කොළඹ ගණිකාවන්ගේ සියලුම තොරතුරු මෙන්න
Source: gossip lanka
පිටකොටුව බංගසාල වීදියේ තොග මිලට අලෙවි වන එළවළු මෙන් පිටකොටුව ඇතුළු කොළඹ නගරය තුළ ගැහැනියත්, යහනත්, මේ වන විටත් මුදලට විකිණෙමින් තිබේ. එය සිදුවෙමින් පවතින්නේ හිරිකිතයකින් තොරව ය. පිටකොටුව ආශ්‍රිතව සැරිසරන ඕනෑම කෙනෙකුට නිරුවත අලෙවි වන අයුරු ඇස්පනාපිට දැකගත හැක. මෙම අවලම් කෙළි සිදුවන්නේ පිටකොටුව පොලිසිය පෙනෙනතෙක් මානයේ වුවද ජනතාව පවසන්නේ පොලිසිය ඒ දෙසට “පොලිස් ඇස” යොමු නොකරන බව ය. එය එසේ සිදු වන්නේ මන්දැයි අපට සිතාගත නොහැක.
"විශේෂයෙන් පිටකොටුව ආශ්‍රිතව නිදහසේ සැරිසරන ගණිකාවන් බහුලව ගැවසෙන තැන් පොලිසිය විතරක් නෙවෙයි, පිටකොටුව ගැන පුංචි හරි අවබෝධයක් තියෙන ඕන මනුස්සයෙක් දන්නවා. එහෙම ගැහැනුන්ව මේ හරියෙ හුග දෙනෙක් හඳුන්වන්නේ “යක්කු” කියලා. පාරෙ ඉඳන් දඩකොළ ලියන රාළහාමිගේ ඉඳල පොලිසියෙ ඉන්න ලොකු මහත්වරු දක්වා ඔක්කොම නිලධාරීන් මේ ගැහැනුන්ව දකිනවා. උන් ඉන්න තැන්, කරන වැඩේ ගැන දන්නවා.
මේ රස්සාව කරන ගෑනු උදවිය දවසක්, දෙකක් නෙවෙයි හැමදාම මේ වැඩේ කරනවා. එන්න එන්නම මේකට යොමුවන පිරිස වැඩිවෙනවා. ඒත් පොලිසියට මේව පේන්නැද්ද එහෙම නැත්නම් අහක බලන් ඉන්නවාද? කියන එක අපිට විතරක් නෙවෙයි දැන් රටටම ප්‍රශ්නයක්."
එළිපිටම සිදුවන වීදි ගණිකා ජාවාරම පිළිබඳ තොරතුරු සපයන්නට ඉදිරිපත් වූ පිරිස අතර සිටි එක් අයෙක් ඉහත සඳහන් අදහස් දැක්වීමෙන් අනතුරුව එහි තවත් පැතිකඩක් පිළිබඳවද තොරතුරු හෙළි කරන්නට විය. ලංකාවේ පොලිස් ස්ථාන අතරින් වඩාත්ම කාර්ය බහුල පොලිස් ස්ථාන කොළඹ තියෙන පොලිස් ස්ථාන වෙන්න ඇති. ඒකෙත් වැඩි බරක් තියෙන්නේ රථ වාහන අංශවලට. අපිට පේනවා ඒ මහත්වරු විඳින දුක.
ඒක ඒ අය තෝරගත්ත රස්සාවේ හැටි වෙන්න ඇති. මේ චෝදනාව කරන්නේ පොලිසියේ ඉන්න සියලුම නිලධාරි මහත්වරුන්ට නෙවෙයි. හැබැයි පිටකොටුවෙ මුදලට විකිණෙන ගෑනුන්ගෙන් මුදල් ගන්න ඇතැම් නිලධාරීන් ඉන්නවා. මේව ලොකු මහත්වරු දන්නෙ නැතුව ඇති. හැබැයි එහෙම වෙනවා. අපි දැනුවත්ව එහෙම වෙලා තියෙනවා. මේ රස්සාව කරන ගෑනුන්ගේ තියෙන විශේෂත්වයක් තමයි රහස් රකින්න බැරිකම.
අපි හිතමු එහෙම ගෑනුන්ව බය කරල කවුරුහරි කීයක් හරි ගත්ත කියලා. ඒ අරන් ගියාට පස්සෙ ඒ නිලධාරිය රාජකාරි කරන පොලිසියෙ නම කියල දෙනෝදාහක් මැද්දෙ වුණත් මහ හයියෙන් බැණ වදිනවා. ඒකෙන් තමයි පොලිසියෙ හොඳ නම කැත වෙන්නේ. ඔය රස්සාව කරන ගෑනු පිටුපස්සෙ තව පිරිසක් ඉන්නවා. ඒ අය කරන්නේ ඔත්තු බලන එක. එහෙමත් නැත්තම් ඒකට අනුබලදීම, ගනුදෙනුකාරයෝ හොයල දීම. ගෑනු හම්බ කරන දෙයින් කොටසක් ඒ අයට යනවා.
හවසට ගනුදෙනු බේරගන්න ගියාම තමයි උන් දෙගොල්ලො අතරේ ආරවුල් ඇති වෙන්නේ. තැරැව්කරුවො කොටස් ගන්න ආවහම සමහර ගෑනු කියනවා ” අද සල්ලි නෑ” පොලිසියෙ මහත්වරු අරගත්ත කියලා. එහෙම වචන උන්ගෙන් පිට වෙන්නේ එහෙම දේවල් වෙන හින්දනේ, ඒකයි පිටකොටුව පොලිසියෙ ඇතැම් නිලධාරීන් ගැන මිනිස්සුන්ට විශ්වාසයක් නැත්තේ.
කාලයක් තිබුණ තමන්ගේ පහස හොයාගෙන එන මිනිස්සුන්ව සුද්ධම කරල තමයි යවන්නේ. මොකක්හරි ක්‍රමයකින් තමන් ළඟට එන පිරිමියාව සම්පූර්ණයෙන්ම සුද්ධ කරනව. සමහර අයව පාරට දාන්නේ අතේ සතේ නැතුව. සමහර වෙලාවට ඒ තත්ත්වයට පත්වෙච්ච අය කරන්නම දෙයක් නැති පාර යන්නේ පොලිසියට. ලැඡ්ජ බය පැත්තක තියල පොලිසියට ගිහින් කාරණය කිව්ව කියමුකෝ. ඊට පස්සෙ පොලිසිය කරන්නේ ඒ මිනිහටත් හොඳටම බැණල ඇඩ්රස් එකයි දුරකථන අංකයි අරගන්න එක. එහෙම අරගෙන අර මනුස්සයට කියනව “තමුසේ යනව” අපි සල්ලි ටික හොයාගත්තොත් දැනුම් දෙන්නම් කියල.
ඒ කියල පොලිසියේ ඇතැම් මහත්වරු කෙළින්ම යන්නේ අර ගෑනිව හොයාගෙන. ගිහින් අහනව “උඹ අර මිනිහගෙන් ගත්ත සල්ලි ටික දීපං… නැත්නම් කරදර වෙන්න වෙයි කියල. ගෑනි වැඳල කිව්වත් මං ගත්තේ නෑ කියල හැට්ටේ අස්සෙ අතදාල හරි ඒ මුදල හොයාගන්නව. එහෙම හොයාගත්ත මුදල් ආපසු අයිතිකරුවන්ට දෙනවද නැද්ද කියල දන්නේ දෙවියෝ තමයි. එහෙම පොහොසත් වෙච්ච පොලිසියේ මහත්වරු කවුද කියල අපි දන්නව. මොකද පිටකොටුව කියන්නේ අපි උපන් තැන. අපි උස්මහත් වුණේ ජීවත්වෙන්නේ මෙතැන.
සාමාන්‍ය මිනිස්සු මේව දන්නේ නෑ කියල මේවට අනුබල දෙන නිලධාරීන් හිතුවට හැම දෙයක් ගැනම දැන් හොඳින් දැනුවත්ව තමයි ජීවත්වෙන්නේ. අපි ඉල්ලා සිටින්නේ පිටකොටුවෙ තියෙන ලැගුම්හල් වහල දාල ඒව අයිති මිනිස්සුන්ගේ ආදායම් මාර්ග අහුරල දාන්න කියල නෙවෙයිs. ප්‍රසිද්ධියෙ වගේම උදේ, දවල්, රෑ තිස්සෙ ඒව ඇතුළෙ වෙන අකටයුතු වැඩ නවත්වන්න පියවර ගන්න කියල විතරයි.
පිටකොටුවෙ සිද්ධවෙන නීති විරෝධී ජාවාරම් නවත්වන්න එහෙම නැත්නම් මර්දනය කරන්න පුළුවන් ප්‍රධානම ආයතනය තමයි පොලිසිය. මොකද? මේ ජාවාරම් වැඩි හරියක් සිද්ධ වෙන්නේ මේකෙම උපන් මිනිස්සු අතින්. ඉතින් ඒ අයට උපදෙස් දෙන්න තර්ජනය කරල බය කරල වංචනික වැඩ නවත්වන්න සාමාන්‍ය මිනිස්සු වන අපිට බැහැ. මොකද උන් ලඡ්ජ බය ඇති ජාතියක් නෙවෙයි. උන් බය පොලිස් නිල ඇඳුමට විතරයි. ඒ හින්ද පොලිසිය කෙළින් ඉන්නවනම් මේ පිටකොටුවෙ වෙන ගොඩක් අකටයුතු නතර කරන්න පුළුවන්.
ඔවුන් පවසා සිටින්නේ මේ මොහොතේ ඔවුන් අත්විඳිමින් සිටින කාෂ්ඨක යථාර්ථයේ සැබෑ සිදුවීම්ය. කෙටියෙන් කියා සිටින්නේනම් වීදි ගණිකා ව්‍යාපාරය එළිපිටම සිදුවන්නේ පොලිසියේ වරදින්ය. මේ වන විටද රජයේ පූර්ණ මැදිහත්වීම මත කොළඹ ලස්සන නගරයක් බවට පත්වෙමින් තිබේ.
නවීකරණය වන මං මාවත්, නාගරික උද්‍යාන, නවීන ඉදිකිරීම් ඇතුළු තවත් බොහෝ දේ තුළින් කොළඹ කලඑළි වෙමින්ය. දියුණු නගරයක තිබිය යුතු පහසුකම් අන් කවරදාටත් වඩා කොළඹ දී දැකගත හැකිය. එහෙත්… ඒ සියලු කළඑළිවීම් අවලස්සන කරමින් වීදි ගණිකාවන් උන් සරණ සොයායන මිනිසුන්ද කොළඹ වීදි තුළ නිදහසේ සැරිසරමින් ය.
පොලිසිය මෙන්ම අදාළ ආයතන ඇතුළු නිලධාරීන් එළිපිටම පිටකොටුව තුළ සිදුවන ඇඟමස වෙළෙ¹මට වැට බැඳිය යුතු කාලය එළඹ ඇත. එසේ නොවුණහොත් දිනෙන් දින ලස්සන වන “ලස්සන කොළඹ (Colombo)” පිරිමියෙකුට තනිssව පාරේ බැස යැමට නොහැකි දිනයක් උදාවීමට තරම් දැන් දැන් පිටකොටුව තුළ සිදුවන ඇතැම් සිදුවීම් හිරිකිතය. ජුගුප්සාජනක ය.
රටක් ලස්සන වන්නේ එහි වෙසෙන ජනතාවගේ සිත් සතන් යහපත් වන තරමටය. භෞතිකව සිදුවන සංවර්ධනයට සැබෑ වටිනාකම් එකතු වන්නේ එවිටය. මේ වන විට අන්කවරදාටත් වඩා වැඩි වශයෙන් වීදි ගණිකා ව්‍යාපාරය ඇතුළු රටක් තුළ සිදු නොවිය යුතු බොහෝ දෑ මහමඟ සිදු වෙමින් පවතින්නේද ඇස් පනා පිට දක්නට ලැබෙන්නේද රටක නීතිය නියමිත අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන්ය. මුදලට අල්ලසට රටේ නීතිය අලෙවි වන්නේ නම් ඉන් රටට අත්වන්නේ අයහපත පමණි.
කොළඹ ලස්සන නගරයක් බවට පත් වෙමින් ඇත්තේ රජය ඒ සඳහා නිවැරදි මඟ පෙන්වීමක් සිදු කිරීම හේතුවෙන්ය. අලුත් වන මං මාවත් මඟ දෙපස වීදි තරමටම එහි ඔබ මොබ යන ජනතාවද විනීත යහපත් මිනිසුන් විය යුතුය. හැකි ඉක්මනින් කොළඹ විනීත නගරයක් බවට පත් කළ යුතුය. එය නාගරික සංවර්ධන අධිකාරියට අයත් කාර්යයක් නොව එය කළ යුත්තේ පොලිසියේ පූර්ණ මැදිහත් වීම මතය. පොලිසිය ඒ සඳහා ඉක්මන් පියවර ගත යුතු බව බොහෝ දෙනකුගේ මතයයි.
පළමුව පිටකොටුව විනීත තැනක් බවට පත් කළ යුතුය. එය රටේ වැදගත් වෙළෙඳ මධ්‍යස්ථානයක් බැවිනි. ඒ තුළින් රටේ අනෙකුත් තැන්වලටද පූර්වාදර්ශ ලබාදිය හැක. අද නගරය ගමට පැමිණෙමින් ඇත. කොළඹට පමණක් සීමා වී තිබුණු නයිට් ක්ලබ්” මේ වන විට අනුරාධපුරයට අලුත් දෙයක් නොවීම ඊට එක් උදාහරණයක් පමණි.
මේ වන විටත් රටේ අනෙකුත් ප්‍රධාන නගර කීපයක ද වීදි ගණිකා ව්‍යාපාරය එළිපිට රඟ දැක්වෙමින් ඇත්තේ කොළඹ පූර්වාදර්ශ සහිතව ය. එය රටක් වශයෙන් ගත්කළ ඉතාමත් ගෝචනීය තත්ත්වයකි.