කොළඹ වරායත් විකුණයිද?

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    කොළඹ වරායත් විකුණයිද?

    මෛත්‍රි -රනිල් ආණ්ඩුව වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් මෙන් කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි .අද (15) පැවති ප්‍රවෘ ත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා .
    වත්මන් රජය , රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය කියලා නමක් හදාගෙන රටේ දේපොළ පුද්ගලික කොම්පැනිවලට විකුණන බවත් , මේ විදිහට එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙන එමින් සිටින බව ඔහු පැවසුවා .
    එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා ,
    රටේ වටිනා සම්පත්, රාජ්‍ය ආයතන, විකුණා ඈවර කිරීම තමයි වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ගය වෙලා තියෙන්නේ. අපේ රට පාලනය කරපු පාලකයින් මීට කලිනුත් අපේ රටේ දේපළ විකිණීම මගින් ආර්ථිකය ගොඩගන්න පුළුවන් කියලා මතයක් ගොඩනැගුවා. 1988 රාජය ආයතන විකුණා දැමීම ආරම්භ කරපු එවකට ආණ්ඩුව එමගින් රටේ ආර්ථිකය ගොඩනැගීමට හැකියාව තිබෙනවා කිව්වත් ඊට එරෙහිව ජනතාවගෙන් විශාල විරෝධයක් එල්ල වීමට පටන් ගත්තා. ඉන්පසුව ජනතාකරණය නමින් විකිණීම ආරම්භ වුණා. ඒ දවස්වල පත්තරවල පිටු ගණන දැන්වීම් දැම්මා, එහි කොටසක් ඇත ඔබටත්’කියලා. එහෙත් ජනතාකරණයෙන් රටේ ආර්ථිකයට හිතකර තත්වයක් ඇතිවුණේ නැහැ. අද වර්තමාන ආණ්ඩුව අලූත් සංකල්පයක් ගෙනත් තිබෙනවා, රාජ්‍ය-පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසාය කියලා. ඒ නමින් රාජ්‍ය දේපළ කොම්පැනිවලට විකුනන්න යනවා. මේ විදිහට එකම විෂ ටොපිය විවිධ දවටනවල ඔතලා ජනතාව ඉදිරියට ගෙනාවා.
    ආණ්ඩුවේ වෙන්දේසි ලැයිස්තුවේ ප‍්‍රධාන එකක් තමයි හම්බන්තොට වරාය. භූමි පිහිටීම අනුව හම්බන්තොට දියුණු කළ හැකි වරායක්ව තිබෙනවා. පිහිටීම අනුව වරායක් ඉදිකිරීම සඳහා මුලින්ම කැබිනට් පත‍්‍රිකාව ආවේ චන්ද්‍රිකා ආණ්ඩුව සමයේ. ඒ වෙනකොට අපිත් කැබිනට් එකේ හිටියා. නැව් තෙල් සැපයීම, ජලය, ආහාර වැනි සේවා සපයන වරායක් බවට පත්කිරීමට තමයි, පළමු යෝජනාව තිබුණේ. නමුත් රාජපක්ෂ පාලනය භාණ්ඩ හුවමාරු කරන වරායක් බවට පත් කළා. දැන් හම්බන්තොට වරාය විකිණීමට ප‍්‍රධාන තර්ක දෙකක් ගේනවා. එකක් තමයි නැව් එන්නේ නැහැ කියන එක. අනෙක් කරුණ ණය බර. කුමන හෝ නැවක් වරායට ඇතුල් කරන විට එම වරායේ අයිතිය පිළිබඳව හොයා බලන්නේ නැහැ. ඒ නිසා වරාය විකුණුවා කියලා නැව් නැති එකට විසඳුමක් ලැබෙන්නේ නැහැ. නමුත් වරාය ආණ්ඩුව යටතේ තබාගෙන සේවා සපයන ස්ථානයක් ලෙස දියුණු කළ හැකි අතර එයින් විශාල ලාභයක් ලබා ගත හැකියි. එසේ තිබියෙදී තමයි විකුණන්න හදන්නේ.
    ණයවලින් ගැලවෙන්න කියලා ඩොලර් මිලියන 1200කට චීන සමාගමකට වරාය පවරන්න ගියත් ඒ ඩො.මි. 1200ට මොකද කරන්න යන්නේ. ආණ්ඩුව යෝජනා කරලා තිබෙනවා, කුරුණෑගල සිට හබරණට ඩො.මි. 970ක් වියදම් කරලා රේල්පාරක් දාන්න. එහෙම කළ කියලා ණයෙන් නිදහස් වීමක් නැහැ. අනෙක් බරපතළ කාරණය තමයි අවුරුදු 99කට වරාය පවරා දීම. ඒ කියන්නේ 2115 වන තෙක් හම්බන්තොට වරාය අයිතිවන්නේ චීන සමාගමටයි. 2115 වන විට ගත්ත චීනත් නැහැ, දුන්න රනිලූත් නැහැ. කතා කරන මමත් නැහැ. මේක අහන් ඉන්න ඔබත් නැහැ. ඒ කියන්නේ දුන්නම තමයි. මේ පවරා දීම කරන්නේ ආණ්ඩුවට 20%ක් සහ සමාගමට 80%ක් වශයෙන්. වසර 15ක් ගතවෙන තෙක් ආණ්ඩුවේ 20%ට ලාභාංශ ගෙවන්නේ නැහැ. ඒ වගේම සමාගම විසින් ආණ්ඩුවට බදු ගෙවීම් කරන්නේ නැහැ. ඒ නිසා මේ රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව කරමින් තිබෙන්නේ රටේ ජනතාවට අයිති දේපළ විකුණා එදාවේල සරිකර ගැනීමක් පමණයි.
    ඒ විතරක් නෙමෙයි හම්බන්තොට වරාය ආසන්නයේ අක්කර 15,000ක ඉඩම් චීන සමාගමකට ලබාදෙන්න යනවා. අපේ රටේ ආර්ථික කලාප 17ක් තිබෙනවා. කටුනායක ආර්ථික කලාපය අක්කර 192යි. කොග්ගල අක්කර 195ක් වෙනවා. රටේ තිබෙන ආර්ථික කලාප 17 ගත්තත් ඉඩම් ප‍්‍රමාණය අක්කර 2000ට අඩුයි. ඉන්දියාව වගේ විශාලතම රටක පිහිටි විශාලතම වෙළඳ කලාපය වන ශ‍්‍රී සිටි ඉන්දියා අක්කර 7000යි. එසේ තිබියෙදී අපේ රටේ ජනතාවට අයිති ඉඩම් අක්කර 15,000ක් චීන කොම්පැනියකට දේනේ ඇයි? මේ ඉඩම් සාරවත් වුණේ මුතුන් මිත්තතන්ගේ ඇටකටු දිරාපත් වෙලයි. ඒ වගේම අපේ රටේ ජනතාවගේ දහදිය කඳුළුවලින් මේ ඉඩම් සාරවත් වී තිබෙනවා. එවැනි ඉඩම් කොම්පැනිවලට විකුණා දැමීමට ඉඩදිය යුතුද? කොළඹ නගරය වගේ 1/10ක වගේ කොටසක් මේ විදිහට පෞද්ගලික සමාගමකට පවරා දෙන්න යන්නේ කොග්ගල, කටුනායක, බියගම වෙළඳකලාපවල විශාල බිම් කොටස් ඉතිරිව තිබියෙදීයි.
    කල්පිටිය ආශ‍්‍රිතව දූපත් 14ක් තියෙනවා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ දූපත් 14 විකුණා දමන්න උත්සාහ කළත් ඔවුන්ට විකිණීමට හැකිවුණේ දුපත් දෙකක් පමණයි. නමුත් වත්මන් ආණ්ඩුව සංචාරක ප‍්‍රවර්ධනයට මුවා වෙලා ඉතිරි දුපත් විකුණන්න හදනවා. ප‍්‍රාදේශීය ලේකම් කාර්යාවලට අයිතිව තිබෙන මේ දුපත් මේ වන විට සංචාරක මණ්ඩලයට පවරාගෙන තිබෙනවා. රටකට අයිති දුපත් ටික පවා විකුණා දමන තැනකට මේ පාලකයින් අපේ රට ඇද දමා තිබෙනවා.
    ලෝකයේ වරායවල් අතරින් 26වැනි ස්ථානයේ තිබෙන කොළඹ වරායත් විකුණා දමන්න මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ඉන්දියාවේ තිබෙන විශාල වරායවල්වලටත් වඩා ඉහළ මට්ටමක කොළඹ වරාය පිහිටීමට ප‍්‍රධාන හේතුව වෙලා තියෙන්නේ ප‍්‍රතිනැව්ගත කිරීමයි. කොළඹ වරායේ ආණ්ඩුව සතුව තිබෙන නැගෙනහිර පර්යන්තය මීටර් 18ක් ගැඹුරට නවීකරණය කළා. දැන් ලෝකයේ තිබෙන විශාලතම නැව් නැගෙනහිර ජැටියට ඇතුල් කරන්න පුළුවන්. බහාලූම් මෙහෙයවන දොඹකර 12ක් සවිකර ප‍්‍රතිනැව්ගත කිරීම හරහා විශාල ලාභයක් ආණ්ඩුවට ලබාගැනීමට හැකිව තිබියෙදී පෞද්ගලික සමාගම් වලට දෙන්න යනවා. 15%ක් ආණ්ඩුවටත් 85%ක් පෞද්ගලික සමාගමටත් හිමිවන ආකාරයෙන් වසර 35කට ලබාදෙන්න මේ වන විට වෙන්දේසියට දමා තිබෙනවා.
    අපේ රටේ වැදගත්ම ඛනිජවැලි නිධිය පුල්මුඬේ ඛනිජවැලි නිධියයි. එම නිධියේ 70%-80%ත් අතර ප‍්‍රමාණයක් වැදගත්ම ඛනිජ අඩංගු වී තිබෙනවා. ලෝකයේ ඛනිජවලින් වැඩි ඝනත්වයක් ඇති ඛනිජ එම නිධියේ අඩංගු වී තිබෙනවා. ඉල්මනයිට්, රූටයිල්, මොනසයිට් වගේම ගානට් වැනි ඉතා මිල අධික ඛනිජ මෙම නිධියේ තිබෙනවා. රටේ තිබෙන අනර්ඝතම ඛනිජ සම්පත පුල්මුඬේ කියලා පාසලේ උගන්වා තිබෙනවා. එසේ තිබියෙදී මේ ආණ්ඩුව සභාපතිවරයෙක් වෙනුවට නිසි බලධාරියෙක් පත් කරලා ඛනිජවැලි නිධිය ඈවර කොට අවසන් කිරීමට යනවා.
    ඒ වගේම ලෝකයේ වැදගත්ම මිනිරන් පතලක් වන කහටගහ මිනිරන් පතල විකුණා දැමීමට යනවා. තෙතමනයෙන් අඩු ඉතාම පිරිසිදු මිනිරන් ලබාගත හැකි කහටගහ පතල ආණ්ඩුව වෙන්දේසියේ දාලා.
    මේ ආකාරයට වරායවල් විකුණනවානම්, ඛනිජවැලි නිධි විකුණනවානම්, මිනිරන් පතල් විකුණනවානම් මේවා ආණ්ඩු නෙමෙයි. මේක හරියට ප‍්‍රසිද්ධ දේපළ වෙන්දේසිකරුවෝ වගේ ආණ්ඩුවක්. පැරණි වලව්වල නාස්තිකර පුත්තු බිහි වුණාම මොකද වෙන්නේ කියලා ඔබ දන්නවා. වලව්වට අයිති පොල් ඉඩම්, වතුපිටි විකුණලා දානවා. වලව්වේ තිබෙන ඉතා වටිනා ලී බඩු විකුණා දානවා. බීලා නාස්ති කරන බේබද්දෝ වගේ වලව්වේ තිබෙන සියලූ සම්පත් විනාශ කර දානවා. මේ ආණ්ඩුවත් හරියට වලව්වකට ඉපදුණු බේබදු පුතෙක් වගේ. අපේ රටේ ආර්ථිකයට දායක කරගත හැකි ඉතා වටිනා ස්වභාවික සම්පත්, මානව සම්පත් තිබියෙදී නාස්තිකාර පුතෙක් වගේ ක‍්‍රියා කරන පාලනයක් බවට රනිල්-මෛත‍්‍රී හවුල් ආණ්ඩුව පත්ව තිබෙනවා.
    ඒ නිසා රටේ ජනතාවට අයිති වටිනා සම්පත් විකුණා දමමින් මේ ආණ්ඩුව ගෙන යමින් තිබෙන ආර්ථික ප‍්‍රතිපත්තිය, විනාශකාරී පාලනය පරාජයට පත් කිරීම සඳහා සටන් වැදීමට එකතු වන ලෙස රටේ මුළු මහත් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
    මේ වන විට හම්බන්තොට ඉඩම් විකිණීමට එරෙහිව විශාල සටනක් ජනතාව වසින් ආරම්භ කොට තිබෙනවා. ලබන 20,21 දෙදින තුළදී ලාල්කාන්ත සහෝදරයා හම්බන්තොට ජනතාව සමග ඔවුන්ගේ ඉඩම් පිළිබඳ ප‍්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකිණීමට එරෙහිව වරාය වෘත්තීය සමිති සමග සාකච්ඡා කොට දැනටමත් ආරම්භ කර තිබෙන වෘත්තීය ක‍්‍රියාමාර්ග ඉදිරියට ගෙනයනවා. ඒ වගේම වසන්ත සමරසිංහ සහෝදරයාගේ මැදිහත්වීමෙන් කහටගහ පතලේ සහ පුල්මුඬේ සේවකයින් හමුවී විකිණීමට එරෙහිව සටනක් දියත් කරන්න කටයුතු කරනවා.
    හම්බන්තොට වරායේ සේවකයින්ගේ සේවය ස්ථීර නොකිරීම විශාල ගැටලූවක්. සේවකයිට අදාළ ගිවිසුම්වල කිසිම තැනක ඔවුන් වරායේ සේවකයින් ලෙස සඳහන් වන්නේ නැහැ. ඒ නිසා පාලකයින් එම ලිපි ලේඛන පෙන්වමින් සේවකයින් වරායේ සේවකයින් නොවන බවට තර්ක කරමින් ඉන්නවා. නමුත් ඔවුන් සේවයට බඳවා ගත් මොහොතේ සිට වැඩකර තිබෙන්නේ හම්බන්තොට වරායටයි. ඒ නිසා එම සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අඛණ්ඩව අරගලය දියත් කරනවා.
    අපි මේ ආණ්ඩුවට කියනවා, මේ සීතල දෙසැම්බර් මාසයේ ඔබලා හොංකොං, ඩුබායි ගිහින් සීතලා විඳලා එන්න. ලබන ජනවාරි මාසය මේ රට අපි උද්ඝෝෂණවලින් රත් කරනවා. මේ දේපොළ අපිට පමණක් අයිති දේපළ නෙමෙයි; උපනූපන් ජනතාවට අයිති මෙම සම්පත් අපි ආරක්ෂා කර ගත යුතුයි. ඒ නිසා මේ ආණ්ඩුවට එරෙහිව සියලූ ජනතා බලවේග එකතු කරගත් පුළුල්තම සටන් මධ්‍යස්ථානය නිර්මාණය කොට දැවැන්ත සටනක් දියත් කරනවා.

    Read more at http://lankanewsalert.com/archives/58426#dr0hLZB1eRzDtgBy.99
     
    • Haha
    Reactions: Xi Jinping

    monson

    Well-known member
  • May 7, 2007
    25,559
    28,446
    113
    කොළඹ වරායත් විකුණයිද?

    port2.jpg


    Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.

    - http://thediplomat.com/2015/03/sri-lanka-may-bar-port-visits-by-chinese-submarines/[/QUOTE]

    :lol::lol::lol:

    China gets controlling stake at Hambantota port

    2014.10.19

    By Namini Wijedasa

    News that Sri Lanka had granted Chinese state-owned companies operating rights to four berths at the Hambantota Port once they are completed next year has caught the shipping industry unawares.

    There had been no tenders or prior announcements. But Sri Lanka Ports Authority Chairman Priyath B Wickrama says the Government had agreed to such an arrangement with the Hambantota Port’s Chinese lenders as far back as 2010.

    “We had an understanding with them when we took the loan,” he said in an interview with the Sunday Times. The loan agreement was signed with the Treasury.
    He also revealed that, in exchange for these operating rights, the Chinese have consented to ease loan conditions. “That loan was a huge loan,” he said. “The Chinese Government (has) agreed to relax the loan conditions as well. So the terms of our Phase I loan and Phase II loan are being rearranged. Those negotiations are now ongoing with the Treasury.”

    Dr. Wickrama, SLPA Chairman since 2008, said there could be concessions in repayment terms or the time granted for repayment. Phase I of Hambantota Port cost an estimated US$ 361 million with 85 per cent being met by Exim Bank of China. Phase II is priced at an estimated US$ 808 million and is a 100 per cent loan.

    “The interest (levied) on the Phase II loan is only two per cent,” Dr. Wickrama said. “The Phase I loan is at 6.3 per cent interest. All these loans will be restructured.”

    The ‘Agreement on Key Terms for Supply, Operate and Transfer (SOT) of Container Terminal Hambantota Port Development Project Phase II’ was entered into on September 16 in the presence of President Mahinda Rajapaksa and his Chinese counterpart Xi Jinping. Dr Wickrama signed on behalf of Sri Lanka.

    Signing for China were representatives of China Merchants Holdings International (CMHI) and China Communication Construction Company Ltd. (CCCC). The former already operates the new Colombo South Container Terminal which, at 18 metres, has the deepest berth anywhere in the country. The latter is building the 233-hectare artificial island known as Colombo Port City.

    The partners in the Hambantota SOT will be CMHI and China Harbour Engineering Company Ltd, an engineering contractor and subsidiary of CCCC. China Harbour did Hambantota Phase I and is now completing Phase II.

    When the SOT comes into effect (a date has not been decided) this group of companies will hold operating rights in both of Sri Lanka’s main ports. Additionally, the Chinese will have effective control of 108 hectares – 20 hectares on freehold basis and 88 on a 99-year lease — in Colombo Port City.

    In Hambantota, the Chinese joint venture will have the bigger stake in the project company. According to an announcement made by CMHI to the Hong Kong Stock Exchange, it will hold 64.98 per cent (just 0.02 percent short of 65) of shares while SLPA will have the remaining 35.02 per cent. The total capital investment into the SOT is US$ 601 million, of which the Chinese will invest about US$ 391 million.

    “The concession period to be granted to the Project Company under the SOT Agreement shall initially be 35 years from the commencement of operation of the SOT Project, which can be extended by five years at the option of the Project Company,” CMHI states.

    The investment ratios of China Harbour and CMHI in the China joint venture are yet to be determined while the detailed terms and conditions of the SOT are still being discussed by the parties, it said.

    Dr. Wickrama said the agreement only covers “the operational part” while the SLPA owns the property. The Chinese joint venture will supply container handling equipment and will guarantee revenue to the Ports Authority, depending on volumes. “That will ease our loan pressure as well,” the Chairman observed.
    The SLPA is not investing money in the project company. “Our capital is the infrastructure we developed,” he explained. “We are not spending an additional cent. Their capital is equipment and development.” Construction is expected to finish by the end of 2015.

    The Chairman said that the artificial island that was being built in Hambantota as part of Phase II would “belong 100 percent to us”. It will be reserved for port-related activities and front-end services, not warehouses or industries.

    The Chinese have offered to bring business to the industries zone. Asked if they made a firm commitment, Dr. Wickrama replied: “They have agreed to bring industries. The Chinese government has also agreed to support us to bring investments. That will come within five years.”

    None of this satisfactorily answers the question of why the public were not informed of the SOT agreement until it was signed. “We don’t want to disclose everything from the beginning,” Dr. Wickrama replied. “We have to discuss at initial level. Until we finalise something, we don’t say.”
    “But this was there for some time,” Dr Wickrama reiterated. “It was there in the last agreement. If you properly go through the loan agreement we signed, this was there. Those things were published. They were not hidden.”


    However, the Sunday Times was not able to secure a copy of the loan agreement. Dr Wickrama said it was at the Treasury and that “normally we cannot give Treasury loan agreements to you”. He also did not show us the agreement between the SLPA and the Colombo International Container Terminals Ltd that runs the Colombo South Harbour, which many Ports Authority officials said they had not seen.

    A request for information about the SOT deal (sent via email) went unanswered by Treasury Secretary P.B. Jayasundera. A spokesman for the External Resources Department of the Ministry of Finance said they did not handle the SOT agreement and knew nothing about it.

    - http://www.sundaytimes.lk/141019/news/china-gets-controlling-stake-at-hambantota-port-123262.html
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඇත්ත තමා කියල තියෙන්නේ .. ඒ උනාට මූ නේද අර පුංචි අම්මට හුකන එකා ? අපෝ ඒ නිසා මූ හරියන්නේ නෑ .. උඩු රැවුල තියෙන එක්කෙනෙක් තමා හොඳ !
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කොළඹ වරායත් විකුණයිද?

    port2.jpg


    Last year, Sri Lanka managed to cause a good deal of trepidation in New Delhi when a Chinese submarine, Changzheng-2, was spotted docking in Colombo, flanked by a Chinese warship. Observers took the visit as a sign that China “has its sights set on dominating the Indian Ocean.” Still, the submarine visit put Sri Lanka in a bit of an awkward position diplomatically with New Delhi. One important detail of the entire incident that did not make it into mainstream reporting was that the sub did not dock in a Sri Lanka-controlled port facility designed to accommodate military vessels. Instead, the submarine ended up at the Colombo South Container Terminal (CSCT), a facility controlled by a Chinese developer. While that facility was able to accommodate the submarine, the entire incident may have taken place without the express approval of the Mahinda Rajapaksa government.

    - http://thediplomat.com/2015/03/sri-lanka-may-bar-port-visits-by-chinese-submarines/
    [/QUOTE]