කොහොමද වැහි කුණාටුව....
සිකුරාදා ඒ කියන්නේ නොවැම්බර් 6 වැනිදා දහවල් කාලයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රසිද්ධ බොන්ඩි වෙරළට ඉහල අහස විශාල වැහි කුණාටුවකින් වැසි ගියා. විශාල වලාකුලකින් නිල් අහස වැසීගෙන යන දර්ශනය වෙරළ ආසන්නයේ සිටි බොහෝ දෙනා භියගන්වන මෙන්ම පුදුමයට පත් කරන දර්ශනයක් වුණා. මේ විශාල වැහි කුණාටුව පිළිබඳව මහජනතාවට දැනුම් දෙන්න එතරම් අවශ්‍ය වුනෙත් නෑ. වැහි වළාකුලේ ප්‍රමාණයෙන් ම ඒ ගැන හිතාගන්න පුළුවන් වුණා. කොහොවුණත් ඕස්ට්‍රේලියාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ධාරානිපාත වර්ෂා සහ ප්‍රබල සුළං තත්ව ඇති කරන කුණාටුවක් එන බවට මහජනතාවට දැනුම් දීමක් කර තිබෙනවා.
මේ අවස්ථාව සියැසින් දුටු බොහෝ දෙනෙක් මෙහි අපූරු ඡායාරූප සහ වීඩියෝ දර්ශන සමාජ ජාල වෙබ් අඩවි වලට එක් කළා.