කෝටි 700 ක් කොල්ල කා පලාගිය තවත් සක්විති කෙනෙ&
කළුතර, දොඩම්ගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පෞද්ගලික මූල්‍ය සමාගමක හිමිකරු විසින් එහි තැන්පත්කරුවන්ට අයත් රුපියල් කෝටි 700 ක පමණ මුදලක් කොල්ලකා පලා ගොස් ඇති බව වාර්තා වනවා. අදාල සිදුවීම සම්බන්ධයෙන් ඊයේ (09) දින දොඩම්ගොඩ පොලීසියට පැමිණිලි 40ක් පමණ ලැබී ඇති බවයි කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න මහතා සඳහන් කරන්නේ.
මීට අමතරව මතුගම කොට්ඨාස පොලිස් විශේෂ වංචා විමර්ශන ඒකකයටද මේ සම්බන්ධයෙන් පැමිණිලි රාශියක් ලැබී ඇති බවද ඒ ඔහු සඳහන් කළා.
වැඩි පොළී අනුපාතයක් බලාපොරොත්තුවෙන් අදාල පුද්ගලික මූල්‍ය සමාගමේ මුදල් තැන්පත් කළ පුද්ගලයන් අතර ව්‍යාපාරිකයන්, පරිපාලන නිලධාරීන්, පොලිස් නිලධාරීන්, නීතිඥයන්, මාධ්‍යෙවේදීන් ඇතුළු විශාල පිරිසක් සිටින බව වාර්තා වන අතර සැකකාර මූල්‍ය සමාගම පවත්වාගෙන ගිය පුද්ගලයා මෙරටින් පලා ගොස් ඇති බවට ලද තොරතුරු මත එහි තැන්පත්කරුවන් කලබල වී වසා දමා තිබූ ආයතනය වටලා එහි තිබූ රථවාහන ඇතුළු භාණ්ඩ රැසක් රැගෙන ගොස් ඇති බවද වාර්තා වනවා.
කළුතර ප්‍රදේශයේ ඇතැම් පෞද්ගලික බැංකු ප්‍රධානීන්ද අදාල මූල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කරන ලෙසට ගනුදෙනුකරුවන් පොළඹවා ඇති බව වාර්තා වන අතර සැකකරු පලා යෑමත් සමග තැන්පත්කරුවන්ටද රැකියා අවදානමක් උද්ගත වී ඇති බව සඳහන්.
මෙහිදී අදාල සිදුවීම සම්බන්ධයෙන් පැමිණිලි කිරීමේදී රුපියල් ලක්ෂ 05ට අඩු ගනුදෙනු පිළිබඳ දොඩම්ගොඩ පොලීසියටද, රුපියල් ලක්ෂ 50 දක්වා ගනුදෙනු පිළිබඳ මතුගම කොට්ඨාස විශේෂ වංචා විමර්ශන ඒකකයටද, ඊට වැඩි ගනුදෙනු පිළිබඳ පැමිණිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද යොමු කරන ලෙස පොලීසිය ගනුදෙනුකරුවන්ට උපදෙස් ලබාදී තිබේ.