කොළඹ කිව්වම ගොඩක් අය හිතන්නේ ආයි ඉතින් වෙන දෙයක් කියන්න නැහැ කොළඹ ගැන අල ගිය මුල ගිය ඔක්කොම දන්නවා කියලයි. ඇත්තටම අපි කොළඹ ගැන මොනවද දන්නේ? දන්නා දේට වඩා නොදන්නා දේ වැඩියි ද? පොර ටෝක් දුන්නට මෙලෝ දෙයක් දන්නේ නැද්ද? ගොඩක් අය මේකට උත්තර දෙනකොට දෙන්නේ තවුසන් ටෝක් වලින් තමා එහෙත් ඇත්තටම ඔබ කොළඹ ගැන මේ තොරතුරු දන්නවා නම් ඔබ රියල් පොරක්, එහෙම කියන්නේ අපිත් මේ තොරතුරු හොයාගත්තේ හරිම අමාරුවෙන් නිසා.
කොළඹ කියන්නේ?
වර්තමානයේ අපේ රටේ තියෙන නගර අතරින් වැඩිම වැදගත් කමක් උසුලන නගරය. ඒ වගේම ලංකාවේ දිස්ත්‍රික්ක අතුරින් ප්‍රමාණයෙන් කුඩාම දිස්ත්‍රික්කය කොළඹ වුනාට, එහි ජිවත් වෙන ජනගහනය, වෙළඳාම, ක්‍රීඩා, අධ්‍යාපනය, සෞඛ්‍ය, කලාව මේ වගේ හැම දෙයකින් ම කොළඹ නගරය මුල් තැන ගන්නවා.
කොළඹ නම හැදෙන්නේ
එදා සිංහලුන් කොළඹ හැඳින්වුයේ කොලොන් බා සහ කලන් තොට යනුවෙන්ලු. ඒ වගේම මොරොක්කෝ ජාතිකයින් කැලැන්බූ යනුවෙන් ද වහරා තිබෙන බව කියනවා. කැළණි ගඟ මුහුදට වැටෙන තැන නිසා කලන් තොට කියලා හැදිලා පසුව කොළඹ වුනා කියලත් කියනවා. ක්‍රිස්තියානි භක්තිකයින් විසින් මුහුද යනු රටේ සීමාවක් වූ නිසාත් කොලම්බස් ට ගෞරවයක් ලෙසත් නම් තබපු කෝලන් බෝ නම පසුව කොළඹ වුනා කියලත් කියනවා.
එත් රොබර්ට් නොක්ස් සහ බ්‍රිතාන්‍ය ජාතිකයින් ගෙඩි රහිත කොළ සහිත අඹ ගසක් පිහිටලා තිබුන නිසා කොළ අඹ යන්න කොළඹ වුනා කියන මතය සමාජය ඇතුලේ වඩාත් මුල් බැහැගෙන තියෙනවා.
ලන්දේසීන්ගේ කොළඹ නගරයේ ලාංජනයේ තියෙන්නෙත් සරුවට වැවූණු අඹ ගසක්.
කොළඹ වටේ ගම් වලට නම් වැටුණු හැටි
කොළඹට එහෙම නම හැදුනට කොළඹ වටේටත් නම් වැටුණු විදිහ ගැන අපුරු කතා ජන වහරේ පවතිනවා. මේ තියෙන්නේ එයින් කිහිපයක්.
1. කොල්ලුපිටිය
කොල්ලුපිටියට එම නම ලැබෙන්නේ දෙවැනි රාජසිංහ රජුගේ පුරාවෘත්තයක් ද සමඟිනුයි. දෙවැනි රාජසිංහ රජු බලයෙන් ඉවත් කරලා ඔහුගේ දොළොස් හැවිරිදි පුත්‍රයා රජකරවීමට සිංහල නිලමේවරු තුන්දෙනෙක් කරන කුමන්ත්‍රණය අවසාන වෙන්නේ ඉන් දෙන්නෙක් හිසගැසූම් කෑමත් සමඟින්. තමන්ගේ පන බේරාගන්නට ලන්දේසින් වෙතට යන අනික් නිලමේ තමයි අඹන්වෙල රාළ, ලන්දේසීන් විසින් මුහුදට අද්දර සරුසාර බිම් කොටසක් මුල් අයිති කාරයින්ගේ පැහැරගෙන අඹන්වෙල රාලව එහි පදිංචි කරවනවා. අඹන්වෙල රාළ එහි පොල් වගා කරමින් සැපවත් ජීවිතයක් ගත කෙරුවාලු. ඒ වුනාට කොල්ලා කා ගත් පිටිය කියලා ඒ අවට ගම්මු මේ ඉඩම හඳුන්වන එක නවත්තුවේ නැහැ. කොල්ල කා ගත් පිටිය කොල්ලුපිටිය වෙන්නේ අන්න එහෙමයි.
2. බම්බලපිටිය
ඒ වගේම බම්බලපිටිය හැදෙන්නත් හේතු විච්ච සිදුවීම වටා අපුරු කතාවක් තියෙනවාලු. ඒක තමා අදාළ ප්‍රදේශයේ ජම්බල ගහක් තිබුන බව. ජම්බල ගහ තිබු පිටිය, ජම්බල පිටිය හෙවත් බම්බලපිටිය වුන බවයි කියවෙන්නේ.
3. මරදාන
ඉස්සර “වැලි කතරක් බවට පත් වෙලා තිබුණු ප්‍රදේශය” යන තේරුමින් මරදාන කියල නම දීලා තියෙන බව මේ ලිපිය අපට පවසා තිබෙනවා
4. බ්ලුමැන්ඩල්
මල් සහිත මිටියාවත (vally of flowers) යන තේරුමින් ඕලන්ද බසින් තමයි “බ්ලුමැන්ඩල්” කියන නම වැටිලා තියෙනවා කියන්නේ. දැන්නම් ඉතින් බ්ලූමැන්ඩල් කිවුවම මතකයට නැගෙන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්නෙ නේද?
5. මට්ටක්කුලිය
අතීතයේ කුලී කරුවෙකුව මරණ ලද ස්ථානයක් නිසා මේ නම යෙදුන බවයි මේ ලිපියෙන් පවසන්නේ. පෘතුගීසීන් විසින් තමයි මේ නම යොදලා තිබෙන්නෙ.
නැරඹිය යුතු විශේෂ තැන්
1. කොඩි ගහ
1505 දී ලංකාවට ආපු පෘතුගීසීන්ගේ එකම අරමුණ වුනේ අපේ රටේ සම්පත් ඔවුන්ගේ රටට ඇදගන්න එකයි. ඒ සඳහා ඔවුන් භාවිත කරපු ප්‍රධානම මාර්ගය තමයි මුහුදු ගමනාගමනය. මේ නිසා කොළඹ වරායට එන නැව් වලට පහසුවෙන් මාර්ගය සොයාගන්නට කොළඹ බලකොටුවේ තමන්ගේ බලකොටුව පිහිටි පෙදෙසේ අඩි 80කට ආසන්න උසකින් යුතු කුළුණක් ඔවුන් පිහිටෙව්වා.
කොඩි ගහ විදියට වර්තමානයේ හඳුන්වන්නේ මෙන්න මේ කොටුවයි.
2. ගාලු මුවදොර
1840 දී එඩ්වර්ඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා විසින් තුරඟ තරඟ පවත්වන්නට හැකි ලෙස පිට්ටනියක් මුහුද අද්දර තැනීම සමඟ මේ පිට්ටනිය කොළඹ නගරයට එකතු වී ඇත. වර්තමානයේ ගෝල්ෆේස් නමින් හඳුන්වන මේ උද්‍යාන ඉඩේ සන්ධ්‍යාවට බොහෝ පිරිසක් දිනපතා විනෝද වීම පිණිස වර්තමානයේ භාවිතා කරයි.
3. කොටහේන ශාන්ත ලුසියා දෙව්මැදුර
කිතුනුවන් උදෙසා වෙනම බිම්කඩක තමන්ගේ ආගම අදහන්නට වෙන් කරගත් කොටසේ ශාන්ත ලුසියා දෙව්මැදුර නමින් දේවස්ථානයක් පිහිටෙව්වේ 1782දියි. වර්තමානයේ මේ දෙව්මැදුර කොළඹ ඇති විශාලතම දෙව්මැදුර වන අතර එකවර 6000 ක පමණ පිරිසකට දේව පුජාවක් සඳහා සහභාගී වන්නට ඉඩ ඇත.
4. කයිමන් දොරකඩ ඝන්ඨාර කුළුන
කයිමන් කියන්නේ කාටද කියලා දන්නවද? කයිමන් කියන්නේ ලන්දේසි භාෂාවෙන් කිඹුලන්ව හඳුන්වන්නේ ඒ නමින්. එහෙම බලනකොට කිඹුලන් සිටි දොරකඩ කියන තේරුමින් කයිමන් දොරකඩ තනවලා තිබෙනවා කියා අනුමාන කල හැකියි. මහනුවර සහ කෝට්ටේ රාජධානියට මුහුණ ලා තිබුනේ මෙම කයිමන් දොරකඩ මුර කපොල්ලයි. එහි ඇති බෙල් ප්‍රයි නම් මෙම විශාල සීනුව භාවිතා කලේ හදිසි අනතුරු හැඟවීම සඳහායි. බලකොටුවට පිටින් කයිමන් දොරකඩ මහා ලඟින් බේරේ වැවේ අතු ගංගාව හරහා කොටුව තුලට ඒමට යකඩ දම්වැල් ආධාරයෙන් වුවමනා වේලාවට උස් පහත් කල හැකි පාලම් තිබුණු බවට සාක්ෂි සොයාගෙන තිබෙනවා.
ඉස්සුවෙ... http://www.aniwa.lk/2016/10/15/1610152-history-about-colombo/