සෙනරත් රජු මියගිය විට මහා අස්ථාන හෙවත් දේවරාජසිංහ කුමරු දෙවන රාජසිංහ නමින් උඩරට රජවීම උඩරට රාජ්‍යයෙහි පමණක් නොව මුළු ලංකාවෙහිම වැදගත් සන්ධිස්ථානයක් බව කිව යුතුය.ක්‍රි.ව.1630 දී රන්දෙණිවෙල සටන මෙහෙයවීම හේතුවෙන් රජ වීමට පෙර සිටම කීර්තියට පත්ව සිටි ඔහුගේ ඒකායන බලාපොරොත්තුව වූයේ පෘතුගීසීන් ලක්දිවෙන් තුරන්කොට සමස්ත දේශයෙහිම පාලකයා වීමය.
තමා ත්‍රීසිංහලාධීශ්වර බව දැන්වූ රජු යම් යම් වරප්‍රසාද භුක්ති විදි විදේශිකයින් කප්පම් ගෙවිය යුතු බවටද නියෝග කළේය.පෙර රජවරු පෘතුගීසි ප්‍රදේශවල වරින් වර කැරලි ඇතිකොට එම ප්‍රදේශවල හානි පැමිණවීමෙන් තාවකාලීකව පෘතුගීසි බලය මර්දනය කළහ.පෘතුගීසීන් සහමුලින් පන්නා දැමීමට එම ක්‍රමය ප්‍රමාණවත් නොවන බවද ඒ සඳහා බලගතු නාවික ශක්තියක් තිබිය යුතු බවද දෙවන රාජසිංහ රජු වටහා ගත්තේය.පළමුවන රාජසිංහ රජු මෙන් දෙවන රාජසිංහ රජුද පෘතුගීසීන් කොළඹ කොටුව දක්වා එළවා දැමීමට සමත් වුවද පෘතුගීසින්ගේ නාවික ශක්තිය හේතුවෙන් එයට එහා යමක් කළ නොහැකි විය.එයට පිළියම් වශයෙන් ඔහු ඒ වන විට ඉන්දියා දූපත් සමග දූත මෙහෙවරද ලිපි ගනුදෙනු කළේය.
ජාවා දිවයිනේ ජාකර්තාවල බලය පිහිටුවා ගෙන සිටි ලන්දේසීන් වෙළදාමට අමතරව අන් යමක් බලාපොරොත්තු නොවෙතැයි සිතූ රජු ඔවුන්ට කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය හා වරායන් පමණක් ලබා දීමෙන් පෘතුගීසීන් පලවා හැරීමට උදව් ලබාගත හැකියැයි සිතීය.ලන්දේසීන්ගේ ආධාර ලබා ගැනීමේදී දෙවෙනි රාජසිංහ රජු එක් විදේශීය ජාතියක් වෙනුවට තවත් විදේශීය ජාතියක් මෙරටට වැද්ද ගැනීමට කිසිවිටෙකත් නොසිතීමද විශේෂයෙන් සැලකිය යුත්තකි.ඔහුගේ ඒකායන පරමාර්ථය වූයේ පෘතුගීසීන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම නිදහස් කර ගැනීමය.
දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ගෙන් උපකාර පැතීම පෘතුගීසීන් රුසන්නක් නොවීය.ඒ අනුව එවකට මෙරට පෘතුගීසි ආණ්ඩුකාරයාව සිටි දියෝගුද මේලෝ කිසිවෙකුගේ අදහස් නොවිමසා ක්‍රි.ව.1638 දී නැවතත් උඩරට ආක්‍රමණය කළේය.එසේ වුව රණශූර දෙවන රාජසිංහ රජු දියෝගුද මේලෝ පවා මරමුවට පත් කරමින් ආක්‍රමණය මැඩ පවත්වා පෘතුගීසි හමුදාව සමූලඝාතනය කර දැමුවේය.ඉන් නොනැවතුණු රජු පහතරට ප්‍රදේශවල ජනතාව ලවා කැරලි ඇතිකොට පෘතුගීසි පාලනය අවුල් කොට දැමුවේය.
අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් නැමැත්තා යටතේ ලන්දේසි නැව් කණ්ඩායමක් මඩකලපුවට ළඟා වූයේ මේ අවධියේය.පෘතුගීසීන්ට පහරදීම සදහා කදිම අවස්ථාවක් එළඹ ඇති බව වටහා ගත් හෙතෙම මඩකලපු වරාය අපහසුවකින් තොරව අල්ලා ගත්තේය.මෙයින් සතුටට පත් රජතුමා අද්මිරාල් වෙස්ටර් වෝල්ඩ් සමග 1638 දී අලුත් ගිවිසුමකට එළඹියේය.
ක්‍රි.ව.1638 දී අත.්සන් තබන ලද එම ගිවිසුමට අනුව රජු පෘතුගීසීන් නෙරපා දැමීම සඳහා වැයවන මුදල ලන්දේසීන්ට ගෙවීමටද එතෙක් ඔවුන් භුක්ති විදි කුරුදු වෙළදාම පිළිබඳ අයිතිය ලන්දේසීන්ට පැවරීමට එකඟ විය.පෘතුගීසීන්ගෙන් අල්ලා ගන්නා ලද බළකොටු උඩරට රජුගේ කැමැත්ත පරිදි විනාශ කිරීමට හෝ පිළිසකර කොට ලන්දේසීන්ට නතර වී හිඳීමට ඉඩදීමටද රජු එකඟ විය .එසේ වුවද එහදී ලන්දේසීහු “උඩරට රජු කැමති පරිදි”යන්න සිතාමතාම තමන්ගේ පිටපතෙහි සදහන් නොකිරීමට වගබලා ගත්හ.
ඔවුන්ගේ අභිප්‍රාය වූයේ පෙරදිගදී තමන්ට වෙළද වාසි අත්කර ගත හැකි ප්‍රදේශ තමන් සතු කර ගැනීමය.ඒ අනුව එවකට ලෝකයේ ඉස්තරම්ම කුරුදු නිපදවන රට පෘතුගීසීන්ගෙන් නිදහස් කොට උඩරට රජුගේ ආධිපත්‍යයට නතු කොට එහි වෙළද අයිතිය පමණක් රදවා ගැනීමට ඔවුන් අදහස් කළේ නැත. ඒ අනුව ඉහත සදහන් උඩරට රජු කැමති පරිදි යන වගන්තිය ඇතුළත් නොකිරීම හේතුවෙන් ලන්දේසීන් මෙරට ඉන්නා තුරාවට උඩරට රජු හා ඔවුන් අතර ගැටුම් ඇතිවීම වළක්වා ගත හැකි නොවීම.
ක්‍රි.ව.1639 මැයි මාසයේදී නැගෙනහිර වෙරළේ ඉතිරිව තිබූ එකම පෘතුගීසි බළකොටුව වූ ත්‍රිකුණාමලය අල්ලා ගත් ලන්දේසීහු ක්‍රි.ව.1640 පෙබරවාරි මාසයේදී මීගමුවද,ඊළඟ මාසයේදී ගාල්ලද අත්පත් කර ගත්හ.ක්‍රි.ව.1656 දී කොළඹ කොටුවද යටත් කර ගැනීමට හැකිවූ අතර ඒ අනුව පෘතුගීසීන් එළවා දැමීමේ රජුගේ අදහස සඵල වුවද රජු හා ලන්දේසීන් අතර මතභේදවල අඩුවක් නොවීය.
කෙසේ වුවද ක්‍රි.ව.1645 දී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ සම්බන්ධව ලන්දේසීන් හා පෘතුගීසීන් අතර සාම ගිවිසුමක් ඇති වූ අතර එය රාජසිංහ රජු කිසිසේත්ම ඉවසූ දෙයක් නොවීය.එම ගිවිසුමට අනුව මීගමුව සහ ගාලු වාරායන්ද,බෙන්තර ගගේ සිට වළවේ ගඟ දක්වා රට අභ්‍යන්තරයට සැතපුම් 40 සිට 60 අතර ප්‍රමාණයක මුහුදුබඩ බිම් තීරයද ලන්දේසීන්ට අයත් බව පෘතුගීසීන් පිළිගෙන තිබුණි.තමාගේ උපකාරයට ගෙන්වා ගත් මිතුරා සතුරා සමග අත්වැල් බැද ගැනීම රාජසිංහ රජු අපේක්ෂා කළ දෙයක් නොවේ.මේ කාරණා හේතුවෙන් එම කාලයේදී දෙවන රාජසිංහ රජු ලන්දේසීන්ට එරෙහිව කටයුතු කිරීමට පටන් ගත්තේය.
ඔය අතරේම පෘතුගීසීන්ද රජු හා සාම ගිවිසුමකට එළඹීමට කටයුතු කළහ.එසේවුව ක්‍රි.ව.1649 දී පමණ ඔවුන් එවූ තානාපතියා වෙත රජු ඔවුනට පිළිගත නොහැකි ආකාරයේ කොන්දේසි දෙකක් නැවතත් ඉදිරිපත් කළේ නැවතත් ඔවුන් හා සමගි සාමදානයකට එළඹීමට නොකැමති වූ නිසාය.මුළු ලංකාද්වීපයෙහිම අධිපතියා තමන් වියයුතු බව පළමු කොන්දේසිය වූ අතර දෙවැන්න වූයේ කතෝලික පූජකවරුන්ට උඩරට ප්‍රදේශවල වාසය කිරීමට ඉඩදෙන අතර පෘතුගීසීන් සතු සෑම ප්‍රදේශයකම නතරවීමේ බලය බෞද්ධ භික්ෂූන් වහන්සේලා සතුවිය යුතු බවය.ඒ ආදී කාරණා මත සාම සාක්ච්ඡා මල්පල නොගැණුනි.
ක්‍රි.ව.1650 අවසාන භාගයේදී ලන්දේසි-පෘතුගීසි මිත්‍රත්වයද බිඳ වැටුණි.ඒ වන විට ලංකාවේ පෘතුගීසීන් සතුව තිබුණේ කළුතර,අගුරුවාතොට,කොළඹ,මන්නාරම හා යාපනය බළකොටු පමණි.ලන්දේසීන් නැවතත් එම ප්‍රදේශවලට පහරදීම ඇරඹූ අතර රාජසිංහ රජුද අවස්ථාව බලා ගොඩබිමින් පෘතුගීසීන් පහර දුන්නේය.ක්‍රි.ව.1655 දී කළුතර හා අගුරුවාතොට බළකොටු අල්ලා ගත් ලන්දේසීහු කොළඹ වෙත නෙත් යොමු කළහ.එසේ වුව කොළඹ කොටුවට පහර දෙනු ප්‍රමාද වෙනු දුටු ගැස්පා ෂිගේරා නම් පෘතුගීසි කපිතාන්වරයා යළිත් වරක් අගුරුවාතොට අල්ලාගෙන සතර කෝරළයේ හා සත් කොරළයේ සිටි සේනාවන්ට පහරදී පන්නා දමා එම ප්‍රදේශද,සබරගමුව හා බුලත්ගම ආදී ප්‍රදේශවලද තමන්ගේ බලය තහවුරු කර ගත්තේය.
එසේ වුව දෙවන රාජසිංහ රජු රට අභ්‍යන්තරයේ පෘතුගීසි බළකොටුවලට පහරදී ජය ගනිමින් සිටි හේතුවද,ලන්දේසි හමුදාවන්ට ආහාර පානාදිය සපයමින් උපකාර කළ හෙයින්ද ක්‍රි.ව.1656 මැයි 12 වැනි දින කොළඹ කොටුව අතහැර දැමීමට පෘතුගීසීන්ට සිදු විය.ඉතිරිව තිබූ මන්නාරම හා යාපනය ද ක්‍රි.ව.1658 පෙබරවාරි හා ජුනි මාසවලදී අල්ලා ගන්නා ලදී.එසේ වුව තමන්ගේ ද ආධාර ඇතිව කොළඹ කොටුව අල්ලාගත් ලන්දේසීන් වගක් නොමැතිව තනිවම එය අත්පත් කරගෙන සිටීම දෙවන රාජසිංහ රජු පුදුමයට හා කෝපයට පත්විය.
පෘතුගීසීන් පලවා හැරි කල රටේ ඔවුන් සතුව තිබූ සෑම බිම් අඟලක්ම ලන්දේසීන් සතු වූයේ යැයි නොසිතිය යුතුය.ලන්දේසීන්ගේ අරමුණ වටහා ගත් දෙවන රාජසිංහ රජතුමා හැකිතාක් එය වැළැක්වීමට පියවර ගත්තේය.එහි ප්‍රතිඵලයක් වශයෙන් පෘතුගීසීන් සතුව තිබූ ප්‍රදේශවලින් වැඩි ප්‍රමාණයක් උඩරට රාජධානියට ඈදා ගැනීමට රජු සමත් වූයේය.ක්‍රි.ව.1638 දී පුත්තලමේ සිට මීගමුව දක්වා මුහුදුබඩ තීරය පෘතුගීසීන් සතුව පැවතියද ක්‍රි.ව.1658 වන විට ඒ ප්‍රදේශ අයිතිව තිබුණේ උඩරට රාජ්‍යයටය.ඒ අනුව කල්පිටිය හා මන්නාරම වරායන් උපයෝගී කරගෙන උඩරට වැසියනට සෘජුවම විදේශික වෙළදුන් හා වෙළද කටයුතුවල නිරත විය හැකිව අතර ඒ හේතුවෙන් උඩරට රාජ්‍යය තුළ ආර්ථික සංවර්ධනයක්ද ඇති විය.එයට අමතරව සත්කෝරළය සහමුලින්මච,සබරගමුවේ හා සතර කෝරළයේ වැඩි ප්‍රමාණයක්ද තමන්ගේ අණසක යටතට ගැනීමට උඩරට රජු සමත්ව සිටි අතර,
කුරුඳු නොවැවෙතැයි යන විශ්වාසය කළ මඩකලපුව හා ත්‍රිකුණාමලය අවට ප්‍රදේශ ලන්දේසීන් විසින් රජුට භාරදී තිබුණි.ඒ අනුව බලන කල පෙර කිසි විටෙකත් නොවූ අන්දමට උඩරට රාජ්‍යය සතුව විශාල භූමි ප්‍රදේශයක් තිබුණි.උඩරට රජු කෝප ගැන්වීම භයානක ප්‍රතිඵල ගෙන දෙන්නක් බව දැන සිටි ලන්දේසීහු,රජු ත්‍රිසිංහලාධීශ්වර බව පිළිගනිමින් තමන් උඩරට රජුගේ සුච්ච කීකරු සේවකයින් බව ප්‍රකාශ කළහ.එසේම කුරුදු ලබා ගැනීමේදී ඔවුන්ට උඩරට රජුට කප්පම් ගෙවීමටද සිදුවිය.එසේවුව මේ සියල්ල එපරිද්දෙන්ම තබා ගැනීම සදහා ක්‍රි.ව.1658 න් පසුව උඩරට රජුට ලන්දේසීන් සමග බලවත් අරගලයක නිරත වීමට සිදුවිය.