කොහේ හෝ සමාන්තර විශ්වයක.....
කොහේ හෝ සමාන්තර විශ්වයක.....
අපේම රූපකාය අනන්‍යතාව ඇති
අප වැනිම මිනිසුන් වසන
එහෙත්,
ක්ෂණයක වෙනස්වීම් නිසා
පරස්පර දෛවයන් හිමිවූ
සමාන්තර විශ්වයක් ඇති බව
දුටුවා මතකයි
ටෙලි කතාවේ මායා බන්ධන...
එවන් කොහේ හෝ සමාන්තර විශ්වයක
අප දෙදෙන සතුටින් හිදිනවා විය හැක....
මා පමනක් නිදිවර්ජිතව හුදෙකලාව
ඔබ ගැන සිහින මවමින්
ගෙවා දමන මේ මොහොත වන විටත්
නිදි නැතිව පැය ගනන්
අප දෙදෙන පිළිසදරෙහි යෙදෙනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
පිළිසදර අවසන
සමුගන්න මොහොත අග
"ආදරෙයි"කියා ඔබ කියනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
අප දෙදෙන නිදන'තර
අදුරු දුක් සිහින නොව
සොදුරු පෙම්වත් සිහින දකිනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
අපට වැරදුනු තැන්ද
මග නතරවුණු තැන්ද
එහි සිටින අප දෙදෙන වරදවා නොගන්නට ඇත
ඉදින් සොදුරිය දුක්වනු කිම?
ඔබත් මමත් නොවන
එනමුදු අපම වන
"අප" තවමත් පෙමින් බැදී සිටිනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
- Mr UNKNOWN -
පසු කතාව-
අද යාලුවෙක් දීපු ෆිල්ම් සෙට් එකක් අස්සෙ තිබිලා මායාබන්ධන Tv series එක සෙට් උනා
ඒකෙන් තමා මේකෙ බේස් අයිඩියා එක ආවෙ.ඒත් එක්කම බුකියෙ එකෙක් දාල තිබ්බ කවි කෑල්ලකුත් මතක් උනා.ඒකෙනුත් කෑලි අරං මමත් තව කෑලි ටිකක් ඔබලා තමා මේ අටමගලෙ ලීවෙ.කියෙව්වනං මොනවා හරි කොටාගෙන යමන්...
කොහේ හෝ සමාන්තර විශ්වයක.....
අපේම රූපකාය අනන්‍යතාව ඇති
අප වැනිම මිනිසුන් වසන
එහෙත්,
ක්ෂණයක වෙනස්වීම් නිසා
පරස්පර දෛවයන් හිමිවූ
සමාන්තර විශ්වයක් ඇති බව
දුටුවා මතකයි
ටෙලි කතාවේ මායා බන්ධන...
එවන් කොහේ හෝ සමාන්තර විශ්වයක
අප දෙදෙන සතුටින් හිදිනවා විය හැක....
මා පමනක් නිදිවර්ජිතව හුදෙකලාව
ඔබ ගැන සිහින මවමින්
ගෙවා දමන මේ මොහොත වන විටත්
නිදි නැතිව පැය ගනන්
අප දෙදෙන පිළිසදරෙහි යෙදෙනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
පිළිසදර අවසන
සමුගන්න මොහොත අග
"ආදරෙයි"කියා ඔබ කියනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
අප දෙදෙන නිදන'තර
අදුරු දුක් සිහින නොව
සොදුරු පෙම්වත් සිහින දකිනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
අපට වැරදුනු තැන්ද
මග නතරවුණු තැන්ද
එහි සිටින අප දෙදෙන වරදවා නොගන්නට ඇත
ඉදින් සොදුරිය දුක්වනු කිම?
ඔබත් මමත් නොවන
එනමුදු අපම වන
"අප" තවමත් පෙමින් බැදී සිටිනවා විය හැක
කොහේ හෝ සමාන්තර විශ්වයක...
- Mr UNKNOWN -
පසු කතාව-
අද යාලුවෙක් දීපු ෆිල්ම් සෙට් එකක් අස්සෙ තිබිලා මායාබන්ධන Tv series එක සෙට් උනා
ඒකෙන් තමා මේකෙ බේස් අයිඩියා එක ආවෙ.ඒත් එක්කම බුකියෙ එකෙක් දාල තිබ්බ කවි කෑල්ලකුත් මතක් උනා.ඒකෙනුත් කෑලි අරං මමත් තව කෑලි ටිකක් ඔබලා තමා මේ අටමගලෙ ලීවෙ.කියෙව්වනං මොනවා හරි කොටාගෙන යමන්...


