Appointment දාලා ගියා මේ 12 වෙනිදා. 10.00ට Appointment තිබ්බේ. Passport Office එක ගාවින් බහිද්දී 9.50
කිසි අවුලක් වුණේ නැහැ. මමයි, වයිෆුයි ගියේ. ගේට්ටුව ලඟ සෙනග පිරිලා හිටියත් Appointment එක දැම්මම ලැබෙන receipt එකේ printout එක පෙන්නපු ගමන් ඇතුලට යන්න පුළුවන්. මම හිතුවේ පෝලිමේ ඉන්න සෙනග අවුලක් දායි කියලා. එහෙම නැහැ.
ඇතුලට ගියාට පස්සේ තැනින් තැන ඉන්න security officers ලා ගෙන් ඇහුවත් එයාලා කියනවා ඊළඟට යන්න ඕනි කොතනටද කියලා.
අපි normal service ගියේ. පැයක් වගේ ඇතුලත documunts බාර දීලා, fingerprints දීලා, සල්ලි ගෙවලා ආවා.
Elakiri එකේ මම දැක්කා කලින් passport office ගිය අය detailed තමන්ගේ experiences දාලා තියෙනවා.
අවශ්‍ය documents ටික හරියට හදාගෙන යන්න.
(උප්පැන්න සහතිකය පසුගිය මාස 6 ඇතුළත ගත්ත එකක් වෙන්න ඕනි කියලා සමහරු කියලා තිබ්බා. ඒත් එහෙම එකක් නැහැ. දම්පාට seal එක තියෙන, ප්‍රා.ලේ. office එකකින් ඕනෑම අවුරුද්දකදී නිකුත් කරපු උප්පැන්නයක් වලංගුයි. නමුත් 'නොමිලේ නිකුත් කරන ලදී' කියලා තියෙන උප්පැන්න වලංගු නැහැ.)
(අවශය documents, photocopys ගෙදරින්ම අරන් යන්න. ඒ අවට communication එහෙම තිබුණත්, සෙනග වැඩී ඒවයේ)
(biscuit පැකට් එකක්, වතුර බෝතලයක් අරන් යනන. ඇතුලේ කෑම ගන්න තැන් තියෙනවා (food court එකක් තියෙනවා) හැබැයි කෑම නම් ටිකක් ගණන්)
Wife, GF හෝ බබාලා එක්ක ගියොත් දියත උයන, La La Park එක පැත්තේ රවුමක් යන්නත් අමතක කරන්න එපා..... (වෙනසකටත් එක්ක)