කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ඊයේ (07) පොලිසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට නිරාවරණය වූ විශ්වවිද්‍යාලයේ සේවය කරමින් සිටි ආරක්ෂක නිලධාරියෙක් මියගොස් තිබෙන බව වාර්තා වෙනවා. මරණයට හේතුව තවමත් නිල වශයෙන් තහවුරු වී නැත.
“නීති පීඨයේදී ඔහු ඉතා දැඩි ලෙස කඳුළුගෑස් ප්‍රහාරයට ලක් වුණා. ඔහුගෙන් වතුර ඕනෑද කියලා ඇහුවාම, ඕනෑ නැහැ කියමින්, ටොයිලට් එකට ගියා. ඔහු අනුරාධපුරයේ සිටි, මැදි වියේ කෙනෙක්. ටොයිලට් එකේ දී එම නිලධාරියා මිය ගිහින්” යැයි කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක මාධ්‍යට පවසා තිබෙනවා.
පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාරවලින් පසු ඊට සෘජු ව නිරාවරණය වූ කිහිපදෙනෙකු හෘර්දයාබාධ හේතුවෙන් මරණයට පත්වීම් මීට පෙර වාර්තා වුණා.
a5 news sri lanka
(ඊයේ දින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ සාමකාමී උද්ඝෝෂණය කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය පසුකරද්දී පොලිසියේ ප්‍රහාරයට ලක්විය, මෙහිදී පොලීසිය අයුතු ලෙස විශ්වවිද්‍යාල භූමියට ඇතුල්වී තිබූ අතර, උද්ඝෝෂකයන්ට මෙන්ම, උද්ඝෝෂණයට සම්බන්ධ නොවී අධ්‍යන කටයුතු වල නිරත පිරිස් හා කාර්ය මණ්ඩලයටද පොලිසිය ප්‍රහාර එල්ල කර තිබිණි, කෙසේ වෙතත් පසුව මෙම අශිෂ්ට ප්‍රහාරයට එල්ලවූ විරෝධය හමුවේ, ඊට සමාව ගැනීමට පොලීසිය කටයුතු කර තිබිණි.. )

Last edited: