කොළඹ-කොළඅඹ

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,160
    1,031
    113
    Dukganna walawwa, Mahanuwara
    Sinhala_Article_New-298121931.jpg


    කොළඹ ශි‍්‍ර ලංකාවේ වාණිජ අගනගරය වුවද එහි අතිශය පැරණි ඉතිහාසය ගැන තොරතුරු සොයාගැනීම උගටහය. එනාසාම කොළඹ යන වචනයේ උපත සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුැර නැත.බුදු රජාණන් වහන්සේගේ ලංකා ගමනය ගැන සඳහන් තොරතුරුවල කොළඹට නුදුරෙන් වූ කැළණිය ගැන සඳහන් වුවද කොළඹ ගැන සඳහන් නොවේ.එකල කොළඹ ප‍්‍රදේශය ජන ශුන්‍ය ප‍්‍රදේශයක් වන්නට ඇති බව සිතිය හැකිය.

    කොළඹ ගැන සඳහන්ව ඇති පැරණිම වාර්තාව කි‍්‍ර.ව.1330 තරම් ඈත අතීතයට අයත්ය.එම වසරේදි මෙරටට පැමිණි චීන ජාතිකයකු වූ ච- චෑන්- ටා -යූ වොන් ඔහුගේ ගමන් වාර්තාවල කා ඕ- ලන් -පූ ලෙස සඳහන් කර තිබේ.මෙහි කා ඕ -ලන් -පූ යනු කොළඹ ප‍්‍රදේශය බව විශ්වාස කෙරේ.චීන භාෂාවෙන් කා ඕ- ලන් -පූ යනු නිසරු පහත් බිමට යෙදෙන නමකි.

    මේ ඓතිහාසික වාර්තාවලින් පසු කොළඹ ගැන පිළිගත් තොරතුරු වාර්තා වන්නේ රොබට් නොක්ස් ගේ ලංකාව පිළිබඳ සටහන්වලය.කොළඹ වදනේ පුනරුක්තිය ගැන දීර්ග විස්තරයක් කරන රොබට් නොක්ස් මෙසේ සඳහන් කරයි.

    ”කොළඹ නගරයට බටහිර දිග්භාගයේ ස්වදේශිකයන් අඹ ගස නමින් හඳුන්වන ගසක් තිබේ.අඹ ගසේ සාමාන්‍යයෙන් අඹ ඵල හට ගැනුනත් මේ ගසේ ඇත්තේ කොළ පමණක් නිසා ගස ”කොළ- අඹ ” යන නමින් හැඳින් වූ අතර කි‍්‍රස්තියානීන් කොලොම්බස්ට ගෞරව කරනු වස් ”කොලූම්බු ”යන්න එ් වෙනුවට යොදාගෙන ඇත.

    නොක්ස් සඳහන් කරන ආකාරයට මේ අඹ ගස කොළඹ නගරයේ බටහිර දෙසට වන්නට පිහිටා තිබුණේය.අඹ ගස ඉතා සරු වුයේ වුවද එහි ඵල හට නොගත්තේය.කොළඹ ආසන්න මුහුදේ ගමන්ගත් නැවියන්ට මෙම කොළ පමණක් තිබූ අඹ ගස දර්ශනය වී තිබේ.කොළ තිබූ අඹ ගස ”කොළ අඹ” වී පසුව ”කොලොම්- බූ ”ලෙස ව්‍යවහාරයට පැමිණ තිබේ.මෙය සිංහල ව්‍යවහාරයේදී ”කොළඹ” වී ඇති බව විශ්වාසයයි.

    මෙම මතයේ සත්‍ය අසත්‍ය තාවය කුමක් වුවද කොළඹ තිබුණේයැයි කියන කොළ අඹ ගස ඔලන්ද ජාතීහු ඔවුන්ගේ බලකොටුවේ ලාංඡුනයක් ලෙස යොදා ගත්හ.මෙම ලාංඡුනයෙන් දැක්වෙන්නේ කොළ පමණක් ඇති අඹ ගසක වසා සිටින පරෙවියකුගේ රුවකි.කොළඹ කොටුවේ පිහිටි ඔලන්ද කෞතුකාගාරයේ මේ ලාංඡුනය අදටද දැකගත හැකිය.
    මෙම මතිමතාන්තර හැරුණු විට කොළඹ නම නිර්මාණය වූ ආකාරය ගැන තවත් ප‍්‍රකට මතයක් පවති.එ් කොළඹ නගරය මැදින් ගලාගෙන ගිය කොලොන් නම් ගඟ මුල්කර ගනිම්න් කොළඹ යන වදන බිහිවූයේය යන්නය.මේ කියන කොලොන් ගඟ අද අපි දකින කැලණි ගඟ නොවේ.කොළඹ ඉතිහාසය පිළිබඳ ප‍්‍රකට ඉතිහාසඥයකු වූ ඇස්.ජී පෙරේරා පියතුමා සඳහන් කර ඇති ආකාරයට කොලොන් ගඟ කොළඹ ප‍්‍රදේශයේ ගංවතුර මෝය කරා ගෙනගිය කුඩා ගංගාවකි.

    ”කොළඹට බස්නාහිරින් කුඩා කඳු පන්තියක් විය.මේ කඳු පන්තිය හැඳින්වූයේ ආදුරුප්පු අලූත්කඬේ හා සැන් සෙබස්තියන් යන නම්වලිනි.කඳු දෙපැත්තේම පහත්බිම් තීරුය.කැලණි ගඟට හා මෙම කඳු මුදුන් වලට මැදිවූ ප‍්‍රදේශයේ වගුරු බිම් තිබිණ.මේ වගුරු බිම් මැදින් ගලාගෙන ගිය ගඟ කොළඹ වරාය හරිමැදින් බෙදමින් මෝයට වැටුණි.මේ කුඩා ගංගාව කැලණි ගගින් පිටාර යන ගංවතුර වරායට ගෙන ගියේය.නාගලගම්හිදි බෙදී ගිය මේ ගඟට පෘතුගි‍්‍රසින් කිවේ ඕ ග‍්‍රෑන්ඬේපාසේ කියාය.දැනට අපි මෙය ග‍්‍රෑන්ඞ්පාස් කියා හඳුන්වමු.”

    කොලොන් ගඟ ගැන ඇස්.ජි පෙරේරා පියතුමාගේ සටහන එසේය.

    විශ්වාසකරන අන්දමට පසුකාලයේ බේරේ වැව නිර්මාණය කර ඇත්තේ මේ කොලොන් ගඟ හරස් කිරීමෙනි.කෙසේ වුවද ොකළඹ ගැන ලියූ කිසිදු ලේඛකයකු මේ කුඩා ගංගාව කොලොන් ගඟ ලෙස හඳුන්වා නොතිබීම මෙහිලා අවධානය යොමුවිය යුතු කරුණකි. එබැවින් කොළඹ යන වදනේ උපතට හේතු වූයේයැයි කියන කොලොන් ගඟ යනු වර්තමාන කැලණි ගඟ බව ඇතැමුන්ගේ මතයයි.

    කොළඹ වදනේ උපත ගැන ඇති මේ සියලූ මත ප‍්‍රතික්ෂේප කරන ජූලියස් ද ලැනරෝල් සූරීහු කොළඹ යනු ස්වදේශික භාෂාවන්ගෙන් බිඳී ආ වදනකැයි පවසති.රාජකීය ආසියාතික සංගමයේ සඟරාවකට ලිපියක් ලියන ඔහු කොළඹ යනු සිංහල වචනයක් බවත් එහි අරුත වරාය, නැව් තොට යන්න බවත් පවසා තිබේ.කොළඹ වරාය පසුකාලීනව ලංකාවේ ප‍්‍රධාන වරාය බවට පත් වූයේය.ලක්දිව ප‍්‍රධානම ව්‍යාකරණ ග‍්‍රන්තය වන සිදත් සඟරාවේ සඳහන් වන්නේ ද කොළඹ වදන වෙනත් භාෂාවකින් බිඳී ආවක් නොව සිංහල වදනක් බවය.


    උපුටා ගැනීම ලංකාදීප පුවත්පත ඇසුරෙනි
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අර කොලබ ලග කදු කියල කියන්න ඇත්තේ අලුත්කඩේ,කෙසෙල්වත්ත,තව පීපල්ස් පාර්ක් එකපස්සේ තියෙන පාරෙන් ගියාම හම්බෙන පැත්ත.ඒ පැතිවලට වෙන්න ඕන.ඒවා දැනුත් උස්බිම්නෙ.නෑගලගම්වීදිය පැත්ත නම් තාම වගුරුබිමක් වගේ තමයි.කලු පාලමත් එහේනේ තියෙන්නෙ.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    අර කොලබ ලග කදු කියල කියන්න ඇත්තේ අලුත්කඩේ,කෙසෙල්වත්ත,තව පීපල්ස් පාර්ක් එකපස්සේ තියෙන පාරෙන් ගියාම හම්බෙන පැත්ත.ඒ පැතිවලට වෙන්න ඕන.ඒවා දැනුත් උස්බිම්නෙ.නෑගලගම්වීදිය පැත්ත නම් තාම වගුරුබිමක් වගේ තමයි.කලු පාලමත් එහේනේ තියෙන්නෙ.

    :yes::yes: