etkota mehemath pattak oke tiyanwalu.......
(ලංකා ඊ නිව්ස් -2015.ඔක්.11, ප.ව.10.30) අද දිනයේද දේශපාලඥයෙක් ලෙස කටයුතු කරන හිටපු අති සුවිශේෂී පුද්ගලයෙකුගේ තරුණ පුත්‍රයෙකුට අයත් විදෙස් ගිණුමක රුපියල් කෝටි 1400 ක් ඇතැයිද එකී ගිණුම පවතින බටහිර ආසියාතික රටේ ගිණුම අක්‍රිය කිරීම සම්බන්ධයෙන් අද දිනයේ නඩුවක් විභාග වන බව සඳහන් ලංකාවේ සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක සඳහන් පුවත අසත්‍යයක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. එහි පරිවර්තනයක් එම ආයතනය විසින්ම පළ කෙරෙන සති අන්ත සිංහල පුවත් පතේද පළකර තිබිණ.
එවැනි නඩුවක් අද කිසිදු රටක විභාගයට ගෙන නැතැයි පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත තහවුරු කළේය. අදාල රටේ තානාපතිවරයාද කියා සිටියේ එවැනි නඩුවක් අද විභාග නොවන බවත් එවැනි නීතිඥ කණ්ඩායමක් ලංකාවෙන් පැමිණද නැති බවයි.
රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාව සතු ධනය විදෙස් ගිණුම් වල සඟවා ඇති බව සත්‍යයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටිති. ඔවුන් රටවල් 6 ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නමුත් ඒ කිසිදු රටක පුවත් පතේ සඳහන් අන්දමේ නඩුවක් විභාගයට ගැණෙන්නේ නැත.
පෙර කී පුවත විශ්ලේෂනයක් අන්දමින් පුද්ගල හෝ රටක හෝ නම් ගම් සඳහන් නොකරමින් මෙම පුවත පළ කර ඇත්තේ සිදු කෙරෙන පරීක්ෂණ වල තත්ත්වය ගැන රාජපක්ෂලාට අනතුරු ඇඟවීමට හෝ නඩුවක් නොමැති තැනෙක නඩුවක් තිබුනා කියා පසුව කිසිවක් සිදු නොවූ තැන ආණ්ඩුව කිසිවක් නොකරන බව ජනතාවට අඟවා ජනතාව කලකිරීමට පත්කරවීමට බවත් එකී ලිපිය ලියූ ලේඛකයා ප්‍රකට රාජපක්ෂවාදියෙකු බවත් තතු දත් අය පවසති.