කොළඹ නගරය ලොව පළමු ස්ථානයට

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    කොළඹ නගරය ලොව පළමු ස්ථානයට

    කොළඹ නගරය ලොව වේගයෙන් දියුණු වන සංචාරක නගර අතර පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ලොව සීග්‍රයෙන් දියුණු වන සංචාරක නගර සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතනයක් සිදුකළ සමීක්ෂණයකට අනුවයි මෙලෙස කොළඹ නගරය පළමු ස්ථානයට පැමිණ ඇත්තේ. පසුගිය වසර 6ක දත්ත මෙම සමීක්ෂණය සඳහා පාදක කරගෙන තිබෙනවා. මෙම සමීක්ෂණ වාර්තාවට අනුව ඉතා ඉක්මනින් දියුණු වන නගර අතර දෙවන ස්ථානය චීනයේ සිචුවාන් ප්‍රාන්තයේ චෙන්ගුඩු නගරයයි. තුන්වන ස්ථානය එක්සත් අරාබි එමීර් හි අබුඩාබි නගරයටත්, 4 වන ස්ථානය සෞදි අරාබියේ රියාද් නගරයටත් හිමිව තිබෙනවා.


    යහපාලකයින් බොරුවෙන්, ප්‍රෝඩාවෙන් සැගවීමට උත්සාහකල සංවර්දනය ලෝකයම පිලිගත් ,යහපාලකයින්ට තිත්ත නමුත් ඇත්ත...


    qoaet2.jpg
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    ගිය හය වසර ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය කොළඹයි

    2009 වසරේ සිට 2015 දක්වා හය වසර තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගර අතර පළමු ස්ථානයට පැමිණීමට කොළඹ නගරය සමත්ව තිබේ.

    මාස්ටර් කාඩ් විසින් කර තිබෙන මෙම වාර්ෂික සමීක්ෂණයට (MasterCard Global Destinations Cities Index ) පාදක කරගෙන තිබෙන්නේ මෙම නගර වලට පැමිණි සංචාරකයින්ගේ වර්ධනයයි.

    මේ අනුව, මෙම කාල සීමාව තුළ ලෝකයේ වේගයෙන්ම වර්ධනය වූ නගරය ලෙස කොළඹ නගරය පත්වෙද්දී පිළිවෙලින් චීනයේ චෙන්ග්ඩු, ඩුබායිහී අබුඩාබි, ඔසාකා, සවුදි රටේ රියාඩ්, සි අන්, තායිලන්තයේ තායිපේ, ජපානයේ ටෝකියෝ, ලීමා, හෝචි මින් සිටි වේගයෙන් වර්ධනය වූ අනිකුත් නගර බවට පත්ව තිබේ.
    මෙම නගර 10 අතුරින් 07 ක්ම ආසියානු නගර වී තිබීම කැපී පෙනේ.

    යුද්ධයෙන් පසුව ලංකාවට පැමිණි සංචාරකයින් ප්‍රමාණය වර්ධනය වී තිබීම හේතුවෙන් ලංකාව මෙම දර්ශකයේ මුල් තැනට පත්ව තිබෙන බව සඳහන්ය.
    කොළඹ නගරය පසුගිය වසර හයක කාල සීමාව තුළදී සියයට 21 ක කැපී පෙනෙන වර්ධනයක් ලබා තිබේ.

    මෙම වර්ධනය ලබා තිබෙන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමය තුළ වීමද කැපී පෙනෙන කාරණාවකි.

    යොමුව මෙතනින් http://edition.cnn.com/…/mastercard-top-10-destination-cit…/adaderanabiz.lk
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    දැන් ඕක නෑ කියන්න ලොවෙත් නැති තර්ක දාගෙන එයි.
     
    • Like
    Reactions: kinkon