කෝටි 2000 ක මැණික් නිධියේ ගැහිල්ල..!
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිගේ කෝටි 2000 ක මැණික් නිධියේ ගැහිල්ල..! ජනපතිගේ සහ පවුලේ අයගේ නම් විකුණයි..!! ජනපති සත්‍ය හෙළිකළ යුතුයි -සේවක පිරිස
කිත්සිරි දිසානායක යනු මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වත්මන් සභාපතිවරයාය. ඔහු මීට පෙර සිටියේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා ලෙසිනි. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සිටින කාලයේදී සිදු කළ මහා පරිමාන වංචා, දූෂණ හේතුවෙන් ඔහු ඉන් ඉවත් කරන ලෙස ජනාධිපතිවරයාට පැමිණි බලපෑම් හමුවේ ජනාධිපතිවරයා කළේ කරවල හොරකම් කළ බළලාට මාළුවෙකුගෙන් දමා ගසනවා වැනි වැඩකි. එනම් වැලි හොරාට මැණික් හොරකම් කිරීමට ඉඩ දීමය. භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයාව සිටි කිත්සිරි දිසානායක ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපතිවරයා වූයේ එලෙස ය.
කිත්සිරි දිසානායක යනු කල දුටු කළ වල ඉහගෙන කෑමට තරම්වත් ඉවසීමක් ඇති අයෙකු නොවේ. සිය පළමු හොරාකෑම පළමු රාජකාරියෙන්ම ආරම්භ කළේ කළුගඟේ මැණික් ටෙන්ඩරයට අත ගැසීමෙන්ය. එනම් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් කළු ගඟ ආශ්‍රීතව ඇති හැරනියාවක ප්‍රදේශයේ රුපියල් කෝටි 2000 ක් පමණ වටිනා මැණික් නිධියක් කැණීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවීමට නියමිතව තිබුණි. එහි වටිනාකම දැන ගත් විගසම කිත්සිරි දිසානායක කළේ සිය හෙංචයියන් දමා එම නිධිය සම්බන්ධයෙන් වාර්තාවක් සකස් කිරීම ය. ඒ අනුව කෝටි 2000 ක් පමණ වටිනාකමක් ඇති එම මැණික් නිධිය රුපියල් කෝටි 10 කට තක්සේරු කරමින් ටෙන්ඩර් කැඳවීමට ඔහු කටයුතු කළේය. ඒ අනුව කිත්සිරි දිසානායක විසින් සිය හිතවත් සමාගමක් වෙත ටෙන්ඩරය සම්බන්ධ තොරතුරු ලබා දී රුපියල් කෝටි 12.5 කට අදාළ ටෙන්ඩරය පසුගිය 12 වෙනිදා එම පෞද්ගලික සමාගම වෙත ලබාදීමට තීරණය කලේය.
මෙහිදී මොහු ජනාධිපතිවරයාගේ පමණක් නොව ඔහුගේ පවුලේ අයගේ ද නම් විකිණුවේ ය.
සාමාන්‍යයෙන් එවැනි ව්‍යාපෘතියක් සිදු කිරීමේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය, පරිසර අධිකාරිය ඇතුලු ආයතන කීපයකින්ම නිර්දේශ කැඳවිය යුතු වුවත් එවැනි නිර්දේශ කැඳවීමක් සිදු කෙළේ නැත. කිත්සිරි දිසානායක එම ආයතන වලට පැවසුවේ මෙය ජනාධිපතිවරයාගේ හා දහම් සිරිසේනගේ කටයුත්තක් බැවින් අත නොදමා සිටින ලෙසයි. නමුත් එම සියලු ආයතන මේ සාහසික පතල් කැපීමට සම්පූර්ණයෙන්ම විරුද්ධ වී තිබේ. මෙවැනි කැණීමකදී භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැනීම් කාර්යාංශයේ හා ගොඩනැගිලි පර්යේෂණායතනයේ අනුමැතිව ලබා ගැනීම අනිවාර්ය වුවද එවැනි කිසිදු අනුමැතියක් ලබා නොගෙන තිබීමද විශේෂත්වයකි.
කිත්සිරි දිසානායක පුරාජේරු කියන්නේ ජනපති පුත් දහම් සිරිසේනගේ සියලුම වියදම් දරන්නේ තමා බැවින් ජනාධිපතිවරයා තමාගේ වැඩ වලට සහාය දක්වන බවයි. එම නිසා තමන්ට එරෙහිව බොරුවට ජනාධිපතිවරයා වෙත යාමෙන් වළකින ලෙස ආයතනයේ වෘත්තීය සමිති සමගද ප්‍රසිද්ධියේ පවසා තිබේ. ඩඩ්ලි සිරිසේන මහතාගේ නුවර එළියේ සුදු අරලිය හෝටලයට අවශ්‍ය සියලු ගල් වැලි පස් ලබා දී තිබෙන්නේ තමා බවත් එබැවින් තමන්ව කිසිදිනෙක ඉවත් නොකරන බවටත් නිතර පාරම්බාන කිත්සිරි දිසානායක විසින් කළුගග මැණික් කොල්ලය හරහා සිදුකරන පාරිසරික විනාශයද සුලු පටු නොවේ.
මේ සම්බන්ධයෙන් දැනුවත් වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රී සිරිපාල කිරිඇල්ල මහතා පවසන්නේ එම ස්ථානය සැළකිය යුතු ගැඹුරක් ඇති තැනක් බැවින් එහි පතල් කැණීමක් සිදු කිරීම මහා ව්‍යසනයකට අත වැනීමක් බවයි. ඔහුට අනුව ගං පතුලේ සිට අඩි 50ක් 60ක් පමණ යටට ඉල්ලම ඇති බව විශ්වාස කෙරේ. එම ඉල්ලම මඩ, වැලි සහ පස් සමග මිශ්‍රවී තිබෙන බැවින් ඒවා ඉවත් කිරීමෙන් ගංඟාවේ ඉවුරු කඩා වැටීමක් සිදුවන බවද සිරිපාල කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. එවැනි තත්වයක් ඇති වුවහොත් ඒ ආසන්නේ ඇති කන්ද නාය යාමකට ලක්වීම අනිවාර්ය බවද ඔහු පෙන්වා දෙයි. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී කිත්සිරි දිසානායක මහතා ඉදිරියේම මේ බව ඔහු ප්‍රකාශ කර තිබෙන නමුත් එම රැස්වීමෙන් අනතුරුව සිරිපාල කිරිඇල්ල මහතාටද කිත්සිරි දිසානායක ජනාධිපතිගේ නම විකුණමින් ‘මේක ජනාධිපතිගේ වැඩක් ‘යැයි පවසා තිබේ.
පරිසර ඇමතිවරයාද වන ජනාධිපතිවරයා විසින් කිත්සිරිි දිසානායකගේ මේ කටයුතු සම්බන්ධයෙන් සැබෑ තීරණයක් ගෙන සත්‍ය ජනතාවට හෙළිකරනු ඇතැයි අපි විශ්වාස කරමු.! නොඑසේ නම් ජනාධිපතිවරයාද මේ මහා දූෂණයට සම්බන්ධ යැයි ජනතාව විශ්වාස කරනු ඇත.
- ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට ආදරය කරන සේවක පිරිසක්-