කෝටි 27ක කුඩු ගුවන්තොටෙන් අල්ලයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    image_255139d37d.jpg


    රේගු නිලධාරීන්ට "තුවා" ( Towel ) ලෙස පෙන්නා රුපියල් කෝටි විසි හතක් වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් පකිස්තානයේ සිට කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබියදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ සහ ගුවන් භාණ්ඩ පර්යන්තයේ සේවයේ නිරත රේගු නිලධාරීන් විසින් අවදානම් කළමනාකරණ මූලධර්ම භාවිතා කරමින් අත් අඩංගුවට ගෙන තිබේ .

    පකිස්තානයේ ලාහෝර් නුවර සිට පාර්සල් 08 ක් වශයෙන් සකස් කර තිබූ මෙම හෙරොයින් තොගය ඉකුත් 10 වැනි දින ඕමාන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත එවා තිබුණි .

    මෙම හෙරොයින් තොගය ඇතුළත් ගුවන් භාණ්ඩ තොගය නිට්ටඹුව , තිහාරිය ප්‍රදේශයේ පවත්වා ගෙන යනු ලබන භාණ්ඩ ආනයන සමාගමක් වෙත එවා තිබුණි .
    මෙම ගුවන් භාණ්ඩ තොගය නිදහස් කර ගෙන යාමට කොළඹ - 05 ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ තිබේ .

    එහිදී මෙම ගුවන් භාණ්ඩ පාර්සල් ඔහු ඉදිරියේ විවෘත කර පරීක්ෂා කර බැලීමේ දී කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 500 ක් බරැති මෙම හෙරොයින් තොගය සොයා ගැනීමට හැකි වී තිබේ .

    මෙම අවස්ථාව නිරීක්ෂණය කිරීමට රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා ද කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත පැමිණ සිටියේය .

    image_1eeefa264b.jpg
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,174
    1
    58,540
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ට්‍රිලියන 27ක් වටිනවා කිව්වත් වැඩක් නෑනෙ. ඕව ඉන්දියාවටවත් 50% ඩිස්කවුන්ට් එකක් එක්ක දෙන්න බැරිද?