කෝවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදීම සඳහා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලැබූ කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි එන්නත්කරණ මධ්‍යස්ථානය යළිත් ආරම්භ කළ බව යුද හමුදා මූලස්ථානය සඳහන් කරයි. මේ අනුව ඉරිදා දින හැර අනෙකුත් සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 4.00 දක්වා කාලය තුළදී මෙම ස්ථානයෙන් එන්නත ලබාගත හැකි බවද යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේය. වයස අවුරුදු 20ට වැඩි ඕනෑම පුරවැසියෙකුට මෙම ස්ථානයෙන් එනතේ පළමු මාත්‍රාව, දෙවැනි මාත්‍රාව, තුන්වැනි මාත්‍රාව සහ හතර වැනි මාත්‍රාව ලබාගත හැකි බවද ඔහු පවසා සිටියේ. දෙවැනි, තුන්වැනි සහ හතර වැනි මාත්‍රා ලබා ගැනීමට පැමිණෙන පිරිස් පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් පසු නිකුත් කරන කාඩ්පත රැගෙන ඒමට කටයුතු කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය. කෝවිඩ්-19 එන්නත ලබාදීම යටතේ ඊයේ (23දා) දිනය වනවිට පුද්ගලයන් 17,070,164 දෙනෙකුට පළමු මාත්‍රාව ලබා දී තිබෙන අතර, දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 14,497 ,194 දෙනෙකුට ලබා දී තිබෙන අතර, තුන්වැනි මාත්‍රාව පුද්ගලයන් 7,976,253 දෙනෙකුට ලබා දී ඇත. මේ වනතෙක් හතරවැනි මාත්‍රාව ලබාගත් පිරිස් පිළිබඳ සංඛ්‍යාලේඛන ඉදිරිපත් කර නොමැති අතර, මීට අමතරව පළමු මාත්‍රාව ලබාගත් පිරිසෙන් අති විශාල පිරිසක් දෙවැනි මාත්‍රාව ලබාගෙන නොමැති අතර, දෙවැනි මාත්‍රාව ලබාගත් පිරිසෙන් සැලකිය යුතු පිරිසක් තුවැනි මාත්‍රාව ලබාගෙන නොමැත.
@pitiye.appu ඉතිරි ටික ගහගනින්
------ Post added on May 24, 2022 at 6:51 PM
@pitiye.appu ඉතිරි ටික ගහගනින්
------ Post added on May 24, 2022 at 6:51 PM

