කොළඹ ජාතික කෞතුකාගාරය (කටුගෙදර) ||| නැදුන්ගමුවේ විජය රාජා හස්තියා

PASAN147

Well-known member
  • Oct 19, 2006
    793
    1,393
    93
    Heiyanthuduwa - Kelaniya
    පොඩි කාලේ ඉදලම කීපවරක්ම මම කොළඹ ජාතික කෞතුකාගාරය බලන්න ගිහින් තියනවා.. ඉතින් පසුගිය 11 වැනි දා මහජන ප්‍රදර් ශනයට විවෘත වූ නැදුන්ගමුවේ විජය රාජා හස්තියාගේ ප්‍රතිනිර්මානය බලන්න යන්න හිතුනා..ඉතින් බස් එකේ එනවනම් කොළඹ කොටුවේ සිට හෝ මහරගම / හෝමාගම/.. සිට හෝ අංක 138 බස් එකේ ඇවිත් මෙතැනින්ම බහින්න පුලුවන්. ඉතින් මම උදේ 9.30 ට විතර කෞතුකාගාරයට ඇතුල් වෙලා, රු.120 ක ටිකට් එකක් ගත්තා , ජාතික කෞතුකාගාරය හා ස්වාභාවික විද්යා කෞතුකාගාර යන දෙකම බලන්න. ටිකට් ගැන විස්තර පහල දාලා තියනවා. ඉතින් මම කෞතුකාගාරයට ඇතුල් වෙලා, එහි ඇති.. ලංකාවේ රජුන්ගේ රාජකීය උරුමයන්, මහනුවර යුගයේ අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පරිහරණය කළ රත්තරන් ඔබ්බවන ලද සිංහාසනය, රාජකීය ඔටුන්න සහ අසිපත, රාජකීය ඇඳුම් ආයිත්තම්, පැරණි සෙල්ලිපි සහ ප්‍රතිමා, ශිල්පීය සහ කලා නිර්මාණ, පුස්කොළ පොත්, ස්වභාවික විද්‍යා අංශය - සත්ව ඇටසැකිලි, කෘමීන් සහ පක්ෂීන්,... ආදී බොහෝ දේවල් බැලුවා.. දවසක්ම බලන්න දේවල් තියනවා.. අවසානයට බලන්න ගිය ස්වභාවික විද්‍යා අංශය තුල විශාල තල්මසකුගේ ඇටසැකිල්ලක් තියනවා. එමෙන්ම 1991 සිට 2002 දක්වා දළදා කරඩුව වැඩමකල, හෙයියන්තුඩුවේ රාජාගේ ඇටසැකිල්ලත් තිබෙනවා. මේ ඇතා මටත් විශේෂයි. හෙයියන්තුඩුව මගේ ගමේ හිටිය ඇතෙක් නිසා. ඉතින් අවසානයේ 2006 වසරේ සිට 2021 දක්වා දළදා කරඩුව වැඩමකල, සම යොදාගෙන, ප්‍රතිනිර්මාණය කල නැදුන්ගමුවේ විජය රාජා හස්තියා බැලුවා. ගොඩක් වෙලා එතන ගත කලා... ඉතින් ඔයාලත් කොළඹ ජාතික කෞතුකාගාරය හා ස්වාභාවික විද්යා කෞතුකාගාරය බලන්න යන්න. ඔයාට නැදුන්ගමුවේ රාජා හස්තියාම බලන්න යන්න ඕනනම්, ස්වාභාවික විද්යා කෞතුකාගාරයට විතරක් ටිකට් එකක් අරන යන්න පුලුවන්.. *කෞතුකාගාරය තුල දැන්, සිහිවටනයක් ලෙස පමනක්, තමන්ගේ පුද්ගලික භාවිතයට පොටෝ ගන්න අවසර තියනවා.. වීඩියෝවලට අවසර නෑ... වානිජ කටයතුවලට ගෙවීමක් කර වීඩියෝ කරන්න පුලුවන්..
    .
    කොළඹ ජාතික කෞතුකාගාරය කෙටි වීඩියෝව :


    .
    නැදුන්ගමුවේ විජය රාජා හස්තියා කෙටි වීඩියෝව :


    .
    * විවෘත වේලාවන් : පෙ.ව. 9.00 – ප.ව. 5.00 (සදුදා හා ප්‍රසිද්ධ නිවාඩු දිනවල වසා ඇත)
    *ටිකට් මිල ගනන්...
    • ජාතික කෞතුකාගාරය.
    දේශීය වැඩිහිටි : රු.100/- ; ළමා රු.50/- ; පාසැල් සිසුන්: රු.20/-
    • ස්වාභාවික විද්යා කෞතුකාගාරය.
    දේශීය වැඩිහිටි : රු.60/- ; ළමා රු.30/- ; පාසැල් සිසුන්: රු.20/-
    • ජාතික කෞතුකාගාරය + ස්වාභාවික විද්යා කෞතුකාගාරය.
    දේශීය වැඩිහිටි : රු.120/- ; ළමා රු.60/-
    • විදේශීය : රු.1500/- , රු.1200/-, රු.750/- , රු.600/- , රු.400/-
    .
    * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index : https://www.facebook.com/share/1CXR2dx6ZD/
    .
    .
    (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.
    Colombo National Museum -Nadungamuwe Raja - Nadungamuwa Vijaya Raja