කෝකටත් තෛලය!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    අපේ අම්මාගේ ගම මාතරය. ඉස්සර අපි ඉස්කෝලේ නිවාඩුවට මාතර යන්නෙමු. ඒ මාතර සීයලාගේ ගෙදරය. රුහුණු කුමාරි දුම්රියෙන් මාතරට ගිහින් සීයලාගේ ගෙදර යන එක හරිම විනෝදජනකය.

    අම්මලාගේ මහ ගෙදර ආච්චිගේ ඇඳ ළඟ පොඩි මේසයක් තිබුණේය. ඒ මේසය උඩ තෙල් කුප්පියක් තිබුණේය. ආච්චි කොන්දේ අමාරුව හැදුණාම ඒ තෙල් කුප්පියෙන් ටිකක් අරගෙන කොන්දේ ගා ගනියි. කකුලේ අමාරුවක් හැදුණාම ඒ තෙල් කුප්පියෙන් ටිකක් අරගෙන කකුලේ ගා ගනියි. ඔළුව රිදෙන්න ගත්තාම ඒ තෙල් කුප්පියෙන් ටිකක් අරගෙන නළලේ ගා ගනියි. අත රිදෙන්න ගත්තාම ඒ තෙල් කුප්පියෙන් ටිකක් අරගෙන අතේ ගා ගනියි. ඇත්තම කිව්වොත් ආච්චිට හැදෙන හැම ලෙඩකටම ආච්චි පාවිච්චි කරන්නේ ඒ තෙල් කුප්පියේ තියෙන තෙල්ය. බලනකොට ආච්චි ළඟ තිබිලා තියෙන්නේ හැම ලෙඩකටම ගාන්න පුළුවන් කෝකටත් තෛලයකි. හැබැයි ආච්චි ඒ තෙල් බෝතලයෙන් කොච්චර තෙල් ගෑවත් ආච්චිගේ ලෙඩ ටික නම් හොඳ වුණේ නැත. :no:

    ආච්චිට තිබිච්ච ලෙඩ හොඳ කර ගන්න ආච්චි පාවිච්චි කළ කෝකටත් තෛලය වාගේ තෙලක් මේ යහපාලන ආණ්ඩුවටත් තිබේ. ඒ වෙන මොකක්වත් නොව මහින්ද රාජපක්‍ෂය. අද යහපාලන ආණ්ඩුව තමන්ට හැදිලා තියෙන අට අනූවක් රෝග, නව අනූවක් ව්‍යාධි හැම එකටම පාවිච්චි කරන කෝකටත් තෛලය මහින්ද රාජපක්‍ෂය. කොටින්ම කිව්වොත් මහින්දගේ නම කියන්නේ නැතිව ආණ්ඩුවට කිඹුහුමක්වත් යවන්න බැරිය. :eek:

    ආසන්නම උදාහරණය කරන්ට් යෑමය. අද ආණ්ඩුව කියන්නේ කරන්ට් යෑම බරපතළ කුමන්ත්‍රණයක් කියලාය. :lol: විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා නොකියා කියන්නේ ඒ කුමන්ත්‍රණය රාජපක්‍ෂලාගේ කුමන්ත්‍රණයක් කියලාය. හරීන් ප්‍රනාන්දුත් ඒ වාගේ කතාවක් කිව්වේය. අද යහපාලන ආණ්ඩුව ජනතාවට ලයිට් ටිකයි, වතුර ටිකයි දෙන්න බැරි තරමටම බංකොලොත් වෙලා තිබේ. තමන්ගේ මේ නොහැකියාව වහගන්න යහපාලන ආණ්ඩුව පාවිච්චි කරන එකම තුරුම්පුව මහින්දය. යහපාලන ආණ්ඩුව කියන්නේ ලයිට් යන්නේ මහින්ද නිසා කියලාය.

    යහපාලන ආණ්ඩුව ජනතාව මත මහා බදු බරක් පටවලා තිබේ. වැට් බද්ද 15% දක්වා වැඩි කළේය. ආදායම් බදුත් වැඩි කළේය. වැට් බද්ද වැඩි කළා කියන්නේ හැම දේකම මිල වැඩිවෙනවා කියන එකය. ඒකට හේතුව හැම භාණ්ඩයකටම, හැම සේවාවකටම වැට් බද්ද අදාළ වීමය. බදු බර වැඩි කරලා යහපාලන ආණ්ඩුව දැන් කියන්නේ බදු වැඩි කරන්න සිද්ධ වුණේ මහින්ද නිසා කියලාය. මහින්ද ගත්ත ණය නිසා කියලාය. එතකොට බැඳුම්කරේ කතන්දරේ හෙම කාටත් අමතකය. ආයෝජකයන් රොත්ත බුරුත්ත පිටිං ලංකාව හැර යන්නේ මන්දැයි කවුරුවත් දන්නේ නැත. විදේශ සංචිත මහ අව්වටද කොහේදෝ දියවෙවී යන්නේය. මහින්ද ගත්ත ණය නිසා බදු වැඩි කරන්න වුණා නම් මහින්දගේ කාලයේදී වැට් බද්ද 15% දක්වා වැඩි නොකළේ ඇයිද කියලා යූ.ඇන්.පී. ආර්ථික ඔස්තාර්ලා ජනතාවට පැහැදිලි කරලා දෙන්න ඕනෑය. මහින්ද ණය අරන් ජනතාවගේ ඔළුව උඩ බදු බර පටවන්නේ නැතිව රට පාලනය කළා නම්, රට සංවර්ධනය කළා නම්, පාරකට තාර ටිකක්වත් දාන්නේ නැති යහපාලන ආණ්ඩුව ජනතාවගේ ඔළුව උඩ මේ තරම් බදු බර පටවන්නේ ඇයි කියලා ජනතාව ප්‍රශ්න කරන කොට යහපාලන ආණ්ඩුවට දෙන්න උත්තරයක් නැත.

    හැබැයි යහපාලන ආණ්ඩුව කියන්නේ බදු වැඩි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මහින්ද නිසා කියලාය. එතකොට ගමේ ගොවි ජනතාව අහන්නේ පොහොර සහනාධාරය කපලා දැම්මේත් මහින්ද හින්දද කියලාය. අද රට පුරාම ගොවියන් පාරට බැහැලා ඉන්නේ රුපියල් 350ට පොහොර දෙන්න කියලාය. ගොවියන් කියන්නේ අද පොහොර මිටිය 2,500ක් කියලාය. මහින්දට 350ට පොහොර දෙන්න පුළුවන් නම් යහපාලන ආණ්ඩුවට 350ට පොහොර දෙන්න බැරි ඇයි කියලා ගොවියන් අහනකොට යහපාලන ආණ්ඩුවේ සමහරුන් කියන්නේ මහින්ද ණය අරන් තියෙන නිසා පොහොර 350ට දෙන්න බැහැ කියලාය. අද ගොවි ජනතාව වී ටික විකුණා ගන්න බැරිව අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටියි. වී කිලෝ එක රුපියල් 15ට බැහැලා තිබේ. වී කිලෝ එකට රුපියල් 50ක් දෙනවා කියලා බලයට ආ යහපාලන ආණ්ඩුව දැන් කියන්නේ මහින්ද භාණ්ඩාගාරය හිස් කරලා ගිය නිසා තමන්ට කරන්න දෙයක් නැහැ කියලාය. හැබැයි මහින්දගේ කාලයේදී ගොවියාට 350ට පොහොර ලැබුණේය. වීවලට සාධාරණ මිලක් ලැබුණේය. එහෙම බලනකොට භාණ්ඩාගාරය හිස් කරලා තියෙන්නේ මහින්දද යහපාලන ආණ්ඩුවද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැත.

    භාණ්ඩාගාරය හිස් කියලා එක්සත් ජාතික පක්‍ෂය පැය 24 පුරාම මතුරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දීමනා වැඩි කරන්න යහපාලන ආණ්ඩුව කටයුතු කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට දුරකතන දීමනාව ලෙස 50,000කුත්, ගෙවල් කුලී දීමනාව ලෙස තවත් 50,000කුත්, කාර්යාලයීය දීමනාව ලෙස 75,000කුත්, ව්‍යවස්ථාදායක සභාව ලෙස පාර්ලිමේන්තුව රැස්වන දවසකට මන්ත්‍රිවරයකුට 2,500කුත්, ආංශික කාරක සභා රැස්වීම්වලට සහභාගි වන මන්ත්‍රිවරයකුට 4,000කුත් ගෙවන්න යහපාලන ආණ්ඩුවට සල්ලි කොහෙන්ද කියලා යහපාලන ආණ්ඩුවේ ලොක්කන් ජනතාවට කියන්න ඕනෑය. ගොවියන්ට පොහොර 350ට දෙන්න සල්ලි නැති යහපාලන ආණ්ඩුවේ භාණ්ඩාගාරයට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට ලක්‍ෂ ගණන් මාසික දීමනා දෙන්න සල්ලි කොහෙන්ද දන්නේ නැත. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට මාසික දීමනා වැඩි කරනකොට මහින්ද භාණ්ඩාගාරය හිස් කරලා කියන කතාව වලංගු නැද්ද කියලා යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන් ජනතාවට පැහැදිලි කරන්න ඕනෑය.

    අද යහපාලන ආණ්ඩුව තමන්ගේ හැම ලෙඩක්ම වහගන්න මහින්ද රාජපක්‍ෂ කියන කෝකටත් තෛලය පාවිච්චි කරනවා වාගේ චන්ද්‍රිකා කුමාරතුංග වේළුපිල්ලේ ප්‍රභාකරන් නමැති කෝකටත් තෛලය පාවිච්චි කළාය. චන්ද්‍රිකා තමන්ගේ දෙවැනි වාරයේදී බලයේ හිටියේ ප්‍රභාකරන් නමැති කෝකටත් තෛලයේ පිහිටෙනි. ඇත්තම කිව්වොත් 99දී රනිල්ව පරද්දලා චන්ද්‍රිකා ජනාධිපති වුණේ ප්‍රභාකරන්ගේ බෝම්බයෙන් ලැබුණු ජනතා අනුකම්පාව නිසාය. 99දී ටවුන්හෝල් එකේදී චන්ද්‍රිකාට බෝම්බයක් නොවැදුණා නම් එදා ඡන්දය දිනන්නේ රනිල්ය. ප්‍රභාකරන් නමැති කෝකටත් තෛලය නිසා තමන්ගේ දෙවැනි වාරය ගත කළ චන්ද්‍රිකා 94දී බලයට ආවේ ප්‍රේමදාස නමැති කෝකටත් තෛලය පාවිච්චි කරලාය. 94 ඉඳන් 99 වෙනකම් චන්ද්‍රිකා තමන්ගේ වැරැදි වහගත්තේ ප්‍රේමදාසව පෙන්නලා ප්‍රේමදාසට බැනලාය. 99 ඉඳන් 2004 දක්වා චන්ද්‍රිකා තමන්ගේ වැරැදි වහගත්තේ ප්‍රභාකරන්ව පෙන්නලා ප්‍රභාකරන්ට බැනලාය. හැබැයි අන්තිමේදී අවුරුදු 10ක් රට පාලනය කරලා චන්ද්‍රිකා ගෙදර ගියේ ඉතිහාසයේ අසාර්ථකම රාජ්‍ය නායිකාව ලෙසය.

    එදා ප්‍රේමදාසවයි, ප්‍රභාකරන්වයි පෙන්නලා චන්ද්‍රිකා තමන්ගේ වැරැදි වහගන්න උත්සාහ කළා වගේ යහපාලන ආණ්ඩුව තමන්ගේ වැරැදි වහගන්න උත්සාහ කරන්නේ මහින්දව පෙන්නලාය. තමන්ගේ නොහැකියාව වහගන්න මහින්දව පෙන්න පෙන්න මහින්දට බැන බැන ජාම බේරා ගන්න හදන මේ යහපාලන ආණ්ඩුවට සිද්ධ වෙන්නේත් චන්ද්‍රිකාට සිද්ධ වුණු දේය. 2005දී චන්ද්‍රිකා ගෙදර ගියේ මම අහවල් දේ කළා කියලා කියන්න කිසිම දෙයක් නැතිවය.

    හැබැයි මහින්ද ගෙදර ගියේ මම ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය පැරැද්දුවා කියන අභිමානය හිසේ දරාගෙනය. :love::love::love: මේ යහපාලන ආණ්ඩුවට ගෙදර යන්න සිද්ධ වෙන්නේ එදා චන්ද්‍රිකා ගෙදර ගියා වාගේ අහවල් දේ කළා කියලා කියන්න කිසිම දෙයක් නැතිවය. යහපාලන ආණ්ඩුවට ගෙදර යන දවසට ඔවුන්ට කියන්න තියෙන්නේ අපි ලයිට් කැපුවා, :cool: වතුර කැපුවා, :cool: පොහොර සහනාධාරය කැපුවා, :cool: විශ්‍රාම වැටුප කැපුවා, :cool: වැට් එක වැඩි කළා, :cool: විදේශ සංචිත අඩු කළා :cool: කියලා විතරය. ඊට අමතරව අපි මන්ත්‍රිවරුන්ගේ මාසික දීමනාව ලක්‍ෂ 2කින් විතර වැඩි කළා කියලාත් කියන්න පුළුවන්ය.

    - FB
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    සිරාවටම.... මේ යන විදිහට වැඩි කල් යන එකක් නෑ..... හැබැයි මේවාට විසදුම මහින්ද ගේන එක නම් නෙවේ..... එයා කරපුවා නොදන්නවා නෙවේ නේ..... :dull:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    සිරාවටම.... මේ යන විදිහට වැඩි කල් යන එකක් නෑ..... හැබැයි මේවාට විසදුම මහින්ද ගේන එක නම් නෙවේ..... එයා කරපුවා නොදන්නවා නෙවේ නේ..... :dull:

    wena wikalpayak tiye nam kiyapanko ban :confused:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,541
    113
    සිරාවටම.... මේ යන විදිහට වැඩි කල් යන එකක් නෑ..... හැබැයි මේවාට විසදුම මහින්ද ගේන එක නම් නෙවේ..... එයා කරපුවා නොදන්නවා නෙවේ නේ..... :dull:

    He had his faults but he's thousand times better than this Yahapalana regime. Most people thought my3 and Ranil combination would be better than MR; one year later the very same people who voted yahapalanaya are fed up with the government :nerd: