කොළොම්පුරේ ශ්‍රියා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කොළොම්පුරේ ශ්‍රියා

    කොළොම්පුරේ ශ්‍රියා කොළොම්පුරේ ශ්‍රියා
    බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා
    පිටකොටුවද මේ අනේ කඩ සාප්පු බොහො තිබේ
    පාර මැද්දෙ පීලි උඩින් ට්‍රෑම් කාර් යනවනේ

    මහා පුදුමෙ මේක වේ තට්ටු දෙකේ බස්ය මේ
    ඒ පාරෙන් මේ පාරෙන් හරව හරව යනවනේ
    කොළොඹ ජැටියටා යමි නැව් බලන්නටා
    බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

    කොළොම්පුරේ ශ්‍රියා කොළොම්පුරේ ශ්‍රියා
    බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

    හන්දියෙ අර හිටන් ඉන්න රාළහාමිගේ අත්දෙක
    මැෂින් එකක් වගේ නිකන්
    අර පැත්තට මේ පැත්තට
    හරව හරව පිටිපස්සට කාර් ලොරී බර කරත්ත
    බස් ඉස්ටොප් වෑන් එක මෙතන වදේ හරි ජරමර

    හහහ් හ හහ් හ හා
    හිහිහ් හි හිහ්හි හී
    හුහුහ්හු හුහ්හුහූ
    හොහොහ්හො හොහ් හොහෝ


    මොකද බොලේ මේ තරම්ම සෙනග කිව් එකේ
    අපේ ගමේ නාඩගමක් ඇවිල්ලද මෙහේ
    කලිසම් ඇඳ බයිසිකලේ තරුණ තරුණියෝ
    ලැජ්ජ නැතුව යනව මොවුන් ගෝල් පීස් එකේ

    හො ගාන පොකුණටා යමි පා තෙමන්නටා
    බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා

    කොළොම්පුරේ ශ්‍රියා කොළොම්පුරේ ශ්‍රියා
    බොහොම ලක්ෂණයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා