උබ ඔය ඉන්න විදියටම සද්ද නැතිව හිටපන් මුකුත් නොදන්නව වගේ..
උබ ඔක්කොම දන්නව කියල ඒකිට ඔප්පු කරලා පෙන්නුවහම උබට පාඩු දෙකක් වෙනව එකක් උබට ඔෆිස් එකේ ඒකි එක්ක එකට වැඩකරන්න බැරි වෙනව. අනික බන් ඔහොම දෙපැත්තටම ඉන්න උන් ගෙන් උබට පස්ස්ට ප්‍රයෝජනයක් ගන්න පුලුවන් ඒ සෙට් වෙලා ඉන්න එකා දාල ගියහම උබට සෙට් වෙන්න පුලුවන්.
උබ ඔය වැරදි පෙන්නල දෙන්න යන එකෙන් පාඩුව වෙන්නෙ උබටමයි ඒකි සද්ද නැතිව උබ එක්ක කතා නොකර උබව ගනන් ගන්නේ නැතිව ඉදියි, කෙල්ලලන්ට එහෙම ඉන්න පුලුවන් පස්සෙ මෙතන නහයෙන් අඩාගෙන එන්න එපා අරකි වැරැද්ද කරලත් හෙන ලොකු කම මාත් එක්ක හිනාවෙන්නවත් නෑ කියලා.
උබට ඔතන රස්සවත් එපා වෙයි. අනික ඕකිට වැරැද්ද පෙන්නලා දීලා උබ ඒකිව බදින්නේ නෑ නේ, සද්ද නැතිව මුකුත් දන්නෙ නෑ වගේ හිටපන් සමහර විට ඒක පරන ලවු එක දැන් බ්රේක් වෙන්න ලගයිද දන්නෙ නෑ පොඩ්ඩක් ඉවසලා ඉදපන්...
(කලින්ම කියන්න ඕනි මට කෙල්ලෙක් ඉදලම නෑ. ඒකපාර්ශවික ආදරයක් විතරයි තිබිලා තියෙන්නේ. ආදරේ ගැනයි කෙල්ලෝ ගැනයි කියන සමහර දේවල් වෙනස් ඇති)
මචං මේක තමයි හරිම උත්තරේ. උඹේ විදියට නම් දෙවනි option එක. මට තියෙන්නේ ඒකපාර්ශවික ආදරයක් හින්දා වෙච්ච අවුලක් විතරයි. ඒක මේ සිද්ධියට කෙලින්ම සමාන නෑ.
1. එයා මට කැමැත්තක් තිබ්බේ නෑ මම එයාට කැමති වුනාට.
2. අනික එයා මව රවට්ටලත් නෑ.
3. එයා මගේ යාළුවෙක් විතරයි.
ඒත් සමානකම තමයි මම එයාව රිද්දන්න පොඩි දේවල් ටිකක් කියපු එක.(ගොඩක් දේවල් එයාගෙ හොඳට කිව්වත් පොඩ්ඩක් එයාට රිදෙන්න කියලා එකපාරක් දෙපාරක් කියපු දේවල්). ඒකෙන් වුනේ එයා මගෙත් එක්ක තරහා වෙන්න තවත් එක හේතුවක් එකතු වුණ එක.
ඒකෙන් ලොකු පාඩමක් නම් ඉගෙන ගත්තා.
උඹ ඒ කෙල්ලට පොඩ්ඩක් හරි ආදරෙයි නම් ඒ කෙල්ලගේ හිත රිදෙන දෙයක් නම් කියන්න යන්නම එපා. මොකද උඹට පස්සේ එහෙම කියපු එක ගැන දුක හිතුනොත් උඹට සොරි වෙනවා නැති වෙන්නම. අනික උඹ කියපු වචන ආපහු ගන්න බෑ. ඒක එයාට හැමදාටම මතක තියෙනවා. අදටත් මම එයාට සොරි කිය කිය මැසේජ් දානවා. ඒත් ඒ කියපු වචන හින්දා එයා දැන් මාව යාළුකමෙනුත් හලලා ඉන්නේ. එයා හිත හදාගෙන ඒත් මම තාම නෑ. මට මටම සමාව දී ගන්න බෑ තාම.
ඔය දේවල් කිව්වා කියලා කිසිම සෙතක් වෙන්නේ නෑ. වෙන එකම දේ ඒ කෙල්ල ලැජ්ජා වෙන එක. ඊට පස්සේ උඹත් එක්ක තරහ වෙන එක.( කෙල්ලෝ වැරදි පිළිගන්න කැමති නෑ ගොඩක් වෙලාවට.) ඊට පස්සේ ඒ කෙල්ල හිත හදා ගනී.ගොඩක කෙල්ලෝ එහෙමයි ටක්ගාලා ෆික්ස් වෙනවා. ඒත් ඊට පස්සේ උඹට කෙලවෙන්න පටන් ගන්නවා. අයියෝ මම වැරැද්දක් කරාද වගේ එකක් හිතෙනවා. උඹ එහෙම කොච්චර කාලයක් දුක් වෙයිද කියන්න බෑ. ඒත් අර කෙල්ල ඒක අමතක කරලත් ඉවරයි. අනික මේ කියනවා වගේ උඹට වැඩ කරන එකත් එපාවෙයි.
බලපන් දැන් අන්තිමට වෙලා තියෙන්නේ උඹ කෙල්ලට රිද්දන්න ගිහින් උඹ ඒ කෙල්ලට වඩා සියපාරක් රිද්දා ගන්න එක.
අනික උඹට අර කියනවත් වගේ තව චාන්ස් එකක් එන්නත් බැරි නෑ. ඒ කෙල්ල කොයි වගේද කියලා හරියටම මීටරේට දාගන්න එක හැබැයි උඹේ වැඩක් සහ ඒ චාන්ස් එක ගන්නවද නැද්ද කියලා තෝරගන්න එකත් උඹ අතේ තමයි තියෙන්නේ.
රූල් එක තමයි උඹ කාට හරි ඇත්තටම ආදරෙයි නම් ඒ කෙනාගේ හිත රිද්දන දෙයක් ප්ලෑන් කරලා නම් කියන්න හිතන්නවත් එපා. මොකද ඒ කෙනාට රිදෙන්නෙ එකපාරයි නම් උඹට සියපාරක් වුනත් රිදෙන්න පුළුවන්. අනික පොඩ්ඩක් හරි උඹ ගැන කෙයා කරන කෙනෙක් නැති වෙනවා.
අන්තිමට උඹට කියන්න තියෙන්නේ කෙල්ලෙක් සනසන්න ඕන තරම් අය ඉන්නවා සහ ලස්සන නම් ඒ කෙල්ල පස්සෙ එන්න ඕන තරම් කොල්ලො ඉන්නව වගේම හොඳ කොල්ලෙක් බැඳගන්න එක කෙල්ලෙක්ට සිම්පල්. ඒත් කොල්ලෙක්ට ඒකේ අනිත් පැත්ත වෙන්නේ සමහර විට.
PS - සමහර කෙල්ලෝ නිකන් කොල්ලොන්ට කැමතී වගේ ඉන්න සීන් එකකුත් මම සමහර තැන්වල දැකලා තියෙනවා. ඒත් ලොකු ආදරයක් නෑ. Attraction එකක් විතරක් වගේ. හරියට 2nd චොයිස් එකක් වගේ. ස්ටෑන්ඩ්බයි කෙනෙක්ව තියා ගන්නවා වගේ. මෙයත් එහෙමද දන්නේ නෑ. කෝකටත් අර කොල්ලා ගැන හොයලා බලපං පුළුවන්නම් පොඩ්ඩක් අරයට දැනෙන්නේ නැතිවෙන්න. බ්‍රේකප් නම් උඹට සෙට් වෙයි. තාම තියෙන affair එකක් නම් පාඩුවේ අයින් වෙලා හිටපං.