කෝටි 10000ක් වැයකර කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 3
කෝටි 10000ක් වැයකර කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 35000ක්
කොළඹ නගරයේ සිදු කෙරෙන දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ පැල්පත් වාසීන්ගේ නිවාස තැනීම සඳහා රජය මඟින් රුපියල් කෝටි 10000කට අධික මුදලක් වැය කෙරේ. නිවාස 35000ක් ඉදිකෙරෙන අතර ඉන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 30ක් වැය කෙරෙන බවද ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
මේ නිවාස 35000 අංගසම්පූර්ණ පහසුකම් වලින් සමන්විතය. මහල් 12කින් සමන්විත එක් එක් ගොඩනැගිල්ලකට අයත් නිවෙසකට වෙන වෙනම කාමර, මුළුතැන්ගෙය, නාන කාමර ඇතුළු සියලු පහසුකම් සළසා තිබේ.
මේ වන විටත් එම නිවාස තැනීමේ කටයුතු ආරම්භ කර ඇත. මෙම තට්ටු නිවාස සඳහා විදුලි සෝපා, ජෙනරේටර් පහසුකම් ද සැපයේ. තවද වෙනම විදුලි බිල්පත්, ජල පහසුකම් ඇතුළු නිවෙසකින් නිවෙසකට සම්බන්ධතාවක් ඇති නොවන පරිදි සියලු කොටස් ඉදිකෙරේ.
එක් නිවාස සංකීර්ණයක් සඳහා විශාල ජල ටැංකියක්ද එම නිවාස සංකීර්ණයේ දරු දැරියන්ගේ විවේකය ගත කිරීම සඳහා වෙනම උද්‍යානයද ඉදිකෙරේ.
මුඩුක්කු සංකල්පය සම්පූර්ණයෙන්ම ඉවත් කර පැල්පත් වාසී ජනතාවට නිදහසේ ජීවත්විය හැකි නිවාස පහසුකම් මේ යටතේ සැපයෙන බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.
මේ අතර කොළඹ නගරයේ ජීවත්වන මුස්ලිම් ජනතාව ඇතුළු කිසිම පැල්පත් වාසී පුද්ගලයෙක් කොළඹ ප්‍රදේශයෙන් ඉවත් නොකරන බව ආරක්ෂක ලේකම්වරයා දැඩි සේ අවධාරණය කෙළේය. ලෝක බැංකු ණය පහසුකම් සහ විදේශීය ආයෝජකයන්ට රජයේ ඉඩම් ව්‍යාපාර සඳහා ලබා දීමෙන් ලැබෙන මුදල් යොදමින් මේ දැවැන්ත නිවාස පද්ධතිය ඉදිකෙරේ. භාණ්ඩාගාරයෙන් මේ සඳහා කිසිදු මුදලක් ලබා නොගන්නා බවද හෙතෙම කීවේය. මීට වසර දෙකකට පමණ පෙර සකස් කරන ලද කොළඹ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මේ නිවාස වැඩපිළිවෙළ ආරම්භ වූයේ මීට වසර එකහමාරකට පමණ පෙරය.
ඒ යටතේ මේ වන විටත් වනාතමුල්ල, මාලිගාවත්ත, මයුර පෙදෙස දෙමටගොඩ, ඇතුළු පැල්පත් නිවාස පැවති ස්ථාන කිහිපයකම නිවාස 17500ක වැඩ කටයුතු ආරම්භ කර තිබේ. තවත් ඉතිරිව තිබෙන්නේ නිවාස 17500ක් පමණි.
වසර දෙකහමාරක් ඇතුළත මේ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම ඉදිකර අවසන් කෙරෙන බවද ඒ මහතා කීය. මීට අමතරව කොළඹ නගරය තුළ අනාරක්ෂිත වාහන තද බදයට පිළියමක් වශයෙන් මැනිං වෙළඳ පලද, වෙනත් ස්ථානයකට ගෙන යාමටද රජයේ කාර්යාල හා ආරක්ෂක බලසේනා මූලස්ථානය සියලු පහසුකම් වලින් යුත් වෙනත් ස්ථානවලට ගෙන යෑමටද සැළසුම් කර තිබේ.
පැල්පත් වාසී ජනතාව විසින් සිදුකරගෙන ගිය විවිධ රැකියා ඒ ආකාරයෙන්ම කරගෙන යාමටත් අවශ්‍ය පහසුකම් සැළැසේ. මේ වනවිට කොළඹ කානු පද්ධතිය, බේරේ වැව, ඇතුළු ඇළමාර්ග පවිත්‍ර කිරීම ආදී කටයුතු ද සිදු කෙරෙමින් පවතී.
කොළඹ අලංකාර කිරීමේ සංවර්ධන වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන්ම පැල්පත්වාසී ජනතාවට නිවාස ඉදිකර ඔවුන්ගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට සෞඛ්‍ය තත්ත්වය යහපත් කිරීම ඇතුළු කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමුකර මෙම සංවර්ධන වැඩපිළිවෙළ ආරම්භ කර තිබේ.
ඒ යටතේ මෙතෙක් කාලයක් පැවති පොදු වැසිකිළි , පොදු ළිං, පොදු මුඩුක්කු ඉවත් කිරීමට පියවර ගෙන ඇත. ඉදිරියේ දී ඔවුන්ගේ දරුවන්ට යහපත් වාතාවරණයක් යටතේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර අනාගතය සුරක්ෂිත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අරමුණ බවද ආරක්ෂක ලේකම් වරයා සදහන් කළේය.
ඒ මහතා මේ තොරතුරු හෙළි කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (21) කොළඹ මුස්ලිම් ප්‍රජාව හමුවූ අවස්ථාවේදීය