කොළඹට අදුරැ සෙවනැලි...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    කොළඹට අදුරැ සෙවනැලි...

    391286_525802460773131_1413504701_n.jpg

    දශක තුනකටත් වඩා අධික කාලයක් පුරා පැවති යුද්ධය නිසා උතුරු නැගෙනහිර මෙන්ම රටේ සියළු ජනතාවද පීඩාවට පත්විය. කුරිරු යුද්ධය බිලිගත් රණවිරුවන් ඇතුළු ජීවිත ගණන ලක්ෂ ගණනකි.

    ත්‍රස්තවාදය මෙරටින් මැකී ගියේ මානුෂිය මෙහෙයුමෙන් යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසුවයි.

    යුධ සමයේ වෙනම එකීය රාජ්‍යයක් යන සංකල්පය ජාත්‍යයන්තරය හමුවට ගෙන යෑමට එල්ටීටීය දැඩි උත්සාහයක නිරත වූ අතර ඔවුන් ලංකා සිතියමේ ද ‍එය ලකුණු කර ප්‍රසිද්ධියේ භාවිතා කළහ. ඔවුන්‍ මෙසේ සිතියමේ රතු පැහැයෙන් ලකුණු කර ඇත්තේ ඊලාම් රාජ්‍යයේ සීමා මායිම් ය.

    ත්‍රස්තවාදය මුලිනුපුටා දැමූ මේ යුගයේ නැවතත් එල්ටීටීයට අයත් එම සිතියමේ ඡායාරූපයක් සහිත ස්ටිකරයක් ඇලවූ වාහනයක ඡායාරූපයකි මේ. එම වෑන් රථය hiru tv හි CIA කැමරාවට හසුවී ඇත්තේ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් මාර්ගයේ මහ දහවල් ධාවනය වෙමින් සිටියදීය.

    උපුටා ගැනීම :-2013-01-27~Anura S. Liyanage Target-news http://www.facebook.com/anura.liyanage

    පසු වදන :- දෙමළ ඩයස්පෝරාව හරහා මානව හිමිකම් දංගෙඩියට අප රණවිරුවන් බිලිදෙන්නට කැසකවද්දී ව්‍යාජ චැනල් ෆෝ චිත්‍රපට තව තවත් නිපදවෙද්දී තස්ත්‍රවාදයේ සැඟවී ගිය ගිනි පුපුරු යළිත් ඇවිලවීමට උත්සාහ දරන ආකාරයක් පෙනී යයි.මෙහි සැඟවූ යතාර්ථය අපි නොදනිමු.නමුත් රෑ වැටුනු වලේ නැවතත් දවල් වැටීමට පෙර ක්‍රියාත්මක වීම වැදගත්ය.
     
    aththa machan api ekathu vemu?