කෝටි 700ක් වටිනා මැණික

d12345

Banned
  • Nov 17, 2014
    917
    36
    28
    කෝටි 700ක් වටිනා මැණික

    කෝටි 700ක් වටිනා මැණික් තොගය මධුෂ් අතට පත්ව නෑ?
    - 4 03 2019 - 10:10 - 427 views - ..

    පන්නිපිටිය, ඇරව්වල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් කොල්ලකන ලද රුපියල් කෝටි 700ක් පමණ වටිනා දකුණු අප්‍රිකානු නිල් දියමන්තිය හා මැණික්ගල් තොගයදැනට ඩුබායි රාජ්‍ය‘යේ බන්ධානාගරගතව සිටින 'මාකඳුරේ මධුෂ්' නමැත්තා අතට පත්ව නැතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ඇහැලියගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    එම නිල් දියමන්තිය හා මැණික්ගල් තොගය මාකඳුරේ මධුෂ් නැමැත්තාගේ මත්කුඩු ජාවාරමේ සමීපතමයෙකු වන කැළුම් නොහොත් 'කැවුමා' භාරයේ මේ වන විට පවතින බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බවද එම නිලධාරියා සඳහන් කළේය.

    පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී අදාළ මැණික් ව්‍යාපාරිකයාගේ නිවසට පැමිණි ඔස්ට්‍රියා ජාතිකයෙකු ඇතුළු පිරිසක් එම දියමන්තිය හා මැණික් තොගය පරීක්ෂා කරමින් සිටියදී, පොලිස් නිලඇඳුමට සමාන ඇඳුමකින් සැරසුණු පුද්ගලයෙකු ඇතුළු පිරිසක් පැමිණ මෙම කොල්ලකෑම සිදුකර තිබිණි.

    මෙම කොල්ලකෑමට සම්බන්ධ බව පැවසෙන පුද්ගලයන් දෙදෙනෙකු පසුගියදා (01දා) ඇහැලියගොඩ, මෑවැල්ල ප්‍ර‘දේශයේදී ඇහැලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අදාළ නිල් දියමන්තිය හා මැණික්ගල් තොගය පිළියන්දල, අලුත්පාරේදී මාකඳුරේ මධුෂ්ගේ ළඟම හිතවතෙකු වන කැලුම් නොහොත් %කැවුමා^ නමැත්තාට ලබාදුන් බවට එම සැකකරුවන් දෙදෙනා පොලීසියට පවසා ඇත.

    අදාළ දියමන්තිය හා මැණික්ගල් තොගය %මාතර මල්ලි^ නමැත්තෙකු විසින් සැකකරුවන්ගෙන්ලබාගෙන %කැවුමා^ නමැත්තා අතට පත්කර ඇතැයිද විමර්ශනවලදී හෙළිව තිබේ.

    එම දියමන්තිය හා මැණික්ගල් තොගයයතුරුපැදියකින් පැමිණි මරදාන ප්‍ර‘දේශයේ පුද්ගලයෙකු වෙත ලබාදුන් බවටමිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගනු ලැබූ 'මාතර මල්ලී' නමැත්තා පවසා තිබුණද, එය පොලීසිය නොමග යැවීමේ අරමුණින් සිදුකර ඇතැයි උසස් පොලිස් නිලධාරියා පැවසීය.

    අදාළදියමන්තියේ වටිනාකම රුපියල් කෝටි හත්සියයක් නොව, රුපියල් ලක්‍ෂ 600ක් බවට 'කැවුමා' නමැත්තා විසින් අත්අඩංගුවට පත් පුද්ගලයන් දෙදෙනාට පවසා ඇතැයි පොලීසිය සඳහන් කළේය.
     

    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    කෝටි 700ක දියමන්තියක් කොහොමත් කිසිම ආරක්ෂාවක් නැතිව විකුනන මෝඩයා කවුද? අනිත් එක ඕක ලංකාවේ විකුනන්න බෑ.කෝටි 700ක් බැංකුවකවත් ගන්න එච්චර සල්ලි නෑ.ලක්ෂ 700ක් නම් ගාන හරි.:lol: