කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ❓

chathura414

Well-known member
  • Jan 2, 2014
    5,186
    7,161
    113
    M-Town
    කොහොමද බන් Indian Team එකට මෙච්චර ක්‍රීඩකයෝ එන්නේ❓

    උත්තරය සරලයි ;
    කලමණාකාරිත්වය ( Management ) ‼️

    🔹Dhawan ➡️ Kishan / Jaiswal
    🔹Virat / Rohit ➡️ Gill / Gaikwad
    ( Top Order )
    🔹Raina / Yuvraj ➡️ Varma / Rinku
    ( Middle Order )

    🛑 කෝලිල ශර්මලා ධවාන්ලා යද්දි ඒ තැන් වලට ක්‍රීඩකයෝ හදාගෙන ඉවරයි.
    හදලා ඉවරයි වගේම කෝලිල ශර්මලා ඉද්දිම අර නවකයන්ට ජාත්‍යන්තර අත්දැකීමුත් දෙනවා.
    හැබැයි මැදපෙලට ක්‍රීඩකයන් හදාගන්න කාලයක් ගියා.
    කෝලිලා ශර්මලගේ කාලෙන් තව ටිකක් අතීතයට ගියොත්.

    Ganguly ➡️ Gambhir ➡️ Dhawan
    Gavaskar ➡️ Sachin ➡️ Kohli
    Sehwag ➡️ Rohit
    Dravid / Laxman ➡️ Pujara / Rahane / Rahul
    මේක දම්වැලක් වගේ.
    එක පුරුකක් ගැලවුණා කියලා බලාගෙන ඉන්න බෑ.
    ඉස්සරහට යන්නම ඕනේ.
    එතන පුරවන්නම ඕනේ.

    ඒකට අපි ❓
    2023 වෙලත් සමහර අය 2015 retire වුණ සංගටයි මහේලටයි බනිනවා. සමහර අය එයාලා ගිය එකට දුක් වෙනවා.

    🛑 ගොඩක් අය දැක්කේ ඉන්දියාව World Cup Finals & Semi Finals පැරදුණ එකයි , ඔය වංචා කරනවා කියලා කියන එකයි විතරයි.
    ගොඩක් අයට ඉන්දියාවේ තියෙන ක්‍රිකට් කලමණාකාරිත්වය පේන්නේ නෑ. සමහර අයට නන් පේන්නෙ නැති කම නෙවේ ; පිලිගන්න කැමති නැතිකමක් තියෙන්නේ.

    " ඉන්දියාවේ මිනිස්සු වැඩීනේ බන්. ඉතින් ඕන තරම් අය ඉන්නවනේ. ඕක සාමාන්‍යයි. "

    🛑 ප්‍රමාණය ( quantity ) වැඩි වෙද්දි ගුණාත්මකභාවය ( quality ) තියාගන්න හරිම අපහසුයි.
    මිනිස්සු ගාන වැඩි වෙද්දි හොඳ management එකක් නැත්නම් මේක කරන්න බෑ.
    බිලියන ගානක් manage කරන එක සෙල්ලමක් නෙවේ.
    ඉන්දියාව පුරාම ඉන්න වැඩ්ඩො එලියට එනවා ඒ හින්ඳා.
    උතුරෙ ඉඳන් දකුණ වෙනකන්ම ,
    නැගෙනහිර ඉඳන් බස්නාහිර වෙනකන්ම ,
    අස්සක් මුල්ලක් නෑරම ඉන්දියාවේ තියෙන හැම ප්‍රාන්තයකින්ම වගේම ක්‍රීඩකයන් එලියට එනවා.
    ඉන්දියාවේ තියෙන Domestic Cricket එකේ දියුණුව ඒකට හේතුවක්.
    Management 😎

    🛑 අනික් පැත්තෙන් අපේ රට ගන්න..
    පොඩි රටක් වෙලත් දිස්ත්‍රික්ක 5,6 කින් ඇරෙන්න ක්‍රීඩකයන් අපිට එලියට ගන්න බැරි වෙලා තියෙනවා.
    මේ මිලියන 22 න්ම පෙරලා හරිම 11 ක් එලියට ගන්න බැරි වෙලා තියෙනවා.
    දක්ෂයො නැතිකමම නෙවේ.
    දක්ෂයන්ව එලියට ගන්න system එකක් නැතිකම.
    කලාතුරකින් වාසනාවකට ඉතින් ඉඳල හිටල එක්කෙනෙක් දෙන්නෙක් එලියට එයි.
    ඒක ප්‍රමාණවත් නෑ.

    🛑 හරි. ඉන්දියාවෙ මිනිස්සු වැඩි කතාව ඇත්ත.
    ජනගහණය අඩු රටවල් ගැනත් කතා කරමුකෝ.
    එතකොටනේ මේ සංවාදය සාධාරණ වෙන්නේ.
    ඉන්දියාව ගැන අහන්න කැමති නැත්නම් ,
    ලෝක ශූර ඔස්ට්‍රේලියාවේ ජනගහණය ගන්නකො..
    ජනගහණය මිලියන 26 ක් වගේ.
    අපේ ජනගහණය මිලියන 22 ක් වගේ තියෙන්නේ.
    නවසීලන්තයෙ ඉන්නේ මිලියන 6 ටත් වඩා අඩු ජනගහණයක්.
    ඉතින් අව්ලක් වෙලා තියෙනවද ?
    නෑනේ.
    ජනගහණය කියන්නේ එක පොඩි සාධකයක් විතරයි.
    ඔස්ට්‍රේලියාව , නවසීලන්තය වුණත් එයාලගේ ජේශ්ඨ ක්‍රීඩකයන් වෙනුවට ආදේශක හදාගෙන යනවා. ක්‍රීඩකයන්ව මාරු කර කර ක්‍රීඩා කරවනවා.
    නවසීලන්තයට ලෝක කුසලානයේ දී Kane Williamson නෑ කියලා පාඩුවක් වුණා ද ?
    Management 😎
    අපි ?
    වනිඳු & චමීර නැති එකට ඔක්කොම කේවල් කෙරුවා.

    🛑 ඉන්දියාවට එක අඩුවක් තියෙනවා.
    ඒකයි world cup එකක් නැත්තේ.
    ඉන්දියාවට අඩු MS Dhoni වගේ නායකයෙක් විතරයි.
    Management එකකට වගේම මේ වගේ හොඳ දැක්මක් තියෙන නායකයෙක්ටත් කණ්ඩායමක් එක්ක ඉස්සරහට යන්න පුලුවන්.

    &
    Bumrah / Shami / Siraj / Umesh / Shardul / Chahar ට පස්සේ format 3 ටම වේගපන්දුයවන්නන් කිහිපදෙනෙක්වත් ඉන්දියාවට හදාගන්න තියෙනවා.
    ඒකත් වෙයි !!

    සැ.යු.
    Management කිව්වම
    මුලු cricket structure එකම අයිතියි.
    Domestic Cricket එක , School Cricket එක
    අනාගත සැලසුම්
    හැමදේම........................ !
    මේව එක රැයකින් කරන්න පුලුවන් දේවල් නෙවේ.
    වසර ගානක් තිස්සේ අඩියෙන් අඩිය එන්න ඕන ගමනක්.
    අපි ඒ ගමන අදවත් යන්න පටන් ගත්තොත් ,
    තව අවුරුදු 5,10 ක් යද්දිවත් බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන්.
    නැත්නම් ඉතින් අර මුරලි කිව්ව දේම තමයි කියන්න වෙන්නේ.
    " මේක හදන්න බෑ "

    - Prishon H Silva -
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,257
    113
    දැන් අවුරුදු 50 ක විතර ඉඳන් ජපානෙන් ලංකාවේ අය ගන්නවා scholarships වලට , එකට මුලින්ම ගිපු සෙට් එක ඉඳපු ඉස්කෝලේ උන් ඇරෙන්න වෙන උන් එකෙන් යන්නේ නැහැ අදටත් .

    සමහර civil engineering sites තීනවා වැඩ කරන හැම එකෙක්ම එකම HND එකෙන් එන උන් ,
     
    Black_Bear

    Active member
  • Apr 17, 2021
    115
    108
    43
    Ratak diyunu wenna (salli hoyanna) sports main reason1k,indian un eka dannawa,unge famous cricket nisa ekata uparime denawa,legue match kiyanne salli thama,loke anith ratawal oka karanne soccer walin,ape rate nayakayo thiya minissuwath wediya oka nodanna nisa individual characters passe duwanawa witharai.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක
    ලංකාවේ school system එකෙන් හැම sport එකටම ක්‍රීඩකයෝ තෝරන එක අවුල්..
    ඒකයි හැම ක්‍රීඩාවකටම හොද උන් එනේ නැත්තේ. ඒ ඒ ක්‍රීඩා වලට විශේෂ පාසල් හැදිලා තියෙන්නේ.

    ජැමෙයිකාවේ උන්ට දුවන්න පුලුවන් වෙලා , බ්‍රසිලේ උන්ට හොදට ෆුට්බෝල් ගහන්න පුලුවන් වෙලා ලංකාවේ උන්ට එච්චර ඒවා බැරි ඒ ඒ රටවල් වල උන්ගේ ශරීරය , ජාන නිසා කියන්න පුලුවන්.

    හැබැයි මේ ලංකාව ඇතුලේ රගර් වලට එන්නේ , ක්‍රිකට් වලට , ෆුට්බෝල් , වොලිබෝල් වලට එන්නේ වෙන වෙන ඉස්කෝල වලින්.
    එහෙම වෙන්න බෑ රටක් ඇතුලේ. එහෙම වෙන්නේ ඒ ඒ ඉස්කෝලේ තියන පහසුකම්, ඒ ඒ ඉස්කෝලේ එක එක ක්‍රීඩාවට දාන effort එක මත ජාතික තලයේ ක්‍රීඩකයෝ තීරණය වෙන එක.

    ක්‍රීඩකයෝ තෝරන්න , පුහුණු වෙන්න ඉස්කෝල රෙද්දෙන් එළියේ තැන් තියෙන්න ඕනේ. නැත්නම් ඉස්කෝල කිහිපයක් තෝරලා දෙන උන්ගෙන් හොදම උන් ටික විතරයි උඩට මතු වෙන්නේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,261
    113
    97
    හෝමාගම
    දැන් අවුරුදු 50 ක විතර ඉඳන් ජපානෙන් ලංකාවේ අය ගන්නවා scholarships වලට , එකට මුලින්ම ගිපු සෙට් එක ඉඳපු ඉස්කෝලේ උන් ඇරෙන්න වෙන උන් එකෙන් යන්නේ නැහැ අදටත් .

    සමහර civil engineering sites තීනවා වැඩ කරන හැම එකෙක්ම එකම HND එකෙන් එන උන් ,

    එහෙව් එවුන්ම එකම රටක් එක නීතියක් ගගා ඇමනෙනව,
    දෙමලු, මුස්ලිම් එවුන්ට බනිනව

    සින්හලු ඔක්කොටම එහා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,822
    1
    8,013
    113
    Gampaha
    ලංකාවේ school system එකෙන් හැම sport එකටම ක්‍රීඩකයෝ තෝරන එක අවුල්..
    ඒකයි හැම ක්‍රීඩාවකටම හොද උන් එනේ නැත්තේ. ඒ ඒ ක්‍රීඩා වලට විශේෂ පාසල් හැදිලා තියෙන්නේ.

    ජැමෙයිකාවේ උන්ට දුවන්න පුලුවන් වෙලා , බ්‍රසිලේ උන්ට හොදට ෆුට්බෝල් ගහන්න පුලුවන් වෙලා ලංකාවේ උන්ට එච්චර ඒවා බැරි ඒ ඒ රටවල් වල උන්ගේ ශරීරය , ජාන නිසා කියන්න පුලුවන්.

    හැබැයි මේ ලංකාව ඇතුලේ රගර් වලට එන්නේ , ක්‍රිකට් වලට , ෆුට්බෝල් , වොලිබෝල් වලට එන්නේ වෙන වෙන ඉස්කෝල වලින්.
    එහෙම වෙන්න බෑ රටක් ඇතුලේ. එහෙම වෙන්නේ ඒ ඒ ඉස්කෝලේ තියන පහසුකම්, ඒ ඒ ඉස්කෝලේ එක එක ක්‍රීඩාවට දාන effort එක මත ජාතික තලයේ ක්‍රීඩකයෝ තීරණය වෙන එක.

    ක්‍රීඩකයෝ තෝරන්න , පුහුණු වෙන්න ඉස්කෝල රෙද්දෙන් එළියේ තැන් තියෙන්න ඕනේ. නැත්නම් ඉස්කෝල කිහිපයක් තෝරලා දෙන උන්ගෙන් හොදම උන් ටික විතරයි උඩට මතු වෙන්නේ.
    ඉස්කෝල wala prashnayak neme thiyenne. top layer management awul & okkoma mudalata yatai. eka haduwa nam hari.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක
    ඉස්කෝල wala prashnayak neme thiyenne. top layer management awul & okkoma mudalata yatai. eka haduwa nam hari.
    school system එකෙන් players ල තෝරන එකේ ප්‍රශ්නයක් තියෙන්නේ බන්.

    ඔය සල්ලි වලට ටීම් වලට දාන කතා, ආගම් බලලා දාන කතා, තේරුමක් නැති කතා.
    ටීම් වල ඉන්නේ ඉන්න උන්ගෙන් හොදම උන් ටික.
    අවුල තියෙන්නේ තේරීම් වලට අහුවෙන කට්ටිය සිමා වෙලා තියනව school system එකක් නිසා.
     
    • Like
    Reactions: R O B U S T A

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,822
    1
    8,013
    113
    Gampaha
    school system එකෙන් players ල තෝරන එකේ ප්‍රශ්නයක් තියෙන්නේ බන්.

    ඔය සල්ලි වලට ටීම් වලට දාන කතා, ආගම් බලලා දාන කතා, තේරුමක් නැති කතා.
    ටීම් වල ඉන්නේ ඉන්න උන්ගෙන් හොදම උන් ටික.
    අවුල තියෙන්නේ තේරීම් වලට අහුවෙන කට්ටිය සිමා වෙලා තියනව school system එකක් නිසා.
    ehema ekak na. ai sima wenne school system eka nisa? ඔය සල්ලි වලට ටීම් වලට දාන කතා, atta. mama school giye lankawe janapriyama pasalakata. eke nam ehema thama. coach ta balapam karala thama team ekata danne. coach eken wasi gannawa. wasi ganne nathi ekek awith akurata weda karaddi uwa horawpatana school ekaka transfer karanawa. OBU eka e tharam powerful. me noraml coach kenek ta eka ekka happenna ba.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක
    ehema ekak na. ai sima wenne school system eka nisa? ඔය සල්ලි වලට ටීම් වලට දාන කතා, atta. mama school giye lankawe janapriyama pasalakata. eke nam ehema thama. coach ta balapam karala thama team ekata danne. coach eken wasi gannawa. wasi ganne nathi ekek awith akurata weda karaddi uwa horawpatana school ekaka transfer karanawa. OBU eka e tharam powerful. me noraml coach kenek ta eka ekka happenna ba.
    සිමා වෙනවා. දැන් හිතපන් කෑගල්ලේ ඉන්නව හොදට රගර් ගහන්න පුලුවන් , ආස එකෙක්. උගේ ඉස්කෝලේ රගර් නැත්නම් ඌට ආස උනාට කරන්න දෙයක් නෑ . උගේ ඉස්කෝලේ රගර් වලට එච්චර උනන්දුවක් නැත්නම් හරි පුහුණුවක් නැත්නම් ඌට ඉස්කෝලේ රගර් තිබ්බත් ඉස්සරහට යන්න බෑ .

    අනුරාධපුරේ ඉන්න හොදට ක්‍රිකට් ගහන්න පුලුවන් එකෙක් හිටියට ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එක ගහන්නේ ගොඩක් පහල ඩිවිෂන් එකක ක්‍රිකට් නම් ඉස්කෝලේ ක්රිට් හරි පුහුණුවක් නැත්නම් , ඉස්කෝලේ ටීම් එක perform කරන්නේ නැත්නම් ඌට ඉස්සරහට යන්න බෑ .

    කොලබ ඉස්කෝල වල u13 ටීම් එකට පැනගන්න අමම්ලා තාත්තල සැහෙන ගේමක් දීල කොච් වල අල්ලාගෙන ලමයව ඇතුලට දාගන්නවා. දාගත්තට උන් ගොඩක් උන් 17 පහල වෙද්දී හැලිලා ක්‍රිකට් නවත්ල .
    ඒ ඉස්කෝලෙක ඉන්න හොදට සෙල්ලම් කරන්න හැකියාව තියන එකෙක්ට අර කියපු විදියට පගාවට අදුරන කමට ටීම් එකට පැනගන්න බැරි උනොත් උගේ ක්‍රිකට් එකත් ඉවරයි.
    අවුරුදු දෙක තුනක් ගියාම OL ,ඊ ලගට AL . ඉතින් ඒ ක්‍රිකට් ආසාව පැත්තකින් තියල ඌ study පැත්ත බලනවා.

    ක්‍රිකට් කියන්නේ ටීම් ගේම් එකක්. කොහේ හරි ගමක තනි දක්ෂයෙක් හිටියට ඌ ගහන ස්කුල් ටීම් එක perform කරන්නේ නැත්නම් ඌ ව මතු වෙන්නේ නෑ . ඉස්කෝලේ ක්‍රිකට් එක අඩු division එකක සෙල්ලම් කරනවනම් ඒත් මතු වෙන්නේ නෑ . එක්කෝ ඉස්කෝලේ ක්‍රිකට් නෑ . එහම උනොත් කොහොමත් ක්‍රීඩාවෙන් අනාගතයක් නෑ .

    ඔය රෙද්ද වෙනුවට හැම දිස්ත්රික්කෙම ඕන එකෙක්ට ඇවිත් perform කරල select වෙන්න පුලුවන් , පහසුමක් තියන centers තිබ්බනම් කිසිම කෙනෙක් හැලෙන්නෙත් නෑ . පගාවට එක එකා ස්කුල් ටීම් වලට රිංග ගත්ත කියලා ප්‍රශ්නයකුත් නෑ . ඉස්කෝලෙන් තෝරල දෙන කට්ටියගෙන් තමයි දැන් ජාතික ක්‍රීඩකයන් තෝරගන්නේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,334
    8,940

    This is true shit

    U13 team sheet ekake inna un thawa 6 years walin 1st 11 balanakota inne 2,3iyi. godak un Cricket nawathala danawaa

    Dan godak unta ona CV ekata daganna wage seen ekake witharaiyi
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,876
    1
    12,634
    113
    Gotham City
    කොලබ ඉස්කෝල වල u13 ටීම් එකට පැනගන්න අමම්ලා තාත්තල සැහෙන ගේමක් දීල කොච් වල අල්ලාගෙන ලමයව ඇතුලට දාගන්නවා. දාගත්තට උන් ගොඩක් උන් 17 පහල වෙද්දී හැලිලා ක්‍රිකට් නවත්ල .

    This is true shit

    U13 team sheet ekake inna un thawa 6 years walin 1st 11 balanakota inne 2,3iyi. godak un Cricket nawathala danawaa

    Dan godak unta ona CV ekata daganna wage seen ekake witharaiyi
    Ape school eke mage age eke cricket gahapu ungen dennai place ekakata giye
    Anik un OL wenakan witharai cricket gahanne .godak welawata first 11 team eke inne e age eke un neme godak palleha ages wala top preform karana un
    Mokada first 11 weddi godak ewun halenawa
    Ekko exam fail ekko study walata concern karanawa
     
    • Like
    Reactions: acryan

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,822
    1
    8,013
    113
    Gampaha
    සිමා වෙනවා. දැන් හිතපන් කෑගල්ලේ ඉන්නව හොදට රගර් ගහන්න පුලුවන් , ආස එකෙක්. උගේ ඉස්කෝලේ රගර් නැත්නම් ඌට ආස උනාට කරන්න දෙයක් නෑ . උගේ ඉස්කෝලේ රගර් වලට එච්චර උනන්දුවක් නැත්නම් හරි පුහුණුවක් නැත්නම් ඌට ඉස්කෝලේ රගර් තිබ්බත් ඉස්සරහට යන්න බෑ .

    අනුරාධපුරේ ඉන්න හොදට ක්‍රිකට් ගහන්න පුලුවන් එකෙක් හිටියට ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එක ගහන්නේ ගොඩක් පහල ඩිවිෂන් එකක ක්‍රිකට් නම් ඉස්කෝලේ ක්රිට් හරි පුහුණුවක් නැත්නම් , ඉස්කෝලේ ටීම් එක perform කරන්නේ නැත්නම් ඌට ඉස්සරහට යන්න බෑ .
    නෑ එහෙම එකක් නෑ. ඒකට සාමාජෙට ඇවිත් බලන්න ඕනෙ. ඔහොම හිතලු කියල වැඩක් නෑ. රගර් ගහන්න පුලුවන් නම් රගර් ගහන ස්කූල් එකකින් පුරප්පාඩුවකට ඇතුලත් වෙන එක හරිම ලේසි වැඩක්. අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඌට වෙස් නටල හොදට බෙර ගහන්න පුලුවන් වෙලා ලන්කාවෙ ජනප්‍රියම පාසලකින් ගත්ත. පොරට ඕලෙවල් රිසාල්ට් එකෙන් ඒ ස්කෝලෙට හිතන්නවත් බෑ. ඔය වගේ ක්‍රීඩා පුලුවන් නම් ඒ ක්‍රීඩාව තියෙන ස්කෝල වලට පැනගන්න පුලුවන් ගේමක් නැතුව.

    කොලබ ඉස්කෝල වල u13 ටීම් එකට පැනගන්න අමම්ලා තාත්තල සැහෙන ගේමක් දීල කොච් වල අල්ලාගෙන ලමයව ඇතුලට දාගන්නවා. දාගත්තට උන් ගොඩක් උන් 17 පහල වෙද්දී හැලිලා ක්‍රිකට් නවත්ල .
    උබ නොදන්න දෙයක් බන් කියවන්නෙ. ප්‍රධාන පෙලේ ස්කෝලවල ක්‍රිකට් ගහන්නෙ ගොඩක්ම ඒක ආභරනයක් කරගන්න. ඒ වගේ ජප්‍රියතාවයට. තාත්තට පුතා ටීම එකේ ඉන්නව කියන එකතරම් තවත් දෙයක් නෑ. ඊට පස්සෙ උන්ට ක්‍රිකට් ගහන්න උවමනාවක් නෑ. ටීම් එකට ඇවිත් එතනින් ගොඩ යන මානසිකත්වයක් නෑ.
     
    • Like
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක
    නෑ එහෙම එකක් නෑ. ඒකට සාමාජෙට ඇවිත් බලන්න ඕනෙ. ඔහොම හිතලු කියල වැඩක් නෑ. රගර් ගහන්න පුලුවන් නම් රගර් ගහන ස්කූල් එකකින් පුරප්පාඩුවකට ඇතුලත් වෙන එක හරිම ලේසි වැඩක්. අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඌට වෙස් නටල හොදට බෙර ගහන්න පුලුවන් වෙලා ලන්කාවෙ ජනප්‍රියම පාසලකින් ගත්ත. පොරට ඕලෙවල් රිසාල්ට් එකෙන් ඒ ස්කෝලෙට හිතන්නවත් බෑ. ඔය වගේ ක්‍රීඩා පුලුවන් නම් ඒ ක්‍රීඩාව තියෙන ස්කෝල වලට පැනගන්න පුලුවන් ගේමක් නැතුව.

    උබ නොදන්න දෙයක් බන් කියවන්නෙ. ප්‍රධාන පෙලේ ස්කෝලවල ක්‍රිකට් ගහන්නෙ ගොඩක්ම ඒක ආභරනයක් කරගන්න. ඒ වගේ ජප්‍රියතාවයට. තාත්තට පුතා ටීම එකේ ඉන්නව කියන එකතරම් තවත් දෙයක් නෑ. ඊට පස්සෙ උන්ට ක්‍රිකට් ගහන්න උවමනාවක් නෑ. ටීම් එකට ඇවිත් එතනින් ගොඩ යන මානසිකත්වයක් නෑ.
    මමත් නාලන්දේ අවුරුදු දෙකක් ක්‍රිකට් ගහපු එකෙක් බන්. මම ඔය ස්කුල් ක්‍රිකට් ටීම් වලට තෝරන එක හොදට දන්නා නිසා කියන්නේ.

    ඉතින් බන් එහෙම අනවශ්‍ය උන් ටීම් එකට ගියාම හැකියාවක් තියන ආසාව තියන පොඩි එකෙකෙක්ට උගේ ආසාව තියන කාලේ ටීම් එකට තේරෙන්න බැරි වෙන එකෙන් ඌ ක්‍රිකට් වලින් ඈත් වෙන්ව.
    අර අම්මලා තාත්තල ගේ උවමනාවට පොඩි කාලෙම ටීම් එකට පැනපු උන් ටිකක් කල් ගිහින් නවත්තනවා. ඉන්න උන්ගෙන් හොදම උන් ටික ෆස්ට් xi ටීම් එක වෙන්කන් යනවා.
    ක්‍රිකට් හොදට පුලුවන් , ක්‍රිකට් ආස ගොඩක් උන් ඒ ආසාව හිතෙන අත් අරිනවා ස්කුල් ටීම් එකට යන්න බැරි වෙචච නිසා.

    එක තමයි කියන්නේ ස්කුල් සිස්ටම් එකකින් විතරක් ක්‍රීඩකයෝ තෝරාගන්න බෑ කියලා.

    නෑ එහෙම එකක් නෑ. ඒකට සාමාජෙට ඇවිත් බලන්න ඕනෙ. ඔහොම හිතලු කියල වැඩක් නෑ. රගර් ගහන්න පුලුවන් නම් රගර් ගහන ස්කූල් එකකින් පුරප්පාඩුවකට ඇතුලත් වෙන එක හරිම ලේසි වැඩක්. අපේ නෑදෑ මල්ලි කෙනෙක් ඌට වෙස් නටල හොදට බෙර ගහන්න පුලුවන් වෙලා ලන්කාවෙ ජනප්‍රියම පාසලකින් ගත්ත. පොරට ඕලෙවල් රිසාල්ට් එකෙන් ඒ ස්කෝලෙට හිතන්නවත් බෑ. ඔය වගේ ක්‍රීඩා පුලුවන් නම් ඒ ක්‍රීඩාව තියෙන ස්කෝල වලට පැනගන්න පුලුවන් ගේමක් නැතුව.
    නැටුම් කියන එක හැම ඉස්කෝලෙම තියන තනි තනි දක්ෂතා දක්වන්න පුලුවන් දෙයක් බන්.

    ක්‍රීඩාව කියන එක කණ්ඩායම් දෙයක්. උගේ ඉස්කෝලේ ඒ ක්‍රීඩාවට අවදානය නැත්නම් ඌට ඉස්සරහට යන්න බෑ .

    කොලබ ඉස්කෝල තිබ්බට හැම ඉස්කෝලෙම එක වගේ රගර් නැත්තේ ඇයි ?
    උබ කියන්නේ ඒ ඒ ඉස්කෝල වල උන්ගේ රගර් වලට විශේෂ දක්ෂතා තියනවා කියලා ද ?
    ඒ ඒ ඉස්කෝල රගර් වලට වැඩි බරක් දෙනවා. හොද පුහුණුවක් දෙනවා . ඒකයි විශේෂ පහසුකම් අවදානය තියන ඉස්කෝල ටිකකින් ක්‍රීඩකයෝ මතු වෙන්නේ. ඉස්කෝලේ සපෝර්ට් එකක් නැත්නම් කොච්චර දක්ෂ එකෙක් උනත් ඌට උඩට යන්න බෑ .
    ------ Post added on Nov 29, 2023 at 11:44 PM
     
    • Like
    Reactions: $onny

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,822
    1
    8,013
    113
    Gampaha
    මමත් නාලන්දේ අවුරුදු දෙකක් ක්‍රිකට් ගහපු එකෙක් බන්. මම ඔය ස්කුල් ක්‍රිකට් ටීම් වලට තෝරන එක හොදට දන්නා නිසා කියන්නේ.
    උබ කියන ඒව කිසිම ගැලපීමක් නැති පරස්පරවිරෝධී දේවල් නෙ බන්. මෙතන අවුල සල්ලිවලටයි බලයටයි යට වෙන එක මිසක් ස්කූල් ක්‍රිකට් එකේ අවුලක් නෑ. කෝච්ල සල්ලිවලට යටවෙන එක නැවත්තුව නම් ස්කූල් ක්‍රිකට් වල ප්‍රශ්නෙ ඉවරයි. කාටහරි දක්ශතාවයක් තියෙනවා නම් ඒක තමන්ගෙ පාසලේ කරගන්න බැරි නම් පුලුවන් ස්කෝලෙකට මාරු වෙන්න ඕනෙ. ඒකට පවතින සිස්ටම් එකේ ඕනෙ තරම් අවස්තාව තියෙනව. බෑ නෑ කියන එවුන් ඕකත් හරියට නිකන් බොරු නවනිපැයුම් කාරයො වගේ ආන්ඩුවට බැන බැන ඉන්නව. ඊලගට තනි දක්ශයෙක් හිටියත් ඇති. ටීම් එකක් ගොඩ යන්න ඕනෙ නෑ. ස්කූල් ක්‍රිකට් බිම් මට්ටමෙන් ස්ටැට්ස් මේන්ටෙන් වෙනව. ස්ටැට්ස් තියෙනව නම් කල්බ් ගහන්න පුලුවන් ගේමක් නැතුව. ඔය මුකුත් නොකර අරක නෑ මේක නෑ කියන සීන් එකක් තියෙන්නෙ.
     
    • Like
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    57,246
    145,629
    113
    එකමත් එක රටක
    උබ කියන ඒව කිසිම ගැලපීමක් නැති පරස්පරවිරෝධී දේවල් නෙ බන්. මෙතන අවුල සල්ලිවලටයි බලයටයි යට වෙන එක මිසක් ස්කූල් ක්‍රිකට් එකේ අවුලක් නෑ. කෝච්ල සල්ලිවලට යටවෙන එක නැවත්තුව නම් ස්කූල් ක්‍රිකට් වල ප්‍රශ්නෙ ඉවරයි. කාටහරි දක්ශතාවයක් තියෙනවා නම් ඒක තමන්ගෙ පාසලේ කරගන්න බැරි නම් පුලුවන් ස්කෝලෙකට මාරු වෙන්න ඕනෙ. ඒකට පවතින සිස්ටම් එකේ ඕනෙ තරම් අවස්තාව තියෙනව. බෑ නෑ කියන එවුන් ඕකත් හරියට නිකන් බොරු නවනිපැයුම් කාරයො වගේ ආන්ඩුවට බැන බැන ඉන්නව. ඊලගට තනි දක්ශයෙක් හිටියත් ඇති. ටීම් එකක් ගොඩ යන්න ඕනෙ නෑ. ස්කූල් ක්‍රිකට් බිම් මට්ටමෙන් ස්ටැට්ස් මේන්ටෙන් වෙනව. ස්ටැට්ස් තියෙනව නම් කල්බ් ගහන්න පුලුවන් ගේමක් නැතුව. ඔය මුකුත් නොකර අරක නෑ මේක නෑ කියන සීන් එකක් තියෙන්නෙ.
    ලංකාවේ තියන හැම ඉස්කෝලෙම ටීම් වලට තේරෙන එක සල්ලි වලට බලයට යට වෙන්නේ නැතුව කරන එක කරන්න පුලුවන් දෙයක් නෙවෙයි බන්.
    කරන්න තියෙන්නේ ස්කුල් සිස්ටම් එකක් මත depend වෙන්නේ නැතුව ඕන කෙනෙක්ට ඇවිත් perform කරල තේරෙන්න පුලුවන් තැනක් තියන එක.
    එතකොට තමන්ගේ ඉස්කෝලේ ක්‍රිකට් මොන මට්ටමේ තිබ්බත්, තමන්ගේ ඉස්කෝලෙන් ක්‍රීඩාවට මොන විදියේ බරක් දුන්නත් නැතත් ඕනකමයි ආසාවයි හැකියාවයි තියන ඕන පොඩි එකෙක්ට ඉස්සරහට යනන සමාන චාන්ස් එකක් තියනව.

    දැන් එහෙම නැති නිසා තමයි මීගමුවේ ඉදන් මාතර වෙනකන් තීරුවේ යි + නුවරයි ඉස්කෝල වලින් විතරක් national ටීම් එකට ක්‍රීඩකයෝ එන්නේ.. හේතුව ඒ ඉස්කෝල වල ක්‍රිකට් වලට අවදානය දෙනවා ගොඩක් , හොද පුහුණුවක් දෙනවා , උඩ division වල ගහන්නේ , ටීම් විදියට perform කරල ටුනම්න්ට් වලට හැමදාම ඉස්සරහට යනවා..
    ඉතින් ඒ ටීම් වල ඉන්න උන් නිකන්ම උඩට මතු වෙන්ව.

    ඈත ගමක ක්‍රිකට් වලට කිසි අවදානයක් දෙන්නේ නැති ඉස්කෝලෙක ඉන්න පොඩි එකෙක්ට උගේ ඉස්කෝලේ ක්‍රිකට් එකට සිමා වෙලා ඒ හීනෙ හිතෙන අයින් කරන්න වෙන්ව.

    ස්කුල් ස්ටට්ස් එච්චර වැඩක් නෑ බන් . division වලට බෙදල තියෙන්නේ ඉස්කෝල ටික . ඉතින් ඒ ඒ division එක දිහා බලන විදියත් වෙනස් . අනිත් එක තමන්ගේ ඉස්කෝලේ හරි හමන් පුහුණුවක් නැත්නම් , තමන්ගේ ඉස්කෝලේ කණ්ඩායමක් විදියට perform කරන්නේ නැත්නම් ඒ කන්ඩායමකින් හොද එකෙක්ට ඉස්සරහට මතු වෙන්න බෑ .
    සමහර ඉස්කෝල තියනව ක්‍රිකට් නෑ . උන්ට ඒ ආසාව නිකන්ම අත්හරින්න වෙන්ව.