කොළඹටම වතුර නෑ
අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ
2016 මැයි මස 19 17:07:14 | . , ඩයනා උදයංගනී, ජයන්ත සමරකෝන්
අඹතලේ ජල පොම්ප 13 තවත් අඩි තුනකින් වැසීගියහොත් කොළඹට ජලය බෙදීම මුළුමනින්ම නතරවන බව එහි ආරංචි මාර්ග කියයි.
දිනකට ජල ලීටර් 5,30,000ක් කොළඹට බෙදා හැරේ. කැලණි ගඟේ ජල මට්ටම අඩි 7.4 දක්වා ඉහළ නැග ඇත. කොළඹ නාගලගං වීදියේ ජල මාපකය ඒ බව සනාථ කරයි. එය අවදානම් වතුර මට්ටමක් බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. අඩි 3 – 5 දක්වා සුළු ගංවතුරක් ද අඩි 5 – 9 ත් අතර අවදානම් ගංවතුර තත්ත්වයක් ද වේ. අඩි 9ට වැඩිවීම යනු මහ ගංවතුරකි.
මෑත ඉතිහාසයේ ලොකුම ගංවතුර 1989 දී වාර්තාවූ බව වාරිමාර්ග අධ්‍යක්ෂිකා හේමා හෙට්ටිආරච්චි මහත්මිය කියන්නීය.
කැලණි ගඟේ අතු ගංඟාවන ගුරුගොඩ ඔය, සීතාවක හා කෙහෙල්ගමු ඔය ද පිටාර මට්ටමේ පවතී. කැලණි ගඟේ ජල මට්ටම තවත් ඉහළ යෑමේ අවදානමක් ඇතැයි ඇය කියන්නීය