Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොළඹ වරායත් විකුණයිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොළඹ වරායත් විකුණයිද?

මෛත්රි -රනිල් ආණ්ඩුව වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් මෙන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක පවසයි .අද (15) පැවති ප්රවෘ ත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .

වත්මන් රජය , රාජ්ය-පෞද්ගලික ඒකාබද්ධ ව්යවසාය කියලා නමක් හදාගෙන රටේ දේපොළ පුද්ගලික කොම්පැනිවලට විකුණන බවත් , මේ විදිහට එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙන එමින් සිටින බව ඔහු පැවසුවා .

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රිවරයා ,

රටේ වටිනා සම්පත්, රාජ්ය ආයතන, විකුණා ඈවර කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු පාලකයින් මීට කලිනුත් අපේ රටේ දේපළ විකිණීම මගින් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා මතයක් ගොඩනැගුවා. 1988 රාජය ආයතන විකුණා දැමීම ආරම්භ කරපු එවකට ආණ්ඩුව එමගින් රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාව තිබෙනවා කිව්වත් ඊට එරෙහිව ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වීමට පටන් ගත්තා. ඉන්පසුව ජනතාකරණය නමින් විකිණීම ආරම්භ වුණා. ඒ දවස්වල පත්තරවල පිටු ගණන දැන්වීම් දැම්මා, එහි කොටසක් ඇත ඔබටත්’කියලා. එහෙත් ජනතාකරණයෙන් රටේ ආර්ථිකයට හිතකර තත්වයක් ඇතිවුණේ නැහැ. අද වර්තමාන ආණ්ඩුව අලූත් සංකල්පයක් ගෙනත් තිබෙනවා, රාජ්ය-පෞද්ගලික ඒකාබද්ධ ව්යවසාය කියලා. ඒ නමින් රාජ්ය දේපළ කොම්පැනිවලට විකුනන්න යනවා. මේ විදිහට එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙනාවා.

ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුවේ ප්රධාන එකක් තමයි හම්බන්තොට වරාය. භූමි පිහිටීම අනුව හම්බන්තොට දියුණු කළ හැකි වරායක්ව තිබෙනවා. පිහිටීම අනුව වරායක් ඉදිකිරීම සඳහා මුලින්ම කැබිනට් පත්රිකාව ආවේ චන්ද්රිකා ආණ්ඩුව සමයේ. ඒ වෙනකොට අපිත් කැබිනට් එකේ හිටියා. නැව් තෙල් සැපයීම, ජලය, ආහාර වැනි සේවා සපයන වරායක් බවට පත්කිරීමට තමයි, පළමු යෝජනාව තිබුණේ. නමුත් රාජපක්ෂ පාලනය භාණ්ඩ හුවමාරු කරන වරායක් බවට පත් කළා. දැන් හම්බන්තොට වරාය විකිණීමට ප්රධාන තර්ක දෙකක් ගේනවා. එකක් තමයි නැව් එන්නේ නැහැ කියන එක. අනෙක් කරුණ ණය බර. කුමන හෝ නැවක් වරායට ඇතුල් කරන විට එම වරායේ අයිතිය පිළිබඳව හොයා බලන්නේ නැහැ. ඒ නිසා වරාය විකුණුවා කියලා නැව් නැති එකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් වරාය ආණ්ඩුව යටතේ තබාගෙන සේවා සපයන ස්ථානයක් ලෙස දියුණු කළ හැකි අතර එයින් විශාල ලාභයක් ලබා ගත හැකියි. එසේ තිබියෙදී තමයි විකුණන්න හදන්නේ.

ණයවලින් ගැලවෙන්න කියලා ඩොලර් මිලියන 1200කට චීන සමාගමකට වරාය පවරන්න ගියත් ඒ ඩො.මි. 1200ට මොකද කරන්න යන්නේ. ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා, කුරුණෑගල සිට හබරණට ඩො.මි. 970ක් වියදම් කරලා රේල්පාරක් දාන්න. එහෙම කළ කියලා ණයෙන් නිදහස් වීමක් නැහැ. අනෙක් බරපතළ කාරණය තමයි අවුරුදු 99කට වරාය පවරා දීම. ඒ කියන්නේ 2115 වන තෙක් හම්බන්තොට වරාය අයිතිවන්නේ චීන සමාගමටයි. 2115 වන විට ගත්ත චීනත් නැහැ, දුන්න රනිලූත් නැහැ. කතා කරන මමත් නැහැ. මේක අහන් ඉන්න ඔබත් නැහැ. ඒ කියන්නේ දුන්නම තමයි. මේ පවරා දීම කරන්නේ ආණ්ඩුවට 20%ක් සහ සමාගමට 80%ක් වශයෙන්. වසර 15ක් ගතවෙන තෙක් ආණ්ඩුවේ 20%ට ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ වගේම සමාගම විසින් ආණ්ඩුවට බදු ගෙවීම් කරන්නේ නැහැ. ඒ නිසා මේ රනිල්-මෛත්රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණයි.

ඒ විතරක් නෙමෙයි හම්බන්තොට වරාය ආසන්නයේ අක්කර 15,000ක ඉඩම් චීන සමාගමකට ලබාදෙන්න යනවා. අපේ රටේ ආර්ථික කලාප 17ක් තිබෙනවා. කටුනායක ආර්ථික කලාපය අක්කර 192යි. කොග්ගල අක්කර 195ක් වෙනවා. රටේ තිබෙන ආර්ථික කලාප 17 ගත්තත් ඉඩම් ප්රමාණය අක්කර 2000ට අඩුයි. ඉන්දියාව වගේ විශාලතම රටක පිහිටි විශාලතම වෙළඳ කලාපය වන ශ්රී සිටි ඉන්දියා අක්කර 7000යි. එසේ තිබියෙදී අපේ රටේ ජනතාවට අයිති ඉඩම් අක්කර 15,000ක් චීන කොම්පැනියකට දේනේ ඇයි? මේ ඉඩම් සාරවත් වුණේ මුතුන් මිත්තතන්ගේ ඇටකටු දිරාපත් වෙලයි. ඒ වගේම අපේ රටේ ජනතාවගේ දහදිය කඳුළුවලින් මේ ඉඩම් සාරවත් වී තිබෙනවා. එවැනි ඉඩම් කොම්පැනිවලට විකුණා දැමීමට ඉඩදිය යුතුද? කොළඹ නගරය වගේ 1/10ක වගේ කොටසක් මේ විදිහට පෞද්ගලික සමාගමකට පවරා දෙන්න යන්නේ කොග්ගල, කටුනායක, බියගම වෙළඳකලාපවල විශාල බිම් කොටස් ඉතිරිව තිබියෙදීයි.

කල්පිටිය ආශ්රිතව දූපත් 14ක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දූපත් 14 විකුණා දමන්න උත්සාහ කළත් ඔවුන්ට විකිණීමට හැකිවුණේ දුපත් දෙකක් පමණයි. නමුත් වත්මන් ආණ්ඩුව සංචාරක ප්රවර්ධනයට මුවා වෙලා ඉතිරි දුපත් විකුණන්න හදනවා. ප්රාදේශීය ලේකම් කාර්යාවලට අයිතිව තිබෙන මේ දුපත් මේ වන විට සංචාරක මණ්ඩලයට පවරාගෙන තිබෙනවා. රටකට අයිති දුපත් ටික පවා විකුණා දමන තැනකට මේ පාලකයින් අපේ රට ඇද දමා තිබෙනවා.

ලෝකයේ වරායවල් අතරින් 26වැනි ස්ථානයේ තිබෙන කොළඹ වරායත් විකුණා දමන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඉන්දියාවේ තිබෙන විශාල වරායවල්වලටත් වඩා ඉහළ මට්ටමක කොළඹ වරාය පිහිටීමට ප්රධාන හේතුව වෙලා තියෙන්නේ ප්රතිනැව්ගත කිරීමයි. කොළඹ වරායේ ආණ්ඩුව සතුව තිබෙන නැගෙනහිර පර්යන්තය මීටර් 18ක් ගැඹුරට නවීකරණය කළා. දැන් ලෝකයේ තිබෙන විශාලතම නැව් නැගෙනහිර ජැටියට ඇතුල් කරන්න පුළුවන්. බහාලූම් මෙහෙයවන දොඹකර 12ක් සවිකර ප්රතිනැව්ගත කිරීම හරහා විශාල ලාභයක් ආණ්ඩුවට ලබාගැනීමට හැකිව තිබියෙදී පෞද්ගලික සමාගම් වලට දෙන්න යනවා. 15%ක් ආණ්ඩුවටත් 85%ක් පෞද්ගලික සමාගමටත් හිමිවන ආකාරයෙන් වසර 35කට ලබාදෙන්න මේ වන විට වෙන්දේසියට දමා තිබෙනවා.

අපේ රටේ වැදගත්ම ඛනිජවැලි නිධිය පුල්මුඬේ ඛනිජවැලි නිධියයි. එම නිධියේ 70%-80%ත් අතර ප්රමාණයක් වැදගත්ම ඛනිජ අඩංගු වී තිබෙනවා. ලෝකයේ ඛනිජවලින් වැඩි ඝනත්වයක් ඇති ඛනිජ එම නිධියේ අඩංගු වී තිබෙනවා. ඉල්මනයිට්, රූටයිල්, මොනසයිට් වගේම ගානට් වැනි ඉතා මිල අධික ඛනිජ මෙම නිධියේ තිබෙනවා. රටේ තිබෙන අනර්ඝතම ඛනිජ සම්පත පුල්මුඬේ කියලා පාසලේ උගන්වා තිබෙනවා. එසේ තිබියෙදී මේ ආණ්ඩුව සභාපතිවරයෙක් වෙනුවට නිසි බලධාරියෙක් පත් කරලා ඛනිජවැලි නිධිය ඈවර කොට අවසන් කිරීමට යනවා.

ඒ වගේම ලෝකයේ වැදගත්ම මිනිරන් පතලක් වන කහටගහ මිනිරන් පතල විකුණා දැමීමට යනවා. තෙතමනයෙන් අඩු ඉතාම පිරිසිදු මිනිරන් ලබාගත හැකි කහටගහ පතල ආණ්ඩුව වෙන්දේසියේ දාලා.

මේ ආකාරයට වරායවල් විකුණනවානම්, ඛනිජවැලි නිධි විකුණනවානම්, මිනිරන් පතල් විකුණනවානම් මේවා ආණ්ඩු නෙමෙයි. මේක හරියට ප්රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ වගේ ආණ්ඩුවක්. පැරණි වලව්වල නාස්තිකර පුත්තු බිහි වුණාම මොකද වෙන්නේ කියලා ඔබ දන්නවා. වලව්වට අයිති පොල් ඉඩම්, වතුපිටි විකුණලා දානවා. වලව්වේ තිබෙන ඉතා වටිනා ලී බඩු විකුණා දානවා. බීලා නාස්ති කරන බේබද්දෝ වගේ වලව්වේ තිබෙන සියලූ සම්පත් විනාශ කර දානවා. මේ ආණ්ඩුවත් හරියට වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් වගේ. අපේ රටේ ආර්ථිකයට දායක කරගත හැකි ඉතා වටිනා ස්වභාවික සම්පත්, මානව සම්පත් තිබියෙදී නාස්තිකාර පුතෙක් වගේ ක්රියා කරන පාලනයක් බවට රනිල්-මෛත්රී හවුල් ආණ්ඩුව පත්ව තිබෙනවා.

ඒ නිසා රටේ ජනතාවට අයිති වටිනා සම්පත් විකුණා දමමින් මේ ආණ්ඩුව ගෙන යමින් තිබෙන ආර්ථික ප්රතිපත්තිය, විනාශකාරී පාලනය පරාජයට පත් කිරීම සඳහා සටන් වැදීමට එකතු වන ලෙස රටේ මුළු මහත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ වන විට හම්බන්තොට ඉඩම් විකිණීමට එරෙහිව විශාල සටනක් ජනතාව වසින් ආරම්භ කොට තිබෙනවා. ලබන 20,21 දෙදින තුළදී ලාල්කාන්ත සහෝදරයා හම්බන්තොට ජනතාව සමග ඔවුන්ගේ ඉඩම් පිළිබඳ ප්රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට දැනටමත් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්රියාමාර්ග ඉදිරියට ගෙනයනවා. ඒ වගේම වසන්ත සමරසිංහ සහෝදරයාගේ මැදිහත්වීමෙන් කහටගහ පතලේ සහ පුල්මුඬේ සේවකයින් හමුවී විකිණීමට එරෙහිව සටනක් දියත් කරන්න කටයුතු කරනවා.

හම්බන්තොට වරායේ සේවකයින්ගේ සේවය ස්ථීර නොකිරීම විශාල ගැටලූවක්. සේවකයිට අදාළ ගිවිසුම්වල කිසිම තැනක ඔවුන් වරායේ සේවකයින් ලෙස සඳහන් වන්නේ නැහැ. ඒ නිසා පාලකයින් එම ලිපි ලේඛන පෙන්වමින් සේවකයින් වරායේ සේවකයින් නොවන බවට තර්ක කරමින් ඉන්නවා. නමුත් ඔවුන් සේවයට බඳවා ගත් මොහොතේ සිට වැඩකර තිබෙන්නේ හම්බන්තොට වරායටයි. ඒ නිසා එම සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව අරගලය දියත් කරනවා.

අපි මේ ආණ්ඩුවට කියනවා, මේ සීතල දෙසැම්බර් මාසයේ ඔබලා හොංකොං, ඩුබායි ගිහින් සීතලා විඳලා එන්න. ලබන ජනවාරි මාසය මේ රට අපි උද්ඝෝෂණවලින් රත් කරනවා. මේ දේපොළ අපිට පමණක් අයිති දේපළ නෙමෙයි; උපනූපන් ජනතාවට අයිති මෙම සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව සියලූ ජනතා බලවේග එකතු කරගත් පුළුල්තම සටන් මධ්යස්ථානය නිර්මාණය කොට දැවැන්ත සටනක් දියත් කරනවා.

Read more at http://lankanewsalert.com/archives/58426#dr0hLZB1eRzDtgBy.99

[QUOTE="jayanathek, post: 21027468, member: 153435"] [b]කොළඹ වරායත් විකුණයිද?[/b] [SIZE="3"][COLOR="DarkRed"]මෛත්රි -රනිල් ආණ්ඩුව වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් මෙන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රි අනුර කුමාර දිසානායක පවසයි .අද (15) පැවති ප්රවෘ ත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා . වත්මන් රජය , රාජ්ය-පෞද්ගලික ඒකාබද්ධ ව්යවසාය කියලා නමක් හදාගෙන රටේ දේපොළ පුද්ගලික කොම්පැනිවලට විකුණන බවත් , මේ විදිහට එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙන එමින් සිටින බව ඔහු පැවසුවා . එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රිවරයා , රටේ වටිනා සම්පත්, රාජ්ය ආයතන, විකුණා ඈවර කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු පාලකයින් මීට කලිනුත් අපේ රටේ දේපළ විකිණීම මගින් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා මතයක් ගොඩනැගුවා. 1988 රාජය ආයතන විකුණා දැමීම ආරම්භ කරපු එවකට ආණ්ඩුව එමගින් රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාව තිබෙනවා කිව්වත් ඊට එරෙහිව ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වීමට පටන් ගත්තා. ඉන්පසුව ජනතාකරණය නමින් විකිණීම ආරම්භ වුණා. ඒ දවස්වල පත්තරවල පිටු ගණන දැන්වීම් දැම්මා, එහි කොටසක් ඇත ඔබටත්’කියලා. එහෙත් ජනතාකරණයෙන් රටේ ආර්ථිකයට හිතකර තත්වයක් ඇතිවුණේ නැහැ. අද වර්තමාන ආණ්ඩුව අලූත් සංකල්පයක් ගෙනත් තිබෙනවා, රාජ්ය-පෞද්ගලික ඒකාබද්ධ ව්යවසාය කියලා. ඒ නමින් රාජ්ය දේපළ කොම්පැනිවලට විකුනන්න යනවා. මේ විදිහට එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙනාවා. ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුවේ ප්රධාන එකක් තමයි හම්බන්තොට වරාය. භූමි පිහිටීම අනුව හම්බන්තොට දියුණු කළ හැකි වරායක්ව තිබෙනවා. පිහිටීම අනුව වරායක් ඉදිකිරීම සඳහා මුලින්ම කැබිනට් පත්රිකාව ආවේ චන්ද්රිකා ආණ්ඩුව සමයේ. ඒ වෙනකොට අපිත් කැබිනට් එකේ හිටියා. නැව් තෙල් සැපයීම, ජලය, ආහාර වැනි සේවා සපයන වරායක් බවට පත්කිරීමට තමයි, පළමු යෝජනාව තිබුණේ. නමුත් රාජපක්ෂ පාලනය භාණ්ඩ හුවමාරු කරන වරායක් බවට පත් කළා. දැන් හම්බන්තොට වරාය විකිණීමට ප්රධාන තර්ක දෙකක් ගේනවා. එකක් තමයි නැව් එන්නේ නැහැ කියන එක. අනෙක් කරුණ ණය බර. කුමන හෝ නැවක් වරායට ඇතුල් කරන විට එම වරායේ අයිතිය පිළිබඳව හොයා බලන්නේ නැහැ. ඒ නිසා වරාය විකුණුවා කියලා නැව් නැති එකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් වරාය ආණ්ඩුව යටතේ තබාගෙන සේවා සපයන ස්ථානයක් ලෙස දියුණු කළ හැකි අතර එයින් විශාල ලාභයක් ලබා ගත හැකියි. එසේ තිබියෙදී තමයි විකුණන්න හදන්නේ. ණයවලින් ගැලවෙන්න කියලා ඩොලර් මිලියන 1200කට චීන සමාගමකට වරාය පවරන්න ගියත් ඒ ඩො.මි. 1200ට මොකද කරන්න යන්නේ. ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා, කුරුණෑගල සිට හබරණට ඩො.මි. 970ක් වියදම් කරලා රේල්පාරක් දාන්න. එහෙම කළ කියලා ණයෙන් නිදහස් වීමක් නැහැ. අනෙක් බරපතළ කාරණය තමයි අවුරුදු 99කට වරාය පවරා දීම. ඒ කියන්නේ 2115 වන තෙක් හම්බන්තොට වරාය අයිතිවන්නේ චීන සමාගමටයි. 2115 වන විට ගත්ත චීනත් නැහැ, දුන්න රනිලූත් නැහැ. කතා කරන මමත් නැහැ. මේක අහන් ඉන්න ඔබත් නැහැ. ඒ කියන්නේ දුන්නම තමයි. මේ පවරා දීම කරන්නේ ආණ්ඩුවට 20%ක් සහ සමාගමට 80%ක් වශයෙන්. වසර 15ක් ගතවෙන තෙක් ආණ්ඩුවේ 20%ට ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ වගේම සමාගම විසින් ආණ්ඩුවට බදු ගෙවීම් කරන්නේ නැහැ. ඒ නිසා මේ රනිල්-මෛත්රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණයි. ඒ විතරක් නෙමෙයි හම්බන්තොට වරාය ආසන්නයේ අක්කර 15,000ක ඉඩම් චීන සමාගමකට ලබාදෙන්න යනවා. අපේ රටේ ආර්ථික කලාප 17ක් තිබෙනවා. කටුනායක ආර්ථික කලාපය අක්කර 192යි. කොග්ගල අක්කර 195ක් වෙනවා. රටේ තිබෙන ආර්ථික කලාප 17 ගත්තත් ඉඩම් ප්රමාණය අක්කර 2000ට අඩුයි. ඉන්දියාව වගේ විශාලතම රටක පිහිටි විශාලතම වෙළඳ කලාපය වන ශ්රී සිටි ඉන්දියා අක්කර 7000යි. එසේ තිබියෙදී අපේ රටේ ජනතාවට අයිති ඉඩම් අක්කර 15,000ක් චීන කොම්පැනියකට දේනේ ඇයි? මේ ඉඩම් සාරවත් වුණේ මුතුන් මිත්තතන්ගේ ඇටකටු දිරාපත් වෙලයි. ඒ වගේම අපේ රටේ ජනතාවගේ දහදිය කඳුළුවලින් මේ ඉඩම් සාරවත් වී තිබෙනවා. එවැනි ඉඩම් කොම්පැනිවලට විකුණා දැමීමට ඉඩදිය යුතුද? කොළඹ නගරය වගේ 1/10ක වගේ කොටසක් මේ විදිහට පෞද්ගලික සමාගමකට පවරා දෙන්න යන්නේ කොග්ගල, කටුනායක, බියගම වෙළඳකලාපවල විශාල බිම් කොටස් ඉතිරිව තිබියෙදීයි. කල්පිටිය ආශ්රිතව දූපත් 14ක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දූපත් 14 විකුණා දමන්න උත්සාහ කළත් ඔවුන්ට විකිණීමට හැකිවුණේ දුපත් දෙකක් පමණයි. නමුත් වත්මන් ආණ්ඩුව සංචාරක ප්රවර්ධනයට මුවා වෙලා ඉතිරි දුපත් විකුණන්න හදනවා. ප්රාදේශීය ලේකම් කාර්යාවලට අයිතිව තිබෙන මේ දුපත් මේ වන විට සංචාරක මණ්ඩලයට පවරාගෙන තිබෙනවා. රටකට අයිති දුපත් ටික පවා විකුණා දමන තැනකට මේ පාලකයින් අපේ රට ඇද දමා තිබෙනවා. ලෝකයේ වරායවල් අතරින් 26වැනි ස්ථානයේ තිබෙන කොළඹ වරායත් විකුණා දමන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඉන්දියාවේ තිබෙන විශාල වරායවල්වලටත් වඩා ඉහළ මට්ටමක කොළඹ වරාය පිහිටීමට ප්රධාන හේතුව වෙලා තියෙන්නේ ප්රතිනැව්ගත කිරීමයි. කොළඹ වරායේ ආණ්ඩුව සතුව තිබෙන නැගෙනහිර පර්යන්තය මීටර් 18ක් ගැඹුරට නවීකරණය කළා. දැන් ලෝකයේ තිබෙන විශාලතම නැව් නැගෙනහිර ජැටියට ඇතුල් කරන්න පුළුවන්. බහාලූම් මෙහෙයවන දොඹකර 12ක් සවිකර ප්රතිනැව්ගත කිරීම හරහා විශාල ලාභයක් ආණ්ඩුවට ලබාගැනීමට හැකිව තිබියෙදී පෞද්ගලික සමාගම් වලට දෙන්න යනවා. 15%ක් ආණ්ඩුවටත් 85%ක් පෞද්ගලික සමාගමටත් හිමිවන ආකාරයෙන් වසර 35කට ලබාදෙන්න මේ වන විට වෙන්දේසියට දමා තිබෙනවා. අපේ රටේ වැදගත්ම ඛනිජවැලි නිධිය පුල්මුඬේ ඛනිජවැලි නිධියයි. එම නිධියේ 70%-80%ත් අතර ප්රමාණයක් වැදගත්ම ඛනිජ අඩංගු වී තිබෙනවා. ලෝකයේ ඛනිජවලින් වැඩි ඝනත්වයක් ඇති ඛනිජ එම නිධියේ අඩංගු වී තිබෙනවා. ඉල්මනයිට්, රූටයිල්, මොනසයිට් වගේම ගානට් වැනි ඉතා මිල අධික ඛනිජ මෙම නිධියේ තිබෙනවා. රටේ තිබෙන අනර්ඝතම ඛනිජ සම්පත පුල්මුඬේ කියලා පාසලේ උගන්වා තිබෙනවා. එසේ තිබියෙදී මේ ආණ්ඩුව සභාපතිවරයෙක් වෙනුවට නිසි බලධාරියෙක් පත් කරලා ඛනිජවැලි නිධිය ඈවර කොට අවසන් කිරීමට යනවා. ඒ වගේම ලෝකයේ වැදගත්ම මිනිරන් පතලක් වන කහටගහ මිනිරන් පතල විකුණා දැමීමට යනවා. තෙතමනයෙන් අඩු ඉතාම පිරිසිදු මිනිරන් ලබාගත හැකි කහටගහ පතල ආණ්ඩුව වෙන්දේසියේ දාලා. මේ ආකාරයට වරායවල් විකුණනවානම්, ඛනිජවැලි නිධි විකුණනවානම්, මිනිරන් පතල් විකුණනවානම් මේවා ආණ්ඩු නෙමෙයි. මේක හරියට ප්රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ වගේ ආණ්ඩුවක්. පැරණි වලව්වල නාස්තිකර පුත්තු බිහි වුණාම මොකද වෙන්නේ කියලා ඔබ දන්නවා. වලව්වට අයිති පොල් ඉඩම්, වතුපිටි විකුණලා දානවා. වලව්වේ තිබෙන ඉතා වටිනා ලී බඩු විකුණා දානවා. බීලා නාස්ති කරන බේබද්දෝ වගේ වලව්වේ තිබෙන සියලූ සම්පත් විනාශ කර දානවා. මේ ආණ්ඩුවත් හරියට වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් වගේ. අපේ රටේ ආර්ථිකයට දායක කරගත හැකි ඉතා වටිනා ස්වභාවික සම්පත්, මානව සම්පත් තිබියෙදී නාස්තිකාර පුතෙක් වගේ ක්රියා කරන පාලනයක් බවට රනිල්-මෛත්රී හවුල් ආණ්ඩුව පත්ව තිබෙනවා. ඒ නිසා රටේ ජනතාවට අයිති වටිනා සම්පත් විකුණා දමමින් මේ ආණ්ඩුව ගෙන යමින් තිබෙන ආර්ථික ප්රතිපත්තිය, විනාශකාරී පාලනය පරාජයට පත් කිරීම සඳහා සටන් වැදීමට එකතු වන ලෙස රටේ මුළු මහත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට හම්බන්තොට ඉඩම් විකිණීමට එරෙහිව විශාල සටනක් ජනතාව වසින් ආරම්භ කොට තිබෙනවා. ලබන 20,21 දෙදින තුළදී ලාල්කාන්ත සහෝදරයා හම්බන්තොට ජනතාව සමග ඔවුන්ගේ ඉඩම් පිළිබඳ ප්රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට දැනටමත් ආරම්භ කර තිබෙන වෘත්තීය ක්රියාමාර්ග ඉදිරියට ගෙනයනවා. ඒ වගේම වසන්ත සමරසිංහ සහෝදරයාගේ මැදිහත්වීමෙන් කහටගහ පතලේ සහ පුල්මුඬේ සේවකයින් හමුවී විකිණීමට එරෙහිව සටනක් දියත් කරන්න කටයුතු කරනවා. හම්බන්තොට වරායේ සේවකයින්ගේ සේවය ස්ථීර නොකිරීම විශාල ගැටලූවක්. සේවකයිට අදාළ ගිවිසුම්වල කිසිම තැනක ඔවුන් වරායේ සේවකයින් ලෙස සඳහන් වන්නේ නැහැ. ඒ නිසා පාලකයින් එම ලිපි ලේඛන පෙන්වමින් සේවකයින් වරායේ සේවකයින් නොවන බවට තර්ක කරමින් ඉන්නවා. නමුත් ඔවුන් සේවයට බඳවා ගත් මොහොතේ සිට වැඩකර තිබෙන්නේ හම්බන්තොට වරායටයි. ඒ නිසා එම සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව අරගලය දියත් කරනවා. අපි මේ ආණ්ඩුවට කියනවා, මේ සීතල දෙසැම්බර් මාසයේ ඔබලා හොංකොං, ඩුබායි ගිහින් සීතලා විඳලා එන්න. ලබන ජනවාරි මාසය මේ රට අපි උද්ඝෝෂණවලින් රත් කරනවා. මේ දේපොළ අපිට පමණක් අයිති දේපළ නෙමෙයි; උපනූපන් ජනතාවට අයිති මෙම සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව සියලූ ජනතා බලවේග එකතු කරගත් පුළුල්තම සටන් මධ්යස්ථානය නිර්මාණය කොට දැවැන්ත සටනක් දියත් කරනවා. [/COLOR][/SIZE] Read more at [url]http://lankanewsalert.com/archives/58426#dr0hLZB1eRzDtgBy.99[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom