කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද?

chathura414

Well-known member
  • Jan 2, 2014
    4,952
    6,865
    113
    M-Town
    කෝච්චියේ සීට් එකක් බුක් කරගෙන ගමනක් යන්න අදහස් කරනවාද?

    එහෙනම් පොඩ්ඩක් නැවතිලා කියවලා යන්න.

    දුම්රිය දෙපාර්තමේන්තුව මගින් සලසා ඇති වෙන්කල හැකි ආසන වර්ග මොනවාද? ඒවායින් ඔබට ලැබෙන පහසුකම් මොනවාද? මෙම පහසුකම් සලසා ඇති දුම්රියන් මොනවාද? අද මේ ගැන ටිකක් කතා කරන්න හිතුවා.

    පහසුවෙන්, නිදහසේ, ආරක්ෂාකාරීව, අඩු වියදමින් සහ ඉක්මනින් ගමනක් යෑමට අවශ්‍ය නම් ඔබ නිසැකවම ⁣තෝරා ගන්නේ දුම්රියයි. නමුත් ඒ සමඟම ඇතිවන ගැටලු වන්නේ සීට් එකක් හම්බවෙයිද? මුළු ගමනම හිටගෙන යන්න වෙයිද? Foot board එකේද යන්න වෙන්නේ.

    මෙම ගැටලු මඟහරවා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ඔබට කලින් ආසන වෙන්කිරීමේ පහසුකම හදුන්වා දී තිබෙනවා.
    මෙනිසා ආසනයක් ලබා ගැනීමේ අදහසින් පොරකමින් දුම්රියට නැගීමට අවශ්‍ය නොවන අතර මෙම මැදිරි සදහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නේ ආසන ගනනට පමණක් බැවින් මැදිරිය තුල නිදහසේ ගමනාන්තය තෙක් ගමන් කිරීමටද හැකිය.

    වෙන්කල හැකි ආසන නම්,
    01. වායුසමනය කල පළමු පන්තිය (AFC)
    02. නැරඹුම් මැදිරිය (OFV)
    03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)
    04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)
    05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)
    06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)
    07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)
    08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

    01. වායුසමනය කල පළමු පන්තිය (AFC)

    ආනතිය වෙනස් කල හැකි වඩාත් සැපපහසු ආසන වේ.
    මැදිරියම වායුසමනය කර ඇත.
    මැදිරිය මනා ආලෝකකරණයකින්ද යුක්ත වේ. ආසනයකට කුඩා මේසය බැගින් ඇති අතර කවුළු තිර රෙදි යොදා අලංකාර කර තිබේ. ජංගම දුරකථන, ලැප්ටොප් චාර්ජ් කරගැනීමේ හැකියාවද ඇත. ආසනද සිත් ගන්නා ලෙස කුෂන් කවර යොදා අලංකාරවත් කර ඇත..සුඛෝපභෝගී නගරාන්තර දුම්රියන්හි AFC වල රූපවාහිනී නැරඹීමටද ගීත ශ්‍රවනය කිරීමට ද පහසුකම් සපයා ඇත. එමෙන්ම තම ආසනය තමාට රිසි ඕනෑම ප්‍රමාණයකට ආනත කීරීමට වගේම අංශක 360කින්ම භ්‍රමණය කිරීමට ද හැකිය. සැබවින්ම මෙම මැදිරියක ගමන් කිරීම ගුවන් යානයක ගමන් කිරීමට සර්වසමවේ.

    කන්කසන්තරය සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ හා මහනුවර සතිඅන්ත සුඛෝපභෝගී නගරාන්තර දුම්රියේ මැදිරි සියල්ල AFC වන අතර උඩරට මැණිකේ, පොඩි මැණිකේ සහ මහනුවර හා මාතලේ සීඝ්‍රගාමි දුම්රියේ( from colombo fort @ 10.35am) එක් මැදිරිය බැගින් ඇත. මීට අමතරව කන්කසන්තරේ රාත්‍රී තැපැල් දුම්රියේ හා මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේද එක් මැදිරිය බැගින් ඇත. තවද මරදාන -මාතර සීඝ්‍රගාමි දුම්රියේද (from colombo fort @6.55am) AFC මැදිරියක් පවතින අතර එහි සුවි⁣ශේෂිතාවය වන්නේ ආසන එකිනෙක ආවරණය කර පැවතීමයි..

    02, නැරඹුම් මැදිරිය (OFV)

    පළමුවන පන්තියට අයත් වන මෙම මැදිරිවලද සැපපහසු ආසන, ⁣ඒවාට මේසය බැගින් සපයා ඇති අතර වටපිටාව හොඳින් නිරීක්ෂණය වන සේ ආසන ප්‍රේක්ෂකාගාරයක මෙන් ස්ථාපනය කර ඇත. තවද දුම්රිය ධාවනය වන දිශාවට විරුද්ධ දිශාවට ආසන පිහිටුවා ඇති අතර මෙය දුම්රියේ අවසන් මැදිරිය වේ. තවද දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්ගේ අධික ඉල්ලුමක් ඇති මෙම මැදිරි සාමාන්‍යයෙන් යොදවන්නේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ගමනාන්ත කරායි. ලංකාව තුල දුම්රියන් 6ක මෙම මැදිරිය ඇතුළත් වේ. කොළඹ කොටුවෙන් පෙ.ව 9.45ට බදුල්ල බලා ධාවනය වන සීඝ්‍රගාමි දුම්රියේත්, මහනුවර දෛනික නගරාන්තර දුම්රියන් දෙකේත්, මහනුවර සතිඅන්ත නගරාන්තර දුම්රියේත්, මහනුවර- බදුල්ල මිශ්‍ර දුම්රියේත් ඇතුළත් වේ. මෙයට අමතරව යාපනය සහ කන්කසන්තරේ බලා ධාවනය වන යාල්දේවී සීඝ්‍රගාමි දුම්රියේ ද නැරඹුම් මැදිරියක් ඇත. සාමාන්‍යයෙන් නැරඹුම් මැදිරිය වායුසමනය නොකරන අතර මහනුවර දෛනික නගරාන්තර දුම්රියන්හි නැරඹුම් මැදිරි වායුසමනයද කර ඇත. ලංකාවේ උඩරට දුම්රිය මාර්ගයේ සොඳුරු අත්දැකීම් හොදින්ම විඳගැනීමට නම් නැරඹුම් මැදිරියක ගමන් කල යුතුමය.

    03. පළමු පන්තියේ වෙන්කල ආසන (FCR)

    ආනතිය වෙනස් කල හැකි වඩා සැපපහසු ආසන වේ. ආහාර ගැනීමට කුඩා මේසය බැගින්ද තිබේ. මෙම මැදිරියක් දක්නට ලැබෙන්නේ යාල්දේවී දුම්රියේ පමණි.

    04. පළමු පන්තියේ නිදන මැදිරිය (FCB)

    සැබවින්ම මෙය ඇදන් 2ක් සහිත කුඩා කාමරයකි. මේස, පුටු, ⁣කබඩ් එකක්, ඇදුම් එල්ලනයක්, කන්නාඩියක්, විදුලි පංකාවක් ආදී කාමරයක අන්තර්ගත සියල්ල මෙහි තිබේ. තවද කාමරයටම සම්බන්ධිත කුඩා නාන කාමරයක්ද ඇත. එක් ඇදක් බිම් මට්ටමේ ඇති අතර අනෙක ඉහලින් ඇත. ඉනිමඟක් ආධාරයෙන් එයට නැගිය යුතුය.
    ඉතා දීර්ඝ ගමනාන්ත සහිත දුම්රියන් වලට යොදවන මෙම මැදිරි ලංකාව තුල කන්කසන්තරේ, බදුල්ල , ත්‍රිකුණාමලය බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් වලට එක් කර ඇත. තවද මඩකලපුව බලා ධාවනය වන මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ ද මෙම මැදිරියක් දක්නට ලැබේ.
    ජීවිතයේ එක් වරක් හෝ මෙම Berth මැදිරියක ගමන් කරන්න. එය ජීවිතයට මහඟු අත්දැකීමක් වනු නොඅනුමානයි.

    05. දෙවන පන්තියේ වෙන්කල ආසන (SCR)

    සාමාන්‍ය මුදලකට පහසුවෙන් ගමන් කල හැකි ආසන මෙහි ඇත. බොහෝ දුම්රියවල SCR මැදිරි වල මේස සපයා නොමැත. වැඩිම දුම්රිය ප්‍රමාණයක සපයා ඇති ආසන වෙන්කිරීමේ ක්‍රමයයි. නගරාන්තර දුම්රියන් සමන්විත වන්නේ මෙම වර්ගයේ මැදිරි කට්ටලයකිනි. අමතර වශයෙන් වෙනත් වර්ගවල මැදිරි 2,3ක් එක් කරයි.
    මෙම පහසුකම සහිත දුම්රියන් වන්නේ.
    - වව්නියාව ICE
    - මහනුවර ICE (උදෑසන )
    - මහනුවර ICE ( සවස)
    - මහනුවර සතිඅන්ත ICE
    - උත්තර දේවි ICE
    - යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය
    - උදය දේවි සීඝ්‍රගාමි දුම්රිය
    - උඩරට මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
    - පොඩි මැණිකේ සීඝ්‍රගාමි දුම්රිය
    (ICE = Intercity Express )

    06. දෙවන පන්තියේ නිදන ආසන (SCS)

    සැපපහසු ආසන වේ. ආසනය සයනක ආකාරයෙන් ආනත කර නිදාගැනීමට හැකි ලෙස සකසා ඇත. එමෙන්ම ආසන අතර සැලකිය යුතු පරතරයක්ද පවත්වා ඇත. රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන් සදහා විශේෂයෙන් සකස්කර ඇත.
    ගාල්ල රාත්‍රී තැපැල් දුම්රිය හැර අනෙක් සියලු රාත්‍රී තැපැල් දුම්රියන්හි( බදුල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තරය හා තලේමන්නාරම) මෙම Second Class Sleeperets දක්නට ලැබේ. මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියටද මෙම මැදිරියක් යොදවා ඇත.

    07. තුන්වන පන්තියේ වෙන්කල ආසන (TCR)

    මෙහිදී ආසනයක් මගියා වෙනුවෙන් වෙන්කර දීම පමණක් සිදුවේ. අමතර පහසුකම් සපයා නොමැත. ආසනද සුවපහසු බවින් තරමක් අඩුය. ආසන පේලි අතර පරතරයද සාපේක්ෂව අඩුය. නමුත් අඩුම මුදලට වෙනකර ගත හැකි ආසන වර්ගය වන්නේ TCR ය.
    ලංකාව තුල මෙම පහසුකම ඇත්තේ උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන් දෙකේ පමණි.

    08. තුන්වන පන්තියේ නිදන ආසන (TCS)

    TCR මැදිරි වලට සමාන වන අතර වෙනසකට ඇත්තේ ආසන ස්වල්පයක් ආනත කර සාදා තිබීමයි. රාත්‍රී දුම්රියන් වෙනු⁣වෙන් ⁣සකසා ඇත. සාමාන්‍ය මගියෙකුට අඩු මිලකට නිදන ආසනයක් වෙන්කර ගැනීමේදී TCS වැදගත් වේ...
    බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියේ, ත්‍රිකුණාමලය රාත්‍රී තැපැල් දුම්රියේ සහ මීනගයා රාත්‍රී නගරාන්තර දුම්රියේ මැදිරිය බැගින් ඇති අතර කන්කසන්තරය රාත්‍රී තැපැල් දුම්රිය මැදිරි 2කින් යුක්තය.

    උපුටාගැනීම
    සටහන හා ඡායාරූප -
    R.M. තරිඳු නිශාදව මධුවන්ත

    පසුව ලියමි.

    ගොඩක් දෙනෙක් අහන දුම්රිය ආසන වෙන්කිරීම පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු මෙතන තියනවා

    http://gic.gov.lk/gic/index.php/si/component/info/?id=432&task=info

    http://www.railway.gov.lk/web/index.php?option=com_content&view=article&id=127&Itemid=156&lang=
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,262
    5,706
    113
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    මේකෙන් බුක් කරා, ඔන්ලයින්ම ගෙව්වා, e-ticket pdf එන එක පෙන්නලා යන්න පුලුවන්... ගාර්ඩ් මහත්තය හොදට e-ticket බලනව එක, එක නිසා ගොන් පාර්ට් කරන්න යන්න එපා..
    රු 50ක අමතර ගාස්තු වදිනවා ටිකට් එකට.


    https://pravesha.lk/en

    මේකෙන් නොර්මල් ටිකට් ගන්න පුළුවන්, මේකනම් දැන් ස්ටේෂන් එකේදී ස්කන් කරලා ගන්නේ.. සීට් එකක් සෙට් වෙයිද නැද්ද දන්නේ නෑ, හැබැයි උදේට පෝලිමේ ඉදල ටිකට් ගන්නවට වැඩිය ලේසි.. අමතර ගාස්තු නෑ
     

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    381
    469
    63
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    මේකෙන් බුක් කරා, ඔන්ලයින්ම ගෙව්වා, e-ticket pdf එන එක පෙන්නලා යන්න පුලුවන්... ගාර්ඩ් මහත්තය හොදට e-ticket බලනව එක, එක නිසා ගොන් පාර්ට් කරන්න යන්න එපා..
    රු 50ක අමතර ගාස්තු වදිනවා ටිකට් එකට.


    https://pravesha.lk/en

    මේකෙන් නොර්මල් ටිකට් ගන්න පුළුවන්, මේකනම් දැන් ස්ටේෂන් එකේදී ස්කන් කරලා ගන්නේ.. සීට් එකක් සෙට් වෙයිද නැද්ද දන්නේ නෑ, හැබැයි උදේට පෝලිමේ ඉදල ටිකට් ගන්නවට වැඩිය ලේසි.. අමතර ගාස්තු නෑ
    e ටිකට් එක අරන් ගිහින් පෙන්නුවම , කවුන්ටර් එකෙන් ප්‍රින්ට් කරන් එන්න කිව්වනේ , කොටුව ස්ටේෂන් එකෙන් .
     
    • Like
    Reactions: snm1990

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,244
    29,749
    113
    Mulinma ticket ganna puluwanda kiyapanko.

    issara oka patan gatta kale gatta.

    eetapasse masekata kalin baluwath ticket na.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,036
    17,149
    113
    හස්තිශෛලපුර
    https://seatreservation.railway.gov.lk/mtktwebslr/

    මේකෙන් බුක් කරා, ඔන්ලයින්ම ගෙව්වා, e-ticket pdf එන එක පෙන්නලා යන්න පුලුවන්... ගාර්ඩ් මහත්තය හොදට e-ticket බලනව එක, එක නිසා ගොන් පාර්ට් කරන්න යන්න එපා..
    රු 50ක අමතර ගාස්තු වදිනවා ටිකට් එකට.


    https://pravesha.lk/en

    මේකෙන් නොර්මල් ටිකට් ගන්න පුළුවන්, මේකනම් දැන් ස්ටේෂන් එකේදී ස්කන් කරලා ගන්නේ.. සීට් එකක් සෙට් වෙයිද නැද්ද දන්නේ නෑ, හැබැයි උදේට පෝලිමේ ඉදල ටිකට් ගන්නවට වැඩිය ලේසි.. අමතර ගාස්තු නෑ
    ade sira ban// ohoma ekak mama nam denan hitiye na
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    9,262
    5,706
    113
    ade sira ban// ohoma ekak mama nam denan hitiye na
    ඔව්, මම ඔෆිස් යන්න වෙන දවසට උදේට නොර්මල් එකක් දන්නේ නුවර ඉදල මරදානට...
    හවස 5.15 බුකින් දාල සීට් එකක් දාගෙන එන්නේ...

    e ටිකට් එක අරන් ගිහින් පෙන්නුවම , කවුන්ටර් එකෙන් ප්‍රින්ට් කරන් එන්න කිව්වනේ , කොටුව ස්ටේෂන් එකෙන් .
    කොටුවනම් සෙට් වෙලා නෑ, නුවර-මරදාන තම ගොඩක්ම යැවෙන්නේ...
    නොර්මල් ටිකට් e-ticket එක ස්කෑන් කරන එකනම් නුවර, මරදාන දෙකේම කරනවා.. ටිකට් එකත් හරියට අප්ඩේට් වෙනවා... In-Use, Used
     
    • Like
    Reactions: War Fighter

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    එක ලග ටිකට් සිලෙක්ට් කරන්න බෑ නේද
     

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,280
    3,412
    113
    කොලොම්පුරේ
    weekend thamai amaru nattan loku awlak na
    ehemanan ithin bariya.


    ල.දු.දේ. Online Tickets Booking ජාවාරම

    දිනය 28/ඔක්තෝම්බර්/2024 (අද)
    වේලාව උදේ 10.15

    නොවැම්බර් 27 බදාදා බදුල්ලේ යන්න ටිකට්ස් 9 බුකින් දාන්න කියලා හිතාගෙන අද උදේ 9ට අපි ගියා කොළඹ කොටුව ස්ටේශන් එකට...
    හරියටම 27 ටිකට්ස් ඔපන් වෙන්නේ අද නිසා ගිහින් අහපුවාම උදේ 10ට තමා ටිකට්ස් බුකිම් ඔපන් වෙන්නේ කිව්වා...හරි තව පැයක් තියෙනවා කිව්ව නිසා බුකින් දාන්න ඕන Application කොල 2 අරගෙන අපි එතනින් එලියට ඇවිල්ලා උදේ 10.15 වෙද්දි ආපහු කොටුව ස්ටේශමේ බදුල්ල බුකින් counter එකට ගිහින් උදේ 5.55 පොඩි මැණිකේ එකේ යන්න ටිකට් 9 බුකින් ඕන කියලා කොල දෙකත් දුන්නා...

    මෙන්න යකූ කියපි ශිට් ඉවරයි කියලා
    😂
    😂
    💔


    එයා අහනවා අපේන් 10ට ඕපන් කරන්නේ කොහේද හිටියේ කොල 2 අරන් ගිහින් කියලා...
    ආච්චිට හාල්ගරන්න
    😂
    😂

    First Class ශිට් - 88
    Second Class ශිට් - 48
    Third Class ශිට් - 72
    ඔක්කෝම ශිට් 208 තියෙන ට්‍රේන් එකේ ශිට් ටික බුකින් වෙන්න ගියේ විනාඩි 15 අඩු කාලයක්...ඔන්න ඕකනේ කරන්න බැරි
    😂
    😂


    අනේ ඉතිම් ඇහුවා 8.30 උඩරට මැණිකේ එකේ ශිට් තියෙනවද කියලා...උදේ ට්‍රේන් 3ම fully book කිව්වා
    😂
    🔫

    කවුද යකූ කියන්නේ අපේ රටේ දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබනවා කියලා..මේ පේනවනේ ඉල්ලුම
    🤭

    විනාඩි 15ට මාසේකට පස්සේ යන ට්‍රේන් 3ම ශිට් ෆුල්..
    🔥


    ටිකට් කවුන්ටර් එකේ හිටපු උගත් මහතාගෙන් අපි ඇහුවම මෙච්චර ඉක්මනට කොහොමද ශිට් බුක් වෙන්නේ කියලා..අපිට කිව්ව දේවල්,
    1) එහෙම තමා 10 වෙද්දි මේක කට්ටිය ශිට් බුකින් දානවා
    2) මුලු ලංකාවේම ඔක්කෝම එකපාර ඕපන් වෙනකොට එහෙම තමා
    3) 10 වෙද්දි එන්න කිව්වේ එකනේ
    4) ඔයාලට ඔන්ලයින් පේන්නන විදිහටම තමා අපිටත් පෙන්නන්නේ
    5) අපේ Pc එකට හරිම slow,ඊට වඩා ඉක්මනට ඔයාලගේ පෝන් එකෙන් දාන්න පුලුවන්
    Ect...

    හිත හදාගෙන එතකොට නොවැම්බර් 28 බුකින් එකක් දාන්න හෙට උදේ 10 වෙද්දි මෙතන හිටියොත් ටිකට් 9 දාගන්න පුලුවන්ද ඇහුවම?
    *ටිකට් 9ම දාන්න පුලුවන් වෙයි කියන්න බෑ ඉතින්
    *උපරිම ටිකට් 2/3 දාලා දෙන්න පුලුවන්

    මෙයාලා කියන විදිහට අපි වැඩ ඔක්කෝම පැත්තකට දාලා ටිකට් කවුන්ටර් එක ගාව ඉන්න ඕන උදේ 10 වෙද්දි ටිකට් දාගන්න...හැබැයි ඒ හිටියත් ශුවර් නෑ පුතේ ටිකට 2/3 එහානන්
    😂
    😂
    💔


    අප්පගේ රටක් තමා යකූ මේක...සාමාන්‍යය මනුස්සයෙක්ට ටිකට් එකක් බුක් කරන්න වෙන්නේ නෑ මලාට කොළඹින් බදුල්ලට යන්න...

    අන්තිමට ඉතින් ගමන පොඩි වෙනසක් කරලා නයිට් මේල් එකේ ටිකට් 9 බුකිම් දැම්මා..
    🥲

    එහෙමවත් වෙනසක් කරන්න බැරි මනුස්සයෙක් ආවානන් ගමන ලප් තැනම ලොප් තමා
    💔


    කොළඹින් බදුල්ලේ යන පොඩි මැණිකේ,උඩරට මැණිකේ,උදේ 9.45 යන ට්‍රේන් තුන තමා මේ සීන් එක හොදටම යන්නේ...
    නයිට් මේල් එකේනන් කිසි හෙනයක් නෑ ශිට් එකක් බුකින් දාගන්න පුලුවන්,
    මොකද සුද්දෝ නයිට් මේල් එකේ යන්නේ නෑනේ බං
    😂
    😂
    🔫


    ඇල්ල & දුන්හිද ODC දෙකෙත් අනිවා මේ වැඩේ වෙනවා ඇති,එකේ ටිකට්ස් කොහොමත් ගනන් නිසා මම එකේ බැලුවේ නෑ..එකෙනුත් ටිකට් ටික විකුණලා හොද ලාභයක් ගන්නවා ඇති මේ උගත් නිහතමානි මිනිසුන් ටික
    🥹
    ❤


    මේ කාලේ හැටියට එයාලට බැනලා වැඩකුත් නෑ,ගන්න පඩියට කොහොමද අනේ මේ රටේ ජිවත් වෙන්නේ,බඩු මිල අහස උසටනේ,ඒ නිසා මේ වගේ පොඩි පොඩි බිස්නස් කරලා එදා වෙලා හම්බකරන්නේ දරු පව්ල රැක ගන්නනේ..කමක් නෑ
    🥹
    🥹


    ආදරෙයි CGR එකේ හැමෝටම...
    🥰

    තෙරුවන් සරණයි,අල්ලා දෙවි පිහිටයි,ජේසු පිහිටයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,362
    113
    hFcrKXb.png

    හොඳ දැනුවත් කිරීමක්..
    ස්තූතියි
     
    Last edited:
    • Like
    Reactions: chathura414