කොළඹ මුහුද ගොඩකර formula one ධාවන පථයක්

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කොළඹ මුහුද ගොඩකර formula one ධාවන පථයක්

2014 වනවිට, වරාය ව්‍යාපෘති වලට ඩොලර් බිලියන 05 ක් ගෙන්වා ගැනීම අරමුණයි
2014 වනවිට වරාය ආශ්‍රිත කටයුතු සඳහා ඩොලර් බිලියන 05 ක සෘජු විදේශ ආයෝජන අද්දවා ගැනීමට ලංකාව සැලසුම් කර තිබෙන බවත් මේ යටතට ගාලු මුවදොර මුහුද ගොඩකරන භූමියේ formula one ධාවන පථ ව්‍යාපෘතියක්ද තිබෙන බවත් අනාවරණය වේ.

මේ වනවිට, කොළඹ වරාය පුළුල් කිරීමේ හා හම්බන්තොට වරාය ගොඩ නැගීමේ ව්‍යාපෘති වලට රජය අත ගසා තිබේ.
එංගලන්තය පදනම් කරගත් පුවත් පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් මෙම කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ප්‍රියත් බන්දු වික්‍රම අදහස් දක්වා තිබෙන්නේ මෙසේය.
“වරාය අංශයට 2014 වනවිට ඩොලර් බිලියන 05 ක පමණ සෘජු විදේශීය ආයෝජන ගෙන්වා ගැනීම අපේ අරමුණයි.“
හම්බන්තොට පුළුල් කිරීම

වරාය සභාපතිවරයා මෙහිදී පවසා තිබෙන්නේ හම්බන්තොට වරාය ආශ්‍රිත ආයෝජන ව්‍යාපෘති ආරම්භ කිරීමට ආයෝජකයින් 11 දෙනෙකු රජය මේ වනවිට තෝරාගෙන තිබෙන බවත් ඔවුන් ඩොලර් මිලියන 800 කට වැඩි මුදල් ආයෝජනය කිරීමට සූදානම් බවයි.

හම්බන්තොට වරාය වාහන ප්‍රති අපනයනය සඳහා යොදා ගැනීමට රජය මේ වනවිට සහන දෙමින් සමාගම් උනන්දු කරන අතර කොරියානු හයිවුන්ඩායි සමාගම වාහන දහසක් රැගත් නැවක් පසුගියදා හම්බන්තොට වරායට එවනු ලැබුවේ අදාළ වාහන අප්‍රිකානු හා යුරෝපීය රට වලට ප්‍රති අපනයනය කිරීමටයි.

ඩුබායිවල සිට පහසුවෙන් ළඟාවිය හැක්කේ ඉන්දියාවේ බටහිර වෙරළට පමණක් බවත් සිංගප්පූරුවේ සිට පහසුවෙන් ළඟාවිය හැක්කේ ඉන්දියාවේ නැගෙනහිර වෙරළට පමණක් බවත් පවසා තිබෙන ප්‍රියත් බන්දු වික්‍රම මහතා පෙන්වා දී ඇත්තේ හම්බන්තොට වරායේ සිට ඉන්දියානු නැගෙනහිර-බටහිර වෙරළ දෙකටම පහසුවෙන් ළඟාවිය හැකි බවයි.
මේ අනුව, දිනකට නැව් 200-300 අතර ප්‍රමාණයක් පසුකරන උපාය මාර්ගික වශයෙන් වැදගත් ස්ථානයක පිහිටි හම්බන්තොට වරාය ඉදිරියේදී වැදගත් මධ්‍යස්ථානයක් වනු ඇති බවත් නැව් වලට ඉන්ධන සැපයීමේ සේවා හම්බන්තොට ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටින බවත් හෙතෙම පවසා ඇත.

මීට අමතරව, නැව් වලට වතුර, ආහාර, කාර්ය මණ්ඩල මාරු කිරීමේ පහසුකම් ඇතුළු අනිකුත් නාවික සේවාද හම්බන්තොට වරායේ පිහිටුවන බව හෙතෙම සඳහන් කර තිබේ.
කොළඹ වරායේ සංවර්ධනය වරාය අසල ගාලු මුවදොර මුහුද අක්කර 500 ක් ගොඩකර දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ආරම්භ කිරීමට රජය සැලසුම් කර ඇත.

මේවා අතර ගොල්ෆ් ක්‍රීඩා පිටියක්, formula one ධාවන පථයක් ගොඩ නැගෙන බවත් ඒවා 2014 අවසානය වනවිට අවසන් කිරීමට සැලසුම් කර තිබෙන බවත් පවසා තිබෙන වරාය සභාපතිවරයා මුහුද ගොඩකර ලබා ගන්නා මෙම ඉඩමේ හෝටල්, සාප්පු සංකීර්ණ ඇතුළු පහසුකම් රැසක් ගොඩ නැගීමට සැලසුම් කර ඇතැයි අනාවරණය කර තිබේ.

ඉදිකරමින් පවතින බහාලුම් පර්යන්තයේ වැඩ අවසන් වනතුරු කොළඹ වරායේ කාර්යක්ෂමතාවය වැඩිකිරීමට අවශ්‍යව තිබෙන නිසා 2010 වසරේදී බහාලුම් හැසිරවීමට අවශ්‍ය උපකරණ රැසක් මිලදී ගැනීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය කටයුතු කළේය.

කොළඹ වරායේ ගැඹුර මීටර් 15 ක් වන නිසා විශාල ගැඹුරක් අවශ්‍ය නැව් වලට පැමිණිය නොහැකි අතර එම නැව් වලට පැමිණිය හැකිසේ කොළඹ දකුණු වරායේ ඉදිකරන බහාලුම් පර්යන්තයේ අවම ගැඹුර මීටර් 18 ක් කර තිබේ.

කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු නියමිත දින වකවානු වලටත් කලින් අවසන් වෙමින් තිබෙන නිසා ව්‍යාපෘතිය ලබන වසර අවසානයේදී නිම කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී වික්‍රම මහතා විශ්වාසය පළකර ඇත.
 
chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොළඹ වරාය පුළුල් කිරීමේ කටයුතු නියමිත දින වකවානු වලටත් කලින් අවසන් වෙමින් තිබෙන නිසා ව්‍යාපෘතිය ලබන වසර අවසානයේදී නිම කිරීමට හැකිවනු ඇතැයි මෙහිදී වික්‍රම මහතා විශ්වාසය පළකර ඇත.

    මෙන්න මේකනම් පට්ට පල් බොරුවක් මම වෑඩ කරන්නෙ ඔය වියාපෘතියත් එක්ක ඕකෙ පලමු අදියර ඉවර කරල බාරදෙන්නෙ තිබ්බෙ පහුගිය අප්‍රේල් මාසයෙ නමුත් අදටත් එහි වෑඩ අවසන් කර නෑ.. මේ යන විදිහට තව මාස එකහමාරක් විතර යයි හයියොන්ඩායි සමාගමට පලමු පියවර අවසන් කරන්න..

    ඒත් එක්ක තාම දෙවෑනි පියවර විදිහට චයිනා හාබර් සමාගම ඉදිකිරීම් කටයුති අරබල මාස හතර්ක් වගේ තමා ගත වෙලා තියෙනෙන්නෙ මේගොල්ලො තමා කන්ටේනර් ටර්මිනල් එක හදන්නෙ.. ඒකෙ වෑඩ ඉවර වෙන්නෙ තව අවුරුදු දෙකහ මාරකින්
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    උඹේ අම්මව විකුණලද බන් ඔච්චර බිලියන ගණන් යොදවන්නේ ? උන් ඔය කරන්නේ පිටරටින් සල්ලි ණයට ගන්න එකයි ඊට පස්සේ මේක ගෙවන්න වෙන්නේ රටේ ජනතාවටයි. මුන් රට පනියි තමන්ගේ කාලේ ඉවර වුනාම උඹලා ගෙවපල්ලා ඊට පස්සේ මේ ණය. ණය ගත්තත් කමක් නෑ ඒක හරියට යොදවනවා නම් අරහේ වරායක් ගැහුවා ඒක දැන් ලාභ ලබනවට වඩා පාඩු පිට යන්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    මෙන්න මේකනම් පට්ට පල් බොරුවක් මම වෑඩ කරන්නෙ ඔය වියාපෘතියත් එක්ක ඕකෙ පලමු අදියර ඉවර කරල බාරදෙන්නෙ තිබ්බෙ පහුගිය අප්‍රේල් මාසයෙ නමුත් අදටත් එහි වෑඩ අවසන් කර නෑ.. මේ යන විදිහට තව මාස එකහමාරක් විතර යයි හයියොන්ඩායි සමාගමට පලමු පියවර අවසන් කරන්න..

    ඒත් එක්ක තාම දෙවෑනි පියවර විදිහට චයිනා හාබර් සමාගම ඉදිකිරීම් කටයුති අරබල මාස හතර්ක් වගේ තමා ගත වෙලා තියෙනෙන්නෙ මේගොල්ලො තමා කන්ටේනර් ටර්මිනල් එක හදන්නෙ.. ඒකෙ වෑඩ ඉවර වෙන්නෙ තව අවුරුදු දෙකහ මාරකින්
    :):)

    aiyoo salli. muslim lancut failed again
    :lol::lol::lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    මෙන්න මේකනම් පට්ට පල් බොරුවක් මම වෑඩ කරන්නෙ ඔය වියාපෘතියත් එක්ක ඕකෙ පලමු අදියර ඉවර කරල බාරදෙන්නෙ තිබ්බෙ පහුගිය අප්‍රේල් මාසයෙ නමුත් අදටත් එහි වෑඩ අවසන් කර නෑ.. මේ යන විදිහට තව මාස එකහමාරක් විතර යයි හයියොන්ඩායි සමාගමට පලමු පියවර අවසන් කරන්න..

    ඒත් එක්ක තාම දෙවෑනි පියවර විදිහට චයිනා හාබර් සමාගම ඉදිකිරීම් කටයුති අරබල මාස හතර්ක් වගේ තමා ගත වෙලා තියෙනෙන්නෙ මේගොල්ලො තමා කන්ටේනර් ටර්මිනල් එක හදන්නෙ.. ඒකෙ වෑඩ ඉවර වෙන්නෙ තව අවුරුදු දෙකහ මාරකින්

    ඔන්න ඇත්ත. මුස්ලිම් ලන්කට් පැනපන් මුහුදේ :lol::lol::lol:
     
    MuslimLankan

    Member
    Nov 25, 2008
    6,319
    697
    0
    bump-ahead-batticaloa-sri-lanka+13181965946-tpfil02aw-4009.jpg