කොළඹ මහනගර සභාව ඇතුළේ කුඩු පැකට් කරලා 😱😱😱

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,332
    8,484
    113
    CMC-Ice.jpeg



    කොළඹ මහනගර සභාවේ සිය කාර්යාල කාමරය තුළ සූක්‍ෂම ලෙස අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කර එහි සේවකයන්ටම අලෙවි කරන බව කියන නගර සභා රියැදුරු සහායකයකු අයිස් මිලිග්‍රෑම් 20,860ක් සමග පෙරේදා (22 දා) අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය පවසයි.

    මෙම සැකකාර සේවකයා නගර සභා උප ඒකකවල සේවය කරන සේවකයන්ට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම බළකාය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී මොහු කොළඹ මහනගර සභා දිසා කාර්යාල 03 හි රියැදුරු සහායකයෙක් බව හෙළිවී ඇත.

    මොහු අත්අඩංගුවට පත්වන විටත් සේවයේ යෙදීසිට ඇති අතර මොහු සේවය කළ කාර්යාලය තුළදීම අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා සඳහන් කරයි.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    දැං ඉතිං ඔය නිවුස් එක කියවන සැරයක් ගානේ දිව හපා ගන්න වෙනවනේ නගරාධිපතිනියගෙ නම කියන්න ගිහිං
     
    • Like
    Reactions: AKI-SL and wqe123

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,675
    8,916
    113
    kandy
    ඕවා මොනවද බන් . ඉස්සර මම ඉස්කෝලේ යනාකාලේ අපේ ඉස්කෝලේ ඉස්සරහා තියාගෙන පැකට් කරලා විකුණුවේ .. ඉස්සර රුපියල් 2 යි .. සමහර දවස් වලට ප්‍රින්සිපලුත් ගන්නවා .. :lol: (අයිස් )
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    කොළඹ ජාතික රෝහලේ ඔයාට වඩා සැරටම කුඩු අයිස් විකුනනවලු වැඩ කරන උන... සුද්ද කරන්න ඕනම තැනක්,,
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,796
    9,040
    113
    ulan bator
    hama thaninma dan lankawe ahenne

    maranawa
    wedi thiyanawa
    allanawa
    gahanawa
    hire danawa
    badu mila yanawa
    uddamanaya wadi wela
    dola eka wadi wela
    beheth na


    wage minissu track yana katha!

    minssu leda wei utto meke! thawa thawa math wena item wikinena eka wadi wei!
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    කොළඹ ජාතික රෝහලේ ඔයාට වඩා සැරටම කුඩු අයිස් විකුනනවලු වැඩ කරන උන... සුද්ද කරන්න ඕනම තැනක්,,
    කරාපිටියෙ කියලත් වෙනසක් නෑ. අයිස් හැම තැනම :baffled: :baffled: :baffled:
     
    • Sad
    Reactions: Kalegana

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,485
    100,586
    113
    කොළඹ ජාතික රෝහලේ ඔයාට වඩා සැරටම කුඩු අයිස් විකුනනවලු වැඩ කරන උන... සුද්ද කරන්න ඕනම තැනක්,,
    උන් දැනටත් සුද්ද කරලා බෙහෙත් දානවා නෙ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,906
    11,355
    113
    ප්‍රජාතන්ත්‍රවාදෙ හොඳට නැගලා යනවාද? මම නම් කියන්නෙ කොමිනිස්ට් තමයි හරියන්නෙ, චිනෙ, වීයෙට්නාමෙ වගෙ, හැබයි හරි නයකයො වෙන්නත් ඔනෙ , Venezuela, cuba , north korea hariyanne na
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    ප්‍රජාතන්ත්‍රවාදෙ හොඳට නැගලා යනවාද? මම නම් කියන්නෙ කොමිනිස්ට් තමයි හරියන්නෙ, චිනෙ, වීයෙට්නාමෙ වගෙ, හැබයි හරි නයකයො වෙන්නත් ඔනෙ , Venezuela, cuba , north korea hariyanne na
    pan katha wage ewai, union man kiwa wage umbalawa pennala thamai balaya gaththe wage katha walin thawa thawa sauththu wenawa witharai, anura lauwo kiyala action nogena hitiyoth sorry thamai