Answered කොහොමද හොඳ demand එකක් තියන වගේම low competition වෙන Amazon affiliate niche and site හොයාගන්නේ ?

jay_ezine

Junior member
  • Apr 18, 2011
    21
    57
    13
    අද guide එක ඒ ගැන. ටිකක් දිග වෙයි මේක. ඒ වගේම පහලින් දාන images වල උදවු ඕන වේවි මේක තේරුම් ගන්න.

    මුලින්ම මෙන්න මේ කියන tools ටික ඕන කරනවා මේකට.

    1. Ahrefs account එකක්. (ගැටළුවක් කරගන්න එපා මේක. කවුරුහරි මේ tool එක තියන එක්කෙනෙක් initial sites list එක filter කරගත්තට පස්සේ කැමතිනම් අනිත් අයටත් ඒ list එක දෙන්න.)
    2. තියනවානම් Ahrefs chrome extension එක.
    3. එහෙමත් නැතිනම් MOZ bar + seoquake extension එක.
    4. SEMrush free account එකක් (traffic බලන්න seoquake එකට link කරන්න ඕන හින්දා)

    මම පෞද්ගලිකව කැමති Moz bar + seoquake use කරන්න. හේතුව, Ahrefs ලගේ DR එකට වැඩිය මට හුරු වෙලා තියෙන්නේ MOZ ලගේ DA එක. ඒ වගේම ahrefs ලගේ traffic count එකට වැඩිය මට SEMrush ලගේ traffic count එක හුරුයි. ඔයාලට කැමති එකක් use කරන්න පුළුවන්.

    THEORY BEHIND THIS METHOD

    මේ part එක කියවන්නේ නැතිව ඕනෙනම් ඔයාලට කෙලින්ම practical part එකට යන්න පුළුවන්.

    මේකට පාදක වෙලා තියෙන්නේ මෙන්න මේ සරල theory එක. ඔයාල දැකල ඇති ඕනෑම amazon affiliate site එකක affiliate link එක උඩට mouse එක අරන් ගියහම ඒ link එක browser එකේ පහලින් පෙන්නනවා. හැබැයි කවදාවත් ඕනෑකමින් ඕක දිහා බලලා නෑ නේද. ඔය affiliate link එක directly Amazon site එකට යන්නේ නෑ. ඕක යන්නේ තව site එකක් හරහා (tracking domain ).

    මෙන්න මේ 01 image එක බලන්න
    1606667201901.png



    හරි. මෙන්න මේ affiliate tracking domain එක තමා “amzn.to (අනිත් affiliate networks වලට අදාලව වෙන වෙනම tracking domains තියනවා. ඒවා හොයාගත්තට පස්සේ ඔයාලට ඒවාටත් මෙන්න මේ theory එකම apply කරලා තව niches and sites ගොඩක් හොයාගන්න පුළුවන්.)

    හරි. Back to the theory. ඉතින් ඔයාලගේ affiliate link එක directly amazon එකට යන්නේ නෑ. අතර මැද්දේ තව එක්කෙනෙක් ඉන්නවා. ඔයාලගේ link එක point වෙන්නේ මෙන්න මේ “amzn.to” කියන site එකට. SEO පැත්තෙන් ගත්තොත් ඔයාලගේ affiliate link එක මෙන්න මේ “amzn.to” කියන site එකට backlink එකක් වෙනවා. මේ විදිහට Amazon affiliate කරන හැම කෙනාගෙම affiliate link එක “amzn.to” වලට backlink එකක් වෙනවා.

    අපි මේකෙදි කරන්නේ මෙන්න මේ “amzn.to” වලට එන backlinks ටික (ඔයාලගේ affiliate links) ahrefs එකෙන් filter කරගන්නවා “1 link per 1 domain, Language - English, platform - Blogs “ කියන condition ටිකට අදාලව. ඒ filter වෙලා එන්නේ Amazon affiliate කරන sites set එකක්. ඔන්න ඕක තමා theory එක.
    හරි. දැන් අපි practically මේක කරන විදිහ බලමු.

    PRACTICAL PART.

    Ahrefs වල site explorer වලට “amzn.to” දාල ඔයාල එකේ backlinks කියන section එකට යන්න ඕන. ඒ ගිහින් මෙන්න මේ 02 වැනි image එකේ විදිහට filters ටික දාගන්න.

    1606667347040.png


    මේකෙදි අපි traffic eka 100 දෙන්න හේතුව තමා මේ affiliate link එකෙන් amazon එකට අඩුම 100 දෙනෙක්වත් එන්න ඕන කියන මතයේ ඉන්න ඕන එක. මේ අදාළ site එකේ traffic එක නෙමෙයි. ඒ link එකෙන් amazon එකට යන traffic එකයි filter කරලා ගන්නේ. මේ filters ටික apply වෙන්න ටික වෙලාවක් යයි. විනාඩි 5-8 යයි සමහර විට.

    ඊට පස්සේ මේ එන list එක DR එක 0 ඉඳන් එන විදිහට sort කරගන්න. එහෙම කරලා මේ list එක ahrefs එකෙන් export කරගන්න.

    දැන් තමා හොඳම හරිය පටන් ගන්න යන්නේ. බොහෝ විට දැන් ඔයාලට හම්බවෙලා ඇති Amazon affiliate කරන sites 9600 ක විතර list එකක්.

    දැන් අපිට මේකෙන් DA/ DR අඩු හොඳ traffic එකක් එන sites ටික filter කරගන්න වෙනවා. එකටනම් ඉතින් මම කරේ මේ හැම site එකම වෙන වෙනම open කරලා බලලා අනවශ්‍ය ඒවා අයින් කරපු එකයි. ඔව්. වෙලා යනවා ගොඩක්. ඒකටනම් ඉතින් කරන්න දෙයක් නෑ.

    update -

    ahrefs batch analysis වලින් ඔයාලට පුළුවන් එකපාර sites 200 දාල ඒවාගේ traffic එක අනුව ඒවා filter කරගන්න. මම පස්සේදී අනුගමනය කරේ ඒ method එක. ahrefs එකේ traffic එක 1000 ට වැඩි හැම site එකම වෙනම list එකකට ගත්තා. tool එකක ඒ වගේ traffic එකක් පෙන්නනවා කියන්නේ practically බොහෝ විට ඊට වඩා traffic එකක් site එකට එනවා.


    ahrefs නැතිව කරගන්න විදිහ පහලින් තියනවා.

    ඔයාල export කරගත්ත list එක excel sheet එකක ඇත්තේ. හොඳම දේ, මේ list එක Google sheet එකකට ගන්න එක. මම කරපු විදිහ කියල දෙන්නම්.

    ඔයාල කලින් SEOquake extension එක දාගත්තනේ. ඒකෙ settings ටික මෙන්න මේ 03 වෙනි image එකේ විදිහට හදාගන්න.

    1606668444103.png


    ඒක ලේසියි site එකට එන traffic එක බලාගන්න. මේ වෙද්දී ඔයාල SEMrush free account එකක් හදල, ඒක SEOquake එකට link කරලා තියෙන්න ඕන. settings ටික හදාගන්න ඔයාල SEOquake එකේ settings වලට ගිහින්, preferances වලට ගිහින්, SEOBAR කියන section එකට ගිහින් Parameters වල “SEMrush SE Traffic” කියන එක ඇරෙන්න අනිත් ඒවා untick කරගන්න. හේතුව මේ වෙලාවේදී අපට මේක ඕන වෙන්නේ traffic බලාගන්න විතරයි.

    Google sheet එකේ තියන sites 10ක් මම එක පාරකට open කරගන්නවා. ඒක කරන්න ලේසිම විදිහ තමා links ටික select කරලා “Alt+Enter” press කරන එක. පහල image එක බලන්න.

    1606668603849.png



    එතකොට ඒ sites 10 ම new tabs 10කින් open වෙනවා. ඊට පස්සේ ඒ sites වල DA and Traffic බලල මට හොඳයි කියල හිතෙන sites ටික වෙනම list එකකට ගන්නවා. Traffic එක 3K වගේ පෙන්නුවත් මම ඒවා list එකට ගන්නවා. ඒ වගේම තම කොයි තරම් traffic තිබුනත් මට set වෙන්නේ නැති niche එකක්නම් මම ඒක අතාරිනවා.

    ඔයාලගේ කැමැත්ත අනුව traffic එක niche එක තීරණය කරන්න. වැදගත් වෙන්නේ මුල් steps ටිකයි.

    කම්මැලි නැතිව මේක කරලම බලන්න වෙනවා. ඔයාලට හිතෙයි අපි නොහිතපු, ඒ උනත් මිනිස්සු හොයන, ගොඩක් traffic ගෙන්න ගන්න පුළුවන්, low competition niches කොච්චර තියනවද කියල….. මම මේකෙදි කිවුවේ Amazon affiliate sites ගැන විතරයි. අනිත් affiliate networks වලත් tracking domain එක හොයාගෙන මේක කරලා බලන්න ඔයාලට පුළුවන්.

    මේ තියෙන්නේ මම තෝරාගත්ත niche list එක. සම්පුර්ණ site list එකෙන් මම ahrefs traffic එක 5000 ට වැඩි, DR/ DA 30 ට අඩු sites 322 තෝරාගෙන ඒවා niche අනුව වර්ග කලා. මේ සමහර niche වලට අදාලව sites කීපයක් තියනවා. සමහර ඒවටනම් මම තෝරාගත්තේ එක site එකයි. sites 322 න් 23 ක් තියනවා DA 25-30 අතර. අනිත් සේරම sites DA 25 ට අඩු ඒවා.

    1606669090176.png


    මොනවද කරන්න පුළුවන් මෙහෙම කරලා ?

    මෙහෙම filter කරලා ගන්න sites වලින් ඔයාලට පුළුවන් ඒවාගේ keywords filter කරලා අරන් ඔයාගේ site එකට use කරන්න. තව පුළුවන් ඒ keywords use කරලා ඒ similar DA range එකේ same niche එකේ තව sites හොයාගන්න. හොයාගෙන ඒවගෙත් keywords filter කරලා ඔයාගේ site එකට use කරන්න පුළුවන්. නැතිනම් ඒ domain එක use කරලත් පුළුවන් similar web හරි ahrefs හරි වෙන tool එකක් use කරලා හරි similar range එකේ same niche එකේ competitor sites හොයාගන්න.

    එහෙමත් නැතිනම් ඔයාලට පුළුවන් මේ sites වල contents analyse කරලා බලලා ඔයාලගේ contents කොහොමද එන්න ඕන කියලා idea එකක් ගන්න.

    Note -

    මෙහෙම analyse කරද්දී මම දැකපු දෙයක් තමයි backlinks අඩුවෙන් rank වෙලා තිබුන sites ගොඩක් "incomeschool" කියන youtube channel එක/ course එක follow කරලා හදපු sites කියන දේ. ඒ sites use කරලා තිබුණේ incomeschool එකෙන් දෙන theme එක. ඒ theme එක ගොඩක් වෙලාවට use කරන්නේ incomeschool follow කරන අයම තමයි.


    මේ විදිහට කරලා මම හොයාගත්ත sites කීපයක images ටිකකුත් දාන්නම්...

    1606669615776.png


    1606669669168.png


    1606669693391.png


    1606669708693.png



    Last Note -

    මේ ටික කරගන්න බැරි කෙනෙක්ට (Tools නැතිව හෝ වෙලාවක් නැතිව) මම filter කරපු complete list එකම දෙනවා Rs 2000 කට. කැමති කෙනෙක්ට ගන්න පුළුවන්. නැතිනම් ඔයාලටම කරලා බලන්න පුළුවන්. මෙන්න මේ ටික තියනවා ඒකෙ.

    1. sites 9600 ක list එකක්.
    2. Traffic එක 1000 ට වැඩි sites 5000 ක list එකක්.
    3. niches 171 ක list එකක්.
    4. ඒ niches 171 ට අදාළ sites 322 ක list එකක්.
    5. ඒ sites 322 න් filter කරපු keywords 112817 ක list එකක්.

    කැමති කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න. නැතිනම් telegram වලට message එකක් දාන්න (@jayezine)..


    ඔයාලගේ අදහස් comment කරන්න. මේක වැදගත් කියල හිතෙනවානම් ඔයාලගේ යාළුවොත් එක්ක share කරගන්න.
     

    Attachments

    • 1606669645712.png
      1606669645712.png
      95.2 KB · Views: 130

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    Nice bro, TFS... But හුගක් සයිට්ස් වල hidden PBNs වගේ එවා තියනවා. blackhat link building layer එකක් aniwa තියනවා, ඒක හොයාගන්න තිබ්බනම් ගොඩ. කට්ටියට පුලුවන්නම් Indian,Bangladesh කාරයෝ කරන affilate sites වලින් අයින් වෙලා වැඩේ කරගන්න. එතකොට තවත් ranking easy වෙයි. GL
     
    • Like
    Reactions: jay_ezine

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    amazone affiliatesලට ගෙවන ගාන එන්න එන්නම අඩු වෙනව. දැන් ඔකට මහන්සි වෙන එකෙන් ලොකු ලාබයක් ගන්න අමාරුයි. වෙන ඇඩ් නෙට්වර්ක් එකක් රන් වෙන සයිට් එකකට Amazon ඇෆිලියෙට් ලින්ක්ස් දාල තිබ්බට නම් අවුලක් නෑ. ( මේක මගේ අදහස විතරයි machn no offense )
     

    jay_ezine

    Junior member
  • Apr 18, 2011
    21
    57
    13
    amazone affiliatesලට ගෙවන ගාන එන්න එන්නම අඩු වෙනව. දැන් ඔකට මහන්සි වෙන එකෙන් ලොකු ලාබයක් ගන්න අමාරුයි. වෙන ඇඩ් නෙට්වර්ක් එකක් රන් වෙන සයිට් එකකට Amazon ඇෆිලියෙට් ලින්ක්ස් දාල තිබ්බට නම් අවුලක් නෑ. ( මේක මගේ අදහස විතරයි machn no offense )
    Me guide eka mchn untouched easy niches hoyagannat ekkayi. Adsense walata unat no issue.
     
    • Like
    Reactions: U-tag and DGN

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වටිනවා.

    හැබැයි සමහර sites වල amaz.to නැතුව custom links cloaking කරනවා. Eg: https://elakiri.com/out/amazon. එතකොට ඔහොම track වෙනවා අඩුයි නේද?
     
    Last edited: