෙනෙතී
    කඳුලක උණුසුම නොදන්න තාලෙට මුවින් මුවග හසරැලි මැවෙතී
    අඳුරක් වැරැදී මැවුන නිසා බඹු එළිය දෙන්න සඳවත එවතී[/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ජීවිතයේ බර හිසින් දරාගෙන අබරං මාමා වෙල් කොටතී
    අහසින් වැටිච්ච වැහි කඳුලක් දැක කොක් හඬලා ඔහු සිනාසෙතී
    වරිච්චි බිත්තිය සිහිනෙන් බොඳකර සිමෙන්තියෙන් සායම් කරතී
    පැටවුන්ගේ කිරි සිනා මැවෙද්දී මාමා ආයෙත් සිනාසෙතී[/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]බැනුම් අසාගෙන ඉන්නම බැරිතැන නිල් අහසත් ගොරවා හඬතී
    බිඳ බිඳ වැටුනත් ඒ කඳුලැලි ටික මහ හයියෙන් මේ බිම තෙමතී
    පොද පොද එක්වී කඳුළු ගඟක් දැක පොළවත් මඳකට සසළ වෙතී
    හීනත් එක්කම හැප්පුන ජීවිත කාගෙද කඳුලක සැඟව ගතී[/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]ඒ ගැන තාමත් නොදන්න මාමා තනියම කුඹුරට දිය බඳිතී[/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot]මාමා අඬන්න නොදන්න හින්දම වැහිදිය[/FONT][FONT=&quot]‘[/FONT][FONT=&quot]විත් ඇසිපිය තෙමතී
    මාමගෙ පැටවුන් මාමා එනකං මාමගෙ හීනෙම මඟ බලතී
    ඒ දුක දැනිලද මංදා අහසත් තව තව හයියෙන් ඉකි බිඳිතී[/FONT]


    [FONT=&quot][/FONT][FONT=&quot][/FONT]

    [FONT=&quot]#ඨාකුර් විසිනි.[/FONT]
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    හරිම සංවේදීව වින්දනය කල හැකි නිර්මාණයක්.
     
    Last edited: