කොළඹ ලන්දේසි බලකොටුව වර්ෂ 1867

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඉස්සර ගාල්ලේ වගේම ලස්සන කොටුවක් කොළඹත් තිලා තියනවා, මේ ඒ කොටුවේ ඉතාමත්ම විරල චයාරුප සහ එහි විස්තර ටිකක්...

    මම නම් කොලබ ගැන දන්නේ නැ,, උඹලට කියන්න පුලුවන්ද මේ කොයි හරියේද කියල??


    කොහොමද මේ කොටුව?? පට්ට ලස්සනට තියෙන්න ඇති නේද?
    colombo-fort-1867.jpg



    cmb-fport1867.jpg


    ColomboFort.jpg



    විස්තර උපුටා ගත්තේ sinhala.archaeology.lkවෙබ් අඩවියෙන් link - කොළඹ, ලන්දේසි බලකොටුව හා එහි අවශේෂ

    කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්‍යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට ස්ථාපිත පසු ලංකාවේ වෙළඳාමේ ප්‍රබල කේන්ද්‍රයක් බවට වරාය හා එහි වටා ගොඩනැගුණු ජනාවාසය පත්විය. 1505 දී ලංකාවට ගොඩබැසි පෘතුගීසින් කොළඹ වරාය ඔවුන්ගේ මධ්‍යස්ථානය ලෙස තෝරා ක්‍රමයෙන් එය විශාල බලකොටු නගරයක් ලෙසට පරිවර්තනය කළේය.

    පෘතුගීසින් විසින් 1565 දී කෝට්ටේ නගරය අතහැර දැමීමෙන් පසු ඔවුහු දොන් ජුවන් ධර්මපාල රජු හා කෝට්ටේ පුරවැසියන් කොළඹට ගෙන ගියහ. එසේ අද කොටුව කියන ප්‍රදේශයේ තිබූ පෘතුගීසි කොළඹ බලකොටුව අද පිටකොටුවේ 4 වැනි හරස් වීදිය තෙක් වර්ධනය විය. මෙලෙස 1565 දී විශාල වූ කොළඹ නගර අද කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ පැතිරී තිබූ අතර නගරය වටා ප්‍රාකාරයකින් හා වැවකින් (අද බේරේ වැව) ආරක්ෂා කරන ලදී. මෙම කොළඹ බලකොටු නගරය ධර්මපාල රජුගේ මරණය තෙක් කෝට්ටේ රාජදහනියේ නව අගනුවර වුයේය.

    640 සිට ලන්දේසින් ද කන්ද උඩ රට රාජදහනිය ද සහ පෘතුගීසින් අතර ඇතිවූ යුද්ධයෙන් පෘතුගීසි බලකොටු ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටී 1655 වන විට කොළඹ, මන්නාරම හා යාපන කොටු පමණක් ඉතිරි විය. කොළඹ බලකොටු නගරය අල්ලාගැනීමට 1655 ඔක්තෝබර් මාසේ දී මහා සටන ඇරඹිණි. මෙම පෘතුගීසි බලකොටු නගරය 1565 සිට සටන් කිහිපයකට මුහුණදී නොනැසී පවතී නමුත් අවසානයේදී 1656 මැයි මස 12 වැනි දා ලන්දේසීන්ට යටත් වූහ.

    ලංකාවේ වෙළඳාම පාලනය කිරීම සඳහා කොළඹ වරාය හා නගරයේ ඇති වැදගත්කම දැනන් සිටි ලන්දේසීන් නගරය අත්පත් කරගැනීමෙන් පසු වහාම උඩ රට හමුදාව ඇතුළුවීම අවහිර කොට ඔවුන් කොළඹ නගර තමන්ට තබා ගත්හ. මෙයින් කෝපයට පත් දෙ වැනි රාජසිංහ රජු කොළඹ අවට ප්‍රදේශවල ජනතාව රැගෙන උඩ රටට ගෙන ගිය අතර කෙටි කලකට ලන්දේසීන්ට විරුධව කටයුතු කළේය.

    නගරය අල්ලාගනීමේ දිගු සටනේ දී නැගෙනහිර ප්‍රාකාරයේ බොහොමයක් නටබුන් වී තිබූ අතර එහි අවට ගොඩනැගිලි බොහොමයක් ද විනාශ විය.

    නගරය ඔවුන්ගේ පාලනය යටතට පත්වීමත් සමඟම, උඩරටින් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානයෙන් ලන්දේසීන් වහාම නැඟෙනහිර ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ.

    නමුත් ලන්දේසි නාගරික සැළැස්ම් ලක්ෂණයක් වූ වඩාත් විධිමත් හා ක්‍රියාකාරී පද්ධතියක් මත පෘතුගීසි කොළඹ නගරය මුළුමනින්ම නැවත ඇඳීමට හා ගොඩනැඟීමට ලන්දේසි සැලසුම්කරුවන් තීරණය කර තිබුණි.

    එවිට නගරය හරහා දිවෙන දිය පහර මධ්‍ය රේඛාවක් ලෙස ගත් ඔවුහු, ඔවුන්ගේ බලකොටුව බටහිර දෙසටත්, නේවාසික නගරය නැගෙනහිර දෙසටත් සැලසුම් කළහ. බටහිර දෙසින් බලකොටුව “කස්ටීල්” (Casteel) ලෙසත් නැගෙනහිරට නගරය “ඕඩ් ස්ටැඩ්” (Oude Stad or Old City) ලෙසත් හැඳින්විණි. මෙය අද දකින කොටුව සහ පිටකොටුවේ ආකෘතිය සාදන ලදී. 1650 දශකයේ අග භාගය වන විට ඔවුන් මුළු පෘතුගීසි නගරයම (ප්‍රාකාර සහ ගොඩනැගිලි) කඩා දැමීමට පටන් ගත් අතර 1670 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම නව නගරයක් සහ බලකොටුවක් නැවත ගොඩනඟා තිබුණි.

    බ්‍රිතාන්‍යයන් යටතේ කොළඹ​

    1795 අග භාගයේදී යුරෝපයේ ඇති වූ එකඟතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලංකාවේ ලන්දේසි ප්‍රදේශ අත්පත් කර ගැනීමට පැමිණ වූ ද ලන්දේසීන්ගේ විරෝධයට ලක් විය. ත්‍රිකුණාමලය කොටුව අල්ලා ගැනීමෙන් පසු ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සියල්ලම ඉවත් කර සොල්දාදුවන් කොළඹට සංක්‍රමණය විය. බ්‍රිතාන්‍ය හමුදාව කොළඹ කොටුව වැටලීමට පැමිණ නගරය යටත් වන්නැයි ප්‍රකාශ කිරීමෙන් ලන්දේසීන් 1796 පෙබරවාරි 16 වන දින සටනකින් තොරව නගරය යටත් විය. මේ අනුව කොළඹ ලන්දේසි බලකොටුව එහි ජීවන කාලය තුල කිසිදු සටනකට ලක්වී නොමැත.
    බ්‍රිතාන්‍යයන් කොළඹ බලකොටුවට වැඩි වෙනස්කිරීම් නොමැතිව 1860 දශකය තෙක් භාවිතා කළ අතර නමුත් ප්‍රධාන වෙනස වූයේ ලන්දේසීන් මෙන් නොව කොටුව ප්‍රදේශය පුද්ගලික භාවිතය සඳහා විවෘත කර තිබීමයි.

    1860 දශකයේ මුල් භාගයේදී බලකොටුව තුළ පවත්නා හමුදා බැරැක්ක සෞඛ්‍ය සම්පන්න නොවන තත්ත්වය හේතුවෙන් හමුදාව සඳහා නව බැරැක්ක ඉදිකිරීමට තීරණය කරන ලදී. මෙම සෞඛ්‍ය සම්පන්න නොවන තත්වයට එක් සාධකයක් ලෙස කොටුවේ ප්‍රාකාරය සැලකේ. තවද මෙම කාල පරිච්ඡේදය තුළ දියුණු කාලතුවක්කු හේතුවෙන් විශාල බලකොටු යල් පැන ගිය අතර එබැවින් ලොව පුරා බොහෝ නගර එවැනි විශාල බලකොටු ඉවත් කරමින් සිටියහ. නව හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාවයට සමගාමීව කොළඹේ ආරක්ෂක විධිවිධාන යල් පැනගිය හෙයින්, කොළඹ ලන්දේසි බලකොටුවේ නැගෙනහිර හා දකුණේ කොටස් කඩා දැමීමට තීරණය කරන ලදි. 1869 සහ 1871 අතර කාලය තුළ මෙම කොටස් සහ සම්පුර්ණ දිය අගල කඩා බිඳ දමා එචෙලොන් බැරැක්ක (Echelon barracks) (දැන් කඩා දමා ඇත) 1880 දශකයේ ඉදිකරන ලද්දකි

    https://sinhala.archaeology.lk/කොළඹ-ලන්දේසි-බලකොටුව-හා-එ/?fbclid=IwAR1Lw8SmIvly4hvwX2aN9IxVyloqIFy6kv7VGhOms18MxSbLY7Uup9OKnoU

    ColomboFort.jpg
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    Thanks, guys, @Kalegana and @olu bakka I have learned something today.

    So how many colonial forts exist today? I have visited four ports, one in Galle, two in Matara, and one in Jaffna. Are there other forts here in Sri Lanka?
    තව සෑහෙන්න තියෙනවා බන්..මාතලේ තියෙනවා..රත්නපුර තියෙනවා ගවේශනයවත් හරියට නොකරපුවා...ඇම්බිලිපිටිය මාතර අතර තියෙනවා රත්නපුරෙන් සේනා අරන් ගිහින් කොටුව ෆැලැට් වෙන්නම ගහපු එකක නටඹුන්.මට නම මතක නෑ..ගොඩක් කොටු තවමත් රජයේ පරිපාලන ගොඩනැගිලි,

    මේ පොත මොකද්ද හොයාගන්න පුලුවන්ද?
    ------ Post added on Mar 11, 2023 at 10:41 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Awesome 👍

    Thanks, guys, @Kalegana and @olu bakka I have learned something today.

    So how many colonial forts exist today? I have visited four ports, one in Galle, two in Matara, and one in Jaffna. Are there other forts here in Sri Lanka?

    I have been -> Galle, Matara, Katuwana, Mannar, Kalpitiya, Poonarin, Jaffna, Trinco, Batticaloa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,476
    113
    මේ පොත මොකද්ද හොයාගන්න පුලුවන්ද?
    මේ පොතනන් මෙන්න මේක. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් publish කරපු එකක්. ගන්න පුලුවන් තැනක් නන් දන්නෙ නෑ බන්.

    RgrOUfo.jpg


    තව එකක් තියෙනව කොළඹ කොටුව ගැනම. මේකෙ තව විස්තර ගොඩක් තියෙනව කොටුව ගැන.


    6Y3jM8h.jpg