කොළඹ වරායෙනුත් එන්නත් වංචාවක් ?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    වරාය සේවකයින්ට වෙන්කළ එන්නත් මාත්‍රා 300ක් පමණ වරාය අධිකාරියේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය විසින් සිය ඥාති හිතවතුන්ට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ස්වාධීන වරාය සේවක සංගමය අද (21) අනාවරණයක් සිදුකළේය.
    මේ පිළිබඳ අදහස් දක්වමින් ස්වාධීන වරාය සේවක සංගමයේ සභාපති, ලාල් බංගමුව මහතා පවසා සිටියේ අදාළ වෛද්‍යවරිය විසින් එක් ටියුබ් එකකින් සේවකයින් 12කට 13කට එන්නත් ලබාදී ඇති බවය.

    "එලෙස ඉතුරු කර ගත් මාත්‍රා 300ක් පමණ තමන්ගේ හිතවතුන්ට, භාහිර පුද්ගලයින්ට එන්නත් කරගෙන තිබෙනවා. ඒ සම්බන්ධව විශාල පරීක්ෂණයක් කරලා අද වන විට ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය ව අනිවාර්ය නිවාඩු යවලා තියෙනවා."

    මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකරන බවත් ඉදිරියේ දී විස්තර ලබාදෙන බවත්ය.
    මේ අතර, සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 2,644 දෙනෙකුටත්,දෙවන මාත්‍රාව 8,574 දෙනෙකුටත් ඊයේ ලබාදුන් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.
    ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව 14,775 දෙනෙකුටද ඊයේ එන්නත්කරණය සිදුකර තිබුණි.
    ඒ අනුව මේ දක්වා කොවිඩ් මර්දන එන්නතක එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සමස්ත පුද්ගලයන් ගණන විසිහතර ලක්ෂ 72,807කි.
    මේ අතර දෙමටගොඩ ආරාමය පාර ප්‍රදේශයෙන් ඉන්දියානු ඩෙල්ටා වෛරස ප්‍රභේදය හඳුනාගැනීමෙන් පසු එම ප්‍රදේශයේ මෙතෙක් සිදුකළ පී.සී.ආර්.පරීක්ෂණවලින් එම ප්‍රභේදයම ආසාදිත වෙනත් පුද්ගලයින් හඳුනාගෙන නැතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි මහතා පවසයි.
    එමෙන්ම ඉන්දියානු ජාතිකයින් වැඩි පිරිසක් සේවය කරන වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.
    මාදිවෙල ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අද එම ප්‍රදේශයේ පුද්ගලයින් 34 දෙනෙකු පමණ පී.සී.ආර්.පරීක්ෂණ සිදුකිරීමට පියවර ගෙන තිබුණි.
    ආසාදිත පුද්ගලයා කොළඹ වෝක්ෂෝල් වීදියේ වැඩබිමක සේවය කළ අයෙකි.
    ඉන්දියානු ජාතිකයින් වැඩි පිරිසක් සේවය කරන වත්තල හේකිත්ත ප්‍රදේශයේ කර්මාන්තශාලාවකින් ආසාදිතයින් 128 දෙනෙකු වාර්තා වීම සම්බන්ධයෙන් ද පරීක්ෂණයක් සිදුකරන බව වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙහිදී සඳහන් කළේය.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    පොඩි එකා පොඩි විදිහට ගහනවා ලොකු උන් ලොකු විදිහට ගහනවා..කොහොම කලත් රටේ බහුතරයක් කරන්නේ හොරකම..හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතරක් සුපිරිසිදු චරිත වෙන්න ඕනේ කියලා බුකියෙ මැරෙන්න හදනවා..රටේ බහුතර ජනතාව අවංක උන දාට ජනතා නියෝජිතයින් බහුතරයද අවංක වෙයි..
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    පොඩි එකා පොඩි විදිහට ගහනවා ලොකු උන් ලොකු විදිහට ගහනවා..කොහොම කලත් රටේ බහුතරයක් කරන්නේ හොරකම..හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න 225 විතරක් සුපිරිසිදු චරිත වෙන්න ඕනේ කියලා බුකියෙ මැරෙන්න හදනවා..රටේ බහුතර ජනතාව අවංක උන දාට ජනතා නියෝජිතයින් බහුතරයද අවංක වෙයි..
    Well said :yes:
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN
    මචන් දැන් ඔය එන්නත් ඉස්සුව කියමුකො එතකොට කොහොමද ගහගන්නේ මොකද ඔය එක පුන්චි බෝතලයක්ම මනුස්සයෙකුට ගහන්නෙ නෑනෙ ඒ ඩොසෙ එක දන්නේ නර්ස් කෙනෙක් හො ඩොක්ටර් කෙනෙක් නේද?
     
    • Like
    Reactions: stasia

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,321
    2,389
    113
    මචන් දැන් ඔය එන්නත් ඉස්සුව කියමුකො එතකොට කොහොමද ගහගන්නේ මොකද ඔය එක පුන්චි බෝතලයක්ම මනුස්සයෙකුට ගහන්නෙ නෑනෙ ඒ ඩොසෙ එක දන්නේ නර්ස් කෙනෙක් හො ඩොක්ටර් කෙනෙක් නේද?
    oka nm internt ekan hari hoyanna bariyee
     
    • Dislike
    Reactions: kasun_kbp

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මචන් දැන් ඔය එන්නත් ඉස්සුව කියමුකො එතකොට කොහොමද ගහගන්නේ මොකද ඔය එක පුන්චි බෝතලයක්ම මනුස්සයෙකුට ගහන්නෙ නෑනෙ ඒ ඩොසෙ එක දන්නේ නර්ස් කෙනෙක් හො ඩොක්ටර් කෙනෙක් නේද?
    හොර වැඩකට දොස්තර කෙනෙක්ද හොයාගන්න බැරි. 🤣