කොළඹ කොටුව සහ පිටකොටුවේ ඉතිහාසය
කොළඹ නැතහොත් කොළොන්තොට, කෝට්ටේ යුගයට පෙර ද පැවතී ඉතිහාසික වරායකි. 15 වැනි සියවසේ සිට කෝට්ටේ රජ්යදහනියේ ප්‍රධාන වරාය ලෙස කොළොන්තොට ස්ථාපිත පසු ලංකාවේ වෙළඳාමේ ප්‍රබල කේන්ද්‍රයක් බවට වරාය හා එහි වටා ගොඩනැගුණු ජනාවාසය පත්විය. 1505 දී ලංකාවට ගොඩබැසි පෘතුගීසින් කොළඹ වරාය ඔවුන්ගේ මධ්‍යස්ථානය ලෙස තෝරා ක්‍රමයෙන් එය විශාල බලකොටු නගරයක් ලෙසට පරිවර්තනය කළේය.
පෘතුගීසින් විසින් 1565 දී කෝට්ටේ නගරය අතහැර දැමීමෙන් පසු ඔවුහු දොන් ජුවන් ධර්මපාල රජු හා කෝට්ටේ පුරවැසියන් කොළඹට ගෙන ගියහ. එසේ අද කොටුව කියන ප්‍රදේශයේ තිබූ පෘතුගීසි කොළඹ බලකොටුව අද පිටකොටුවේ 4 වැනි හරස් වීදිය තෙක් වර්ධනය විය. මෙලෙස 1565 දී විශාල වූ කොළඹ නගර අද කොටුව හා පිටකොටුව ප්‍රදේශයේ පැතිරී තිබූ අතර නගරය වටා ප්රාකාරයකින් හා වැවකින් (අද බේරේ වැව) ආරක්ෂා කරන ලදී. මෙම කොළඹ බලකොටු නගරය ධර්මපාල රජුගේ මරණය තෙක් කෝට්ටේ රාජදහනියේ නව අගනුවර වුයේය.
( 1656 දී පෘතුගීසි කොළඹ නගර )
1640 සිට ලන්දේසින් ද කන්ද උඩ රට රාජදහනිය ද සහ පෘතුගීසින් අතර ඇතිවූ යුද්ධයෙන් පෘතුගීසි බලකොටු ක්‍රමයෙන් ක්‍රමයෙන් වැටී 1655 වන විට කොළඹ, මන්නාරම හා යාපන කොටු පමණක් ඉතිරි විය. කොළඹ බලකොටු නගරය අල්ලාගැනීමට 1655 ඔක්තෝබර් මාසේ දී මහා සටන ඇරඹිණි. මෙම පෘතුගීසි බලකොටු නගරය 1565 සිට සටන් කිහිපයකට මුහුණදී නොනැසී පවතී නමුත් අවසානයේදී 1656 මැයි මස 12 වැනි දා ලන්දේසීන්ට යටත් වූහ.
ලංකාවේ වෙළඳාම පාලනය කිරීම සඳහා කොළඹ වරාය හා නගරයේ ඇති වැදගත්කම දැනන් සිටි ලන්දේසීන් නගරය අත්පත් කරගැනීමෙන් පසු වහාම උඩ රට හමුදාව ඇතුළුවීම අවහිර කොට ඔවුන් කොළඹ නගර තමන්ට තබා ගත්හ. මෙයින් කෝපයට පත් දෙ වැනි රාජසිංහ රජු කොළඹ අවට ප්‍රදේශවල ජනතාව රැගෙන උඩ රටට ගෙන ගිය අතර කෙටි කලකට ලන්දේසීන්ට විරුධව කටයුතු කළේය.
නගරය අල්ලාගනීමේ දිගු සටනේ දී නැගෙනහිර ප්රාකාරයේ බොහොමයක් නටබුන් වී තිබූ අතර එහි අවට ගොඩනැගිලි බොහොමයක් ද විනාශ විය.
නගරය ඔවුන්ගේ පාලනය යටතට පත්වීමත් සමඟම, උඩරටින් ප්‍රහාරයක් එල්ලවීමේ අවධානයෙන් ලන්දේසීන් වහාම නැඟෙනහිර ප්‍රාකාරය ප්‍රතිසංස්කරණය කිරීමට පටන් ගත්හ.
නමුත් ලන්දේසි නාගරික සැළැස්ම් ලක්ෂණයක් වූ වඩාත් විධිමත් හා ක්‍රියාකාරී පද්ධතියක් මත පෘතුගීසි කොළඹ නගරය මුළුමනින්ම නැවත ඇඳීමට හා ගොඩනැඟීමට ලන්දේසි සැලසුම්කරුවන් තීරණය කර තිබුණි.
එවිට නගරය හරහා දිවෙන දිය පහර මධ්‍ය රේඛාවක් ලෙස ගත් ඔවුහු, ඔවුන්ගේ බලකොටුව බටහිර දෙසටත්, නේවාසික නගරය නැගෙනහිර දෙසටත් සැලසුම් කළහ. බටහිර දෙසින් බලකොටුව “කස්ටීල්” (Casteel) ලෙසත් නැගෙනහිරට නගරය “ඕඩ් ස්ටැඩ්” (Oude Stad or Old City) ලෙසත් හැඳින්විණි. මෙය අද දකින කොටුව සහ පිටකොටුවේ ආකෘතිය සාදන ලදී. 1650 දශකයේ අග භාගය වන විට ඔවුන් මුළු පෘතුගීසි නගරයම (ප්‍රාකාර සහ ගොඩනැගිලි) කඩා දැමීමට පටන් ගත් අතර 1670 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම නව නගරයක් සහ බලකොටුවක් නැවත ගොඩනඟා තිබුණි.
( 1756 දී කොළඹ )
“කස්ටීල්” නැමති ප්‍රධාන බලකොටුව (The Casteel or Fort)
“කස්ටීල්” ලෙසින් හැඳින් වූ මෙම බලකොටුව එවකට ලන්දේසි බලකොටු සැලසුම් මත නිර්මාණය කර ඇති අතර ප්රාකාරයකින් සම්බන්ධ කර ඇති “බැස්ටියන්” (Bastion) නවයකින් සමන්විත විය. වරාය පිහිටුවන ලද වරාය තුඩුවේ (ගල්බොක්ක) කුඩා පරිවාරික බලකොටු (Gun Battery) තුනක් (පසුව දෙකකට අඩු කරන ලදී) ඉදිකරන ලද අතර ඒවා ආරක්ෂක-ගබඩා (fortified warehouse) දෙකකින් ප්‍රධාන බලකොටුවට සම්බන්ධ කළහ. ලන්දේසීන් ද තම බලකොටුව ආරක්ෂා කර ගැනීම සඳහා පෘතුගීසි නගරය මැදින් ගැලු දිය පහර ඔවුන්ගේ දිය අගල ලෙසට පරිවර්තනය කළහ. ලන්දේසි බලකොටුව ඉදිකර ඇත්තේ කබොක් සහ ගල් මිශ්‍රණයකින් වන අතර තුවක්කු 100 ක් පමණ එහි තිබෙන්නට ඇත.
කොටුවට ප්‍රධාන පිවිසුම් 3 ක් තිබුණි, නැගෙනහිරට ‘ඩෙල්ෆ්ට්’ දොරටුව (Delft) ද, දකුණට ‘ගාල්ලේ’ දොරටුව (Galle) ද, වයඹ දෙසින් ‘ජල-දොරටුව’ (Water-gate)ද විය. ජල-දොරටුව ආරක්ෂක-ගබඩාවේ මධ්‍යයේ පිහිටා තිබූ අතර වරායට ප්‍රවේශය ලබා දුන්හ. මේ හැරුණු විට සුළු දොරටු දෙකක් ද විය. බටහිර ප්රාකාරයේ ‘වහල් දොරටුව’ (Slave-gate) වහලුන් නවාතැන් ගෙන සිටි වෙරළට පිවිසීමට ඉඩ සලසා දුන් අතර ගිනිකොන දෙසින් පිහිටි ‘රොටර්ඩෑම් දොරටුව’ (Rotterdam) දිය අගලෙන් කොටුව ඇතුලෙහි සෑදූ ඇළ මාර්ග දෙක සඳහා වූ දොරටුවකි. බලකොටුවේ සියලු ප්‍රධාන ලක්ෂණ 1660 දශකය අවසන් වන විට සම්පූර්ණ කරන ලදී.
මෙම බලකොටුව ලන්දේසීන්ගේ ඉහළම නිලධාරීන්ට හා හමුදාවට වෙන් කර වූහ. ආණ්ඩුකාරවරයා ඇතුළු විවිධ නිලධාරීන්ගේ නිවස්, විවිධ කාර්යාල, හමුදා බැරැක්ක සහ ආයුධ ගබඩා, පල්ලියක් සහ රෝහලක් ද ඇතුළත් විය. උතුරු-දකුණු අක්ෂයේ ධාවනය වන ප්‍රධාන වීදි දෙකකින් සමන්විත වූ අතර කුඩා හරස් වීදි කිහිපයක් ද සකස් කර ඇත. තවද ඉහත සඳහන් කළ පරිදි කුඩා ඇළ මාර්ග දෙකක් ද සාදන ලදී. මෙම වීදි රටාව කොටුවේ වර්තමාන වීදි රටාව වන අතර යෝර්ක් වීදිය (York Street) සහ ජනාදිපති මාවත (former Queen’s Street) ඉහත සඳහන් ප්‍රධාන වීදි දෙක වේ.
ලංකාවේ ලන්දේසි පාලනය කොළඹ, යාපනය සහ ගාල්ල යන කලාප තුනකට බෙදා තිබුනේය. මේ අනුව මෙම මධ්‍යස්ථාන තුනේ බලකොටු ඔවුන් විසින් සාදන ලද විශාලතම බලකොටු වන අතර අනෙක් සියලුම ලන්දේසි බලකොටු ප්‍රමාණයෙන් කුඩා වූ සහ මෙම ප්‍රධාන බලකොටු තුන යටතේ යටත් බලකොටු ලෙස ක්‍රියා කළේය.
කොළඹ බලකොටුව යාපනය බලකොටුවට වඩා විශාල ද ගාල්ලට වඩා කුඩා වූවද ආරක්ෂක ලක්ෂණ සලකා බැලීමේදී කොළඹ ලංකාවේ ලන්දේසි බලකොටුවල ශක්තිමත්ම බලකොටුව ලෙස ප්‍රකාශ කළ හැකිය.
“ඕඩ් ස්ටැඩ්” නමැති නේවාසික නගරය (Oude Stad)
දිය පහරට නැඟෙනහිර දෙසින් හා පෘතුගීසි නගර සීමාව තුල ‘ඔඩ් ස්ටැඩ්’ (Oude Stad) ලෙස හැඳින්වෙන ලන්දේසීන්ගේ නේවාසික නගරය ගොඩනඟන ලදී. මෙය අද දකින පිටකොටුව නම් වේ. 1656 දී පෘතුගීසි නගරය අල්ලා ගත් විගසම, නටබුන් වූ පෘතුගීසි ප්රාකාරයට සුළු වෙනස් කිරීම් මගින් ශක්තිමත් කරන ලද නමුත් 1660 වන විට ඔවුන් තම නගරය ආරක්ෂා කිරීම සඳහා නව ආරක්ෂක වළල්ලක් ඉදිකිරීමට තීරණය කළහ; 1670 දශකය වන විට නගරය උතුරු, නැගෙනහිර සහ දකුණින් ‘බැස්ටියන්’ හතකින් සමන්විත නව ප්රාකාරයකින් ආරක්ෂා කරන ලදහ. ඊසාන දෙසින් පිහිටි ‘බැස්ටියනය’ (Bastion of Victoria) අසල පිහිටා ඇති ‘මීගමුව දොරටුව’ (Negombo gate) නමින් එක් ප්‍රධාන දොරටුවක් තිබී ඇති අතර එය කැළණි ගඟට සහ අනෙකුත් ප්‍රදේශවලට මඟ පෑදීය.
කෙසේ වෙතත්, 17 වන ශතවර්ෂයේ අවසානය වන විට ‘කස්ටීල්’ නමැති ප්‍රධාන බලකොටුව පමණක් ප්‍රමාණවත් වන බව තීරණය කර ලන්දේසීන් 1690 ගණන් වලදී මෙම නගරය වටාවූ බලකොටු කොටස් දිරාපත්වීමට ඉඩ දී 1730 දශකයේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලදී.
ප්‍රාකාරය ඉවත් කිරීමෙන් පසු, කලින් මීගමුව දොරටුව හරහා නගරයෙන් පිටත සිට ප්‍රධාන පිවිසුම වර්තමාන කෙලින් වීදිය (Main Street) සමඟ පෙලගැස්වීම සඳහා මාරු කරන ලද අතර එහි ‘කයිමන් දොරටුව’ (Kaymens gate) නමින් මුරපොලක් සකස් කරන ලදී.
නගරයේ බිම් සැලැස්ම සැලසුම් කර ඇත්තේ සෘජුකෝණාශ්‍රාකාර සහ හරස් වීදි රටාවෙනි. මෙය වර්තමාන පිටකොටුවේ එලෙසින්ම දැකිය හැකිය. මෙම නගරය යුරෝපීයයන්ගේ මිශ්‍ර ජාතිකත්වයක් ඇතුළත් VOC හි අනෙකුත් සියලුම නිලධාරීන් සඳහා වෙන් කර ඇත. නිව්ස් සියල්ලම පාහේ එක් මහලක් (ගාලු බලකොටුව වැනි) වූ අතර ඊට අමතරව නගරයට සුසාන භූමියක් ද, කඩමණ්ඩියක් ද, සෙමනේරියක් ද, ළමා අනාථ නිවාසයක් සහ රෝහලක් ද තිබුණි.
බ්‍රිතාන්‍යයන් යටතේ කොළඹ
1795 අග භාගයේදී යුරෝපයේ ඇති වූ එකඟතාවයක් හේතුවෙන් බ්‍රිතාන්‍යයන් ලංකාවේ ලන්දේසි ප්‍රදේශ අත්පත් කර ගැනීමට පැමිණ වූ ද ලන්දේසීන්ගේ විරෝධයට ලක් විය. ත්‍රිකුණාමලය කොටුව අල්ලා ගැනීමෙන් පසු ලන්දේසීන් ඔවුන්ගේ බලකොටු සියල්ලම ඉවත් කර සොල්දාදුවන් කොළඹට සංක්‍රමණය විය. බ්‍රිතාන්‍ය හමුදාව කොළඹ කොටුව වැටලීමට පැමිණ නගරය යටත් වන්නැයි ප්‍රකාශ කිරීමෙන් ලන්දේසීන් 1796 පෙබරවාරි 16 වන දින සටනකින් තොරව නගරය යටත් විය. මේ අනුව කොළඹ ලන්දේසි බලකොටුව එහි ජීවන කාලය තුල කිසිදු සටනකට ලක්වී නොමැත.
බ්‍රිතාන්‍යයන් කොළඹ බලකොටුවට වැඩි වෙනස්කිරීම් නොමැතිව 1860 දශකය තෙක් භාවිතා කළ අතර නමුත් ප්‍රධාන වෙනස වූයේ ලන්දේසීන් මෙන් නොව කොටුව ප්‍රදේශය පුද්ගලික භාවිතය සඳහා විවෘත කර තිබීමයි.
1860 දශකයේ මුල් භාගයේදී බලකොටුව තුළ පවත්නා හමුදා බැරැක්ක සෞඛ්‍ය සම්පන්න නොවන තත්ත්වය හේතුවෙන් හමුදාව සඳහා නව බැරැක්ක ඉදිකිරීමට තීරණය කරන ලදී. මෙම සෞඛ්‍ය සම්පන්න නොවන තත්වයට එක් සාධකයක් ලෙස කොටුවේ ප්‍රාකාරය සැලකේ. තවද මෙම කාල පරිච්ඡේදය තුළ දියුණු කාලතුවක්කු හේතුවෙන් විශාල බලකොටු යල් පැන ගිය අතර එබැවින් ලොව පුරා බොහෝ නගර එවැනි විශාල බලකොටු ඉවත් කරමින් සිටියහ. නව හමුදා බැරැක්ක ඉදිකිරීමේ අවශ්‍යතාවයට සමගාමීව කොළඹේ ආරක්ෂක විධිවිධාන යල් පැනගිය හෙයින්, කොළඹ ලන්දේසි බලකොටුවේ නැගෙනහිර හා දකුණේ කොටස් කඩා දැමීමට තීරණය කරන ලදි. 1869 සහ 1871 අතර කාලය තුළ මෙම කොටස් සහ සම්පුර්ණ දිය අගල කඩා බිඳ දමා එචෙලොන් බැරැක්ක (Echelon barracks) (දැන් කඩා දමා ඇත) 1880 දශකයේ ඉදිකරන ලද්දකි.