කෝච්චි ටිකට් 15% කින්
15% කින් දුම්රිය ගාස්තුව වැඩි උන අය ඉන්නවනම් කියහල්ල.
අපේනම් 32% ක් වැඩිවෙලා.මිනිස්සු ෆුල් අවුල්ගහල උන්නේ, මේ මඥ්ඥන් වැඩිවීමට.
හැබැයි ඒගොල්ලෝනම් කියන්නේ මෙහෙම
කලාප බෙදා ඇතිඅතර ගාස්තුවේ මද්‍ය අගයේ 15% වැඩිකල වැඩිකිරීමක් කර ඇති අතර එහිදී ලැබෙන අගය ආසන්න ඉහල රුපියල්පහට වටයූවිට ඉහත වැඩිවීම් ඇතිවෙන බවය බවය.
අඩෝ උබලටත් තේරුනානේ.ඒකියන්නේ උබලගේ මැත හොදයි.ඒකියන්නේ අපි ඉගනගත්ත අය.සද්ද නැතුව හ්ම්ම් හ්ම්ම් කියපල්ල.ඒහෙමයි මේ අවස්තාවේ බුද්දිමත් ජනතාව ප්‍රතිචාර දක්වන්නේ.(නිවුස් එක පහත )
අර පාලමේන්තු මන්ත්‍රීලටවාහන දීම වහාම නතරකලා වගේ රට හිනස්සන අනිත් වැඩේ මේක.
ලන්කාවේ රජයවල් සහ ගොඩක් රාජ්‍ය ආයතන ඔහොමම තමයි.
ඇත්තටම ඔය දුම් රිය සේවය හදලා තියෙන්නේ ආන්ඩුවේ සේවකයින්ට.සහ ඒඅය ප්‍රවිවට් මිනිහව සලනක්කේ සල්ලි ගරන එකෙක් විදියටද කියලත් හිතෙනවා.ඔය ට්‍රේන් සීසන් එක ආන්ඩුවේ අයගෙන් 15% කරද්දී ප්‍රවිවට් උන්ගේ 30%ට වැඩිගානකින් ඉන්ක්‍රීස් කරලා.හැබැයි ඒවගේ ඩබල් ප්‍රවිවට් එකාගෙන් අරගනත් රජයේ නිවාඩුදවසට ට්‍රේන් දුවන්නේ දෙකෙන් පන්ගුවයි.
(State employees 12 Laks : Private 35 Laks --2017 statistics from senses depet )
එදාට කෝච්චිදෙකක සෙනග එකේ යන්න ඔනේ ෆෑන් එකක්වත් නැතුව මිරිකිලා දාඩිය පෙරාගන.
ආන්ඩුවෙන් පඩිවැඩිකරලා 10000වල් දෙන්නෙත් ඒ අයට.ඒක රිකව කරගන්න ගහන බඩුවලට බදු ගහපුවාම ඒක ගෙවන්නේ රටේ සියලුමිනිස්සු.මේව දැකලා මිනිස්සු ආන්ඩුවේ ජොබ් දෙන්න කියද්දෙ ඇමතිලා කියනවා හා හා රජයේ ඒවා හොයන්න එපා සිකුරුටිහරි යන්න ප්‍රවිවට් ඒවගේ කියලා.ඔව් ඉතින් එතකොට උගේ සොච්චම අරගන ඌ හිගන්න වෙන්නම බඩුමිලට බදුගහලා තව පිරිසකට , චන්දය ගන්න අල්ලස් විදියට දුන්න පොරොන්දු ඉටුකරන්න පුලුවන්නේ.
Lakbima news--
දුම්රිය ගාස්තුව සියයට 15 කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ දමා ඇති බවට දුම්රිය මගීහු ඊයේ (1) චෝදනා කළහ.
සමස්ත දුම්රිය ගාස්තුව සියයට 15 කින් ඊයේ (1) සිට ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබුණු අතර ඒ අනුව නව දුම්රිය ගාස්තුව දුම්රිය ස්ථාන වෙතින් ඊයේ (1) අය කරන්නට වූහ.
මෙහිදී තමන්ගෙන් අයකරන ලද පැරණි දුම්රිය ගාස්තුවට සියයට 15 ක් ගණනය කර දුම්රිය මගීහු නව දුම්රිය ගාස්තුව අනුමාන කරගෙන සිටි නමුත් එම මුදලට වඩා වැඩි මුදලක් තම ටිකට් පත් සඳහා දුම්රිය ස්ථාන වෙතින් අයකර ඇති බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. උදාහරණයක් ලෙස ගාල්ල සිට කොළඹ කොටුවට මීට පෙර තිබූ රුපියල් 100 ක දුම්රිය ගාස්තුව නව දුම්රිය ගාස්තු වැඩිවීමත් සමග රුපියල් 135 ක් වී තිබේ. නමුත් සියයට 15 න් දුම්රිය ගාස්තුව වැඩි කරන්නේ නම් එම දුම්රිය ගාස්තුව රුපියල් 115 ක් විය යුතු බව ඇතැම් දුම්රිය මගීහු පැවැසූහ. මගීහු මේ පිළිබඳව දුම්රිය ස්ථානාධිපතිවරුන් සමගද තර්ක කර තිබේ.
කෙසේ වෙතත් මෙම දුම්රිය ගාස්තු වැඩිවීමේදී කිසිදු දෝෂයක් සිදුවී නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඔවුන් පෙන්වා දෙන පරිදි දුම්රිය ගාස්තුව අය කරන්නේ දුම්රිය කලාප වශයෙන් බවත් ඒ අනුව බලන විට ඇතැම් දුම්රිය ගාස්තු සියයට 15 කට වඩා වැඩිවෙන බවත් එම දෙපාර්තමේන්තු ප්‍රධානියකු පැවැසීය.
එලෙසම දුම්රිය ගාස්තුවේ සියයට 15 ක වැඩිවීම ගණනය කරන්නේ දුම්රිය කලාපවල සමස්ත ගාස්තුවේ මධ්‍ය අගයට සියයට 15 ක් ලෙස බවත් ඔහු කීවේය. එමෙන්ම දුම්රිය ගාස්තුව ගණනය කිරීමේදී ආසන්න ඉහළ රුපියල් 5 ට වටයන නිසාද ඇතැම් ගාස්තුවල වැඩිවීමක් පෙන්නුම් කෙරේ. එමෙන්ම දුම්රිය ස්ථාන අතර පවතින දුරද ඇතැම් ගාස්තුවල බැලූ බැල්මට වෙනසක් පෙන්වීමට හේතුවන බවද ඔහු කීවේය.
දුම්රිය ගාස්තුව සියයට 15 න් ඉහළ දමන බවට දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාව වෙත පැවැසීම නිසා මෙම ගැටලුව ඇතිවී ඇති බව පැවැසූ ඒ මහතා දුම්රිය ගාස්තුව කලාප වශයෙන් සහ ගාස්තුවේ සමස්ත මධ්‍ය අගයෙන් සියයට 15 ක් වැඩිකරන බව පැවැසුවා නම් මගී ජනතාවට මෙවැනි මැසිවිලි නැගීමට හේතුවක් ඇති නොවන බවද ඔහු කීවේය.
වසර 10 කට පසුව ඉහළ ගිය මෙම දුම්රිය ගාස්තුව තවමත් පවතින්නේ සියලු බස් ගාස්තුවලට වඩා පහළ අගයක බව පැවැසූ ඒ මහතා ඒ නිසා නව ගාස්තු වැඩිවීමෙන් මගී ජනතාවට අසාධාරණයක් සිදුවී නොමැති බවද පැවැසීය.

Last edited: