කොහොමද බයියො ටොයියගෙ අයවැය

shiwankaswe

Well-known member
  • Apr 30, 2007
    7,560
    633
    113
    Colombo Sri Lanka
    කොහොමද බයියො ටොයියගෙ අයවැය

    කොහොමද බයියො ටොයියගෙ අයවැය
    “රනිල් කියන්නේ අවාසනාවන්ත නායකයෙක්. මිනිහට හැම වෙලාවේම රටේ බලය එන්නේ රට අඩියට වැටුණු වෙලාවට……”
    මෙහෙම කිව්වේ යූ.ඇන්.පි.යේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙකි. ඔහු මේ කතාව කීවේ රටේ ආර්ථිකය ඉවරයි කියල රනිල්ටත් මුදල් ඇමැති රවීටත් එරෙහිව හතර වටින් චෝදනා එද්දීය.
    “යූ.ඇන්.පි.ය එනකොට ආර්ථිකය නඟිනවා කිව්වා. කෝ මුකුත් නැහැ”
    පහුගිය මාසයට දෙකට ව්‍යාපාරිකයන් කීවේ එහෙමය.
    “රනිල් මහ ලොකු පරිපාලකයෙක් කීවා. රවී චාටඩ් එකවුන්ටන්ට් කෙනෙක් කීවා. කෝ ආණ්ඩුවට සල්ලි නැහැ…..”
    මෙහෙම කියන්න පටන් ගත්තේ යූ.ඇන්.පී.කාරයින්මය.
    හැබැයි මේ කාටවත් පී.බී. ජයසුන්දරයි රාජපක්ෂ පවුලයි ආර්ථිකයට කරල ගිය වින්නැහිය තේරුම් ගොස් තිබුණේ නැත. ඇත්තටම මහින්ද වසර දෙකක් තිබියදී හදිසි ජනාධිපතිවරණයකට ගියේ මහින්දගේ ජේ‍යාතිෂවේදී සුමනදාස අබේගුණවර්ධනගේ උපදෙස් මතය යන්න ජනප්‍රිය කතාවකි. ඇත්ත කතාව නම් මහින්ද හදිසි ජනාධිපතිවරණයකට ගියේ පී.බී.ගේ උපදෙස් මතය. පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයන්ට පමණක් නොව හමුදාවට මස් මාංශ දෙන කොන්ත්‍රාත්කාරයන්ටත් මාස හත අටකින් සල්ලි ගෙවල තිබුණේ නැත. සමහර කොන්ත්‍රාත්කාරයන්ට අවුරුද්දකින් සල්ලි ගෙවල තිබුණේ නැත. වෙනකක් තබා අද මහින්ද එක්ක නැඟිටින්න යන විමල් වීරවංශට ගම්උදා ගෙවල් ප්‍රතිසංස්කරණයකටවත් සල්ලි දීලා තිබුණේ නැත.
    “පී.බී. කියන්නේ ආර්ථික ඝාතකයෙක්. එයාගෙ කටේ තියෙන්නේ සල්ලි නැහැ කියන එක විතරයි………..”
    විමල් එදා රටටම ඇහෙන්න ආඩපාළි කීවේ එහෙමය. පී.බී. සල්ලි නැහැ කීවේ බොරුවට නොවේ. ඇත්තටය. භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කළේ පී.බී.ය. ඒ රාජපක්ෂ පවුලට ඕන විදිහට චීනයේ එක්ෂිම් බැංකුවේ ගිනි පොළියට ගුවන් තොටුපළවල් වරායවල් හදන්න ගිහිල්ලාය. භාණ්ඩාගාරයේ සල්ලි හිස් වී ආර්ථිකය හොම්බෙන් යන්න වැටෙනකොට පී.බී. බයවෙලා මහින්දට කිව්වේ හදිසි ජනාධිපතිවරණයකට යන්න කියලාය. හේතුව ඔහුට භාණ්ඩාගාරයෙන් රට දුවවන්න සල්ලි නැති නිසාය.
    “සර් තව අවුරුදු දෙකකින් ජනාධිපතිවරණයකට ගියොත් කන්න බොන්න නැතිව මිනිස්සු ගල් ගහයි…….”
    පී.බී. මහින්දට එහෙම කිව්වාද දන්නේ නැත. මහින්ද හදිසි ජනාධිපතිවරණයට ගියේ පී.බී.ගේ උපදෙස් මත විය යුතුය. මහින්ද හදිසි ජනාධිපතිවරණයකට යෑමෙන් මහින්දට ජනාධිපතිකම නැති විය. හැබැයි ආර්ථිකය කෑවා කියන නරක නාමයෙන් බේරෙන්න පුළුවන් විය.
    ඒ නරක නාමය බේරාගන්න සිදුවුණේ මෛත්‍රිට සහ රනිල්ටය. හිස් වුණ භාණ්ඩාගාරයකින් රට දුවවන්නේ කොහොමද කියා ඔවුන්ට හිතන්න සිදු වී තිබිණි. හේතුව විමල් වීරවංගේ වචනවලින්ම කියනවා නම් ඔවුන්ට හිමි වූයේ පී.බී. නමැති ආර්ථික ඝාතකයා ඝාතනය කළ රටකි. ඝාතනය කරපු ආර්ථිකයට පණ දෙන්න බැරිය. ඒත් මෛත්‍රි සහ රනිල් රවීද සමඟ එක්ව අමාරු වැඩේට අත ගැසූහ.
    2001දී රනිල්ට හම්බ වුණේ එවකටත් මුදල් අමාත්‍යාංශ ලේකම් පී.බී. සෘණ කරපු ආර්ථිකයකි. ඒ වෙනකොට ගුවන් තොටුපළට එන ගුවන් යානා නතර කර තිබිණි. වරායට එන නැව් නතර වී තිබිණි. හේතුව කොටි ප්‍රහාර නිසා රක්ෂණ ගාස්තු වැඩි කොට තිබූ නිසාය. රනිල් කිව්වේ මට කටු අත්තක මල් පුබුදන්න වෙලා කියාය. රනිල් එය කළේය. සෘණ ආර්ථිකය ධන වෙලා හරි පාරට එද්දීම චන්ද්‍රකා ආණ්ඩුව විසුරුවා හැරියාය. එතැනින් එහාට රටේ ආර්ථිකය ශක්තිමත් වී ජනතාවට සහන ලැබී රනිල් ජනාධිපති පුටුවේත් වාඩිවෙනු ඇතැයි යන බියෙන් චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. චන්ද්‍රිකා 2005 අය-වැයෙන් ජනතාවට සහන දුන්නේ රනිල් හදපු ආර්ථිකය නිසාය. 2005 ජනාධිපති වූ මහින්දට යුද කරන්න සල්ලි තිබුණේ රනිල් හදපු ආර්ථිකය නිසාය.
    1994දී එ.ජා.ප. ආණ්ඩුව ගෙදර යන විට චන්ද්‍රිකාට භාර දුන්නේ ශක්තිමත් ආර්ථිකයක් සහ හිස් නොවූ භාණ්ඩාගාරයකි. පොදු පෙරමුණු ආණ්ඩුවේ වැරැදි ආර්ථික කළමනාකරණය නිසා 2001දී ආර්ථිකය සෘණ විය. රනිල් යළි සෘණ වූ ආර්ථිකය භාරගෙන ධන කොට චන්ද්‍රිකාට භාර දුන්නේය. චන්ද්‍රිකා එය මහින්දට භාර දුන්නාය. මහින්ද යළි ආර්ථිකය චීනයේ එක්සිම් බැංකුවට උකස් කළේය. උකස් කරල විමල්ගේ වචනවලින්ම ආර්ථිකය ඝාතනය කළේය.
    හදිසි ජනාධිපතිවරණයට යන්න පෙර 2015 අය-වැය ඉදිරිපත් කරද්දී මහින්දට ඡන්දය දිනන්න ලොකු සහන දෙන්න බැරි වුණේ භාණ්ඩාගාරය හූරාකාලා තිබූ නිසාය. මහින්ද එදා අය-වැය ඉදිරිපත් කරමින් කීවේ කොහොමද බයියාගේ අය-වැය කියාය. මහින්ද ජනාධිපතිවරණය දිනා 2016 අය-වැය ඉදිරිපත් කළා නම් ජනතාවට වෙන්නේ බඩ පටි තද කරගන්නටය. තමන් ආර්ථිකය ඝාතනය කරල තිබෙන හැටි දන්නා මහින්දත් ඔහුගේ ගෝල බාලයිනුත් හිතුවේ මෙවර යහපාලන අය-වැය මිනිස්සුන්ට පාන් කියා ගන්න බැරි අය-වැයක් වේය කියාය.
    ඒත් මේ මාස කීපයට මෛත්‍රි-රනිල් සහ රවී ඝාතනය වූ ආර්ථිකයට පණ දුන්හ. මෙවර ජනතාවගේ බඩ පටි තද නොවන අය-වැයක් ආවේ ඒ නිසාය. පහුගිය මාස දෙක තුනේ මෛත්‍රි-රනිල් රවී ආර්ථිකය කනවාද මන්දා කිව්ව යූ.ඇන්.පී.කාරයන්ටම දැන් පපුව ටික් ඉස්සරහට දමල මෙහෙම කියන්න ගටක් ඇවිත් තිබේ.
    “බයියෝ කොහොමද ටොයියන්ගේ අය-වැය?”

    උපුල් ජෝෂප් ප්‍රනාන්දු