අනුර රනිල් සිරා එකතුවෙලා 2015-2019 ආණ්ඩුවේ පත්කළ නිලදාරියෙක් මැරතන් එකක් දුවන අපුරුව. ලැජ්ජයි.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ප්‍රහාරය ගැන විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද පෙනී සිටියේය.
පාස්කු ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ලබා ගැනීමට කොමිසම විසින් කරන ලද කැඳවීම අනුව ඔවුන් එහි පැමිණ සිටියහ.
මාධ්‍යවේදීන් ද පසුපසින් දිවගියද පොලිස්පතිවරයා වහා මෝටර් රථයේ නැඟී ආ පිටවී ගියේය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති අතර ඒ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත වීමෙන් පසු ඇප මත නිදහස ලබා සිටියි.
copyright : Lankacnews
