විදේශ සේවයේ නව තනතුරු ඇමැති දූ පුතුන්ට…?

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රී ලංකා විදේශ සේවයේ දැනට පවතින තෙවැනි ලේකම් පුරප්පාඩුවලින් හරි අඩක් මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ගෙන් සැපිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කැබිනට් අනුමැතියක් අපේක්ෂාවෙන් පසුවන බව වාර්තා වේ.

    කිසිදු තරග විභාගයක් හෝ සම්මුඛ පරීක්ෂණයකින් තොරව මෙසේ රජයේ මැති ඇමැතිවරුන්ගේ දරුවන් බඳවා ගැනීමට යන්නේ විවෘත තරග විභාගයකින් ඉහළ සාමාර්ථ ලබාගත් අයැදුම්කරුවන් 117 දෙනෙක් සිටියදීය.

    2021.04.09 දින රජයේ ගැසට් පත්‍රයේ පළ කළ දැන්වීමකට අනුව ශ්‍රී ලංකා විදේශ සේවයේ iii වැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හිමිකරගත් අයැදුම්කරුවන්ට අවස්ථාව ලබාදුන් අතර, අදියර දෙකකින් පැවති ලිඛිත පරීක්ෂණයකට මෙන්ම සම්මුඛ පරීක්ෂණයකටද මුහුණදීමට ඔවුන්ට සිදුවුහ.

    විභාගයේ දෙවැනි කොටසට මුහුණදීමට අවස්ථාව හිමිව තිබුණේ පළමු අදියර සමත්වූ විභාග අපේක්ෂකයන්ට පමණි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පැවැත්වූ මෙකී තරග විභාගයේදී පළමු අදියර ලෙස බුද්ධි පරීක්ෂණය සහ අවබෝධය ප්‍රශ්න පත්‍රයක්ද, දෙවැනි අදියර යටතේ ලෝක තතු 1 සහ 2 ද, සාරාංශකරණය මෙන්ම ඉහළ ඉංග්‍රීසි භාෂා පරිචයක් මැන බලන භාෂා ප්‍රවීණතා ප්‍රශ්න පත්‍රයකටද මුහුණදීමට එම අපේක්ෂකයන්ට සිදුවිය.

    මෙම තරග විභාග ප්‍රතිථල මත 40 ක පිරිසක් බඳවා ගැනීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සහ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අවසර දී තිබියදීත් විදේශ කටයුතු අමාත්‍යාංශය සම්මුඛ පරීක්ෂණයෙන් තෝරා ගෙන ඇත්තේ 20 ක පිරිසක් පමණි.

    දැනටමත් විදේශ සේවයේ තුන්වැනි ශ්‍රේණියේ පුරප්පාඩු 106 ක් තිබේ. සේවක හිඟය හේතුවෙන් ලොව පුරා මහ කොමසාරිස් කාර්යාල, තානාපති කාර්යාල, හා කොන්සල් ජනරාල් කාර්යාලවල සේවා සැපයීම ගැටලුවක්ව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. එවැනි වාතාවරණයක් පවතිද්දී විභාගය සමත්වූ 117 කින් 20 දෙනකුට පමණක් පත්වීම් ලබාදීමට යන්නේ, සෙසු ප්‍රමාණයම අප්‍රකට මාර්ග ඔස්සේ සැපිරීමට දැයි සැක සහිත බවද විභාගය සමත් වූවෝ පවසති.

    මැති ඇමැතිවරුන් තම දරුවන් විදේශ සේවයට යොමුකරන්නේ ඒ සඳහා ලැබෙන විශාල වැටුප ඇතුළු තවත් ආකර්ෂණීය දීමනා රැසක් නිසා බවත්, නවාතැන්, ප්‍රවාහන පහසුකම්, වීසා රහිතව ලෝකයේ ඕනෑම රටක සංචාරය කළ හැකි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක හිමිකම මෙන්ම විවිධ වරප්‍රසාද රැසක්ද හේතුවෙන්ය.

    මෙවැනි වරප්‍රසාද ලැබ විදේශ සේවයට එක්වන ඇමැති දූ පුතුන් එම රටවලදී විදේශ සරසවි අධ්‍යාපනයේ නියැළීම, පෞද්ගලික ව්‍යාපාරික කටයුතු සිදුකිරීම සහ විනෝද වීම මිස රට වෙනුවෙන් රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවරේ නොයෙදෙන බවද ප්‍රකටය.
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,333
    113
    NPP එක ආවම ඕවුන් ඔක්කොම අස් කරනව.😉
     
    • Like
    Reactions: SLK_sri

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93

    Bump
     
    • Like
    Reactions: SLK_sri

    Similar threads