කෝටි 50 Expired Medicine

monson

Well-known member
  • May 7, 2007
    26,002
    29,587
    113
    Kohomada wade.

    නඩු දිනට පෙර බෙහෙත් ගබඩාව ගිනි අරන්

    5d9050da8d4bfdf2fb7637c3f6444ee9_L.jpg




    රත්මලාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බෙහෙත් ගඩඩාවක කල් ඉකුත් වූ බෙහෙත් අලුත් බෙහෙත් ලේබල් යටතේ ඇසුරුම් කර තිබුණු බවට වන නඩුවක් ගල්කිස්ස උසාවිය විසින් අද (07) විභාගයට ගැනීමට නියමිතව තිබියදී එම ගබඩාව ගිනිගෙන ඇති බව පොලීසිය අධිකරණයට වාර්තා කර තිබේ.

    ඒ හේතුවෙන් එම නඩු විභාගය ලබන 25 වැනිදාට කල් තැබිණි.

    කල් ඉකුත් වූ ඖෂධවලට අලුත් ලේබල ගසා විකිණීම සඳහා ගබඩා කර තිබිණැයි 2014 දී පාරිභෝගික අධිකාරිය විසින් සීල් තැබුණු ගබඩාවක් ගින්නට අසුවී ඇති බවත් එහි රියදුරකු හා සේවකයන් දෙදෙනකු නතරවී සිටි බවට තොරතුරු ඇති බවත් ඒ බව අධිකරණයට වාර්තා කළ බවත් පොලිසිය පවසයි.

    රත්මලාන පෞද්ගලික බෙහෙත් ගබඩාවේ ගින්න පැය 23 හමාරක් පැවැති බවත් ජල ලීටර් දෙලක්ෂ පනස් දහසක් පමණ ද ගිනි නිවන රථ 11ක් ද පාවිච්චි වී ඇති බවත් ගබඩාවේ දුම අද අලුයම වනවිට නතර වූ බවත් මුලසිටම එම ගින්න මැඩ පැවැත්වීමට ක්‍රියා කළ මොරටුව හා දෙහිවල නගර සභා නියෝජිතයින් කියයි.

    වැඩිදුරටත් අදහස් දැක්වූ ඔවුන් කියාසිටියේ මෙය ඉතා අස්වාභාවික ගින්නක් බවයි.


    - http://sinhala.asianmirror.lk/local-news/item/25963-2016-10-07-09-04-27