රාජපක්ෂලාගේ කාලයේ මාසෙකට කෝටි 500 බැගින් සුරා බදු මුදල් ගිල්ලේ කව්ද? -රවි අසයි
සුරා බදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයෙන් වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇත. 2015 වසරේ දී ආණ්ඩුව බලයට පැමිණෙන විට සුරාබදු ආදායම දැක් වුණේ රුපියල් මිලියන 5420ක් ලෙසිනි. 2015 වසරේ පෙබරවාරි මාසය නව විට එය රුපියල් මිලියන 7695ක් දක්වා ඉහළ ගියේ ය. මාර්තු මාසය වන විට මිලියන 9490දක්වා පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 54%කින් ඉහළ ගොස් ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
තත්ත්වය මෙසේ තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතනෝල් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා කියයි. එනම් හිටපු ජනාධිපතිවරයා ඔහුගේ පාලන සමය තුළ මෙම බදු ආදායමට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ කළ යුතු බවයි. රටට මාසිකව අය විය යුතු රුපියල් මිලියන 5000ක් හෙවත් කෝටි 500 ක පමණ ආදායමක් එම කාලය තුළ අහිමි වී ඇති බව රවි කරුණානායක මහතා පවසයි.
ලංකා ඊ නිව්ස් එකළ පළ කළ වාර්තාවකින් කියැවුනේ මාතලේ සුප්‍රකට එතනෝල් ව්‍යාපාරික රාජපක්ෂගේ නියෝජ්‍ය ඇමැතිවරයා බදු මුදල් නොගෙවා ඒ බදු මුදලින් කොටසක් රාජපක්ෂගේ අරලිය ගහ මැදුරට මාසයක් ගානේ ගෙන ගොස් දෙන බවයි. එය මාසයකට රුපියල් කෝටි 300 ක් බව ඔහු විසින්ම පැවසුවේ යයි ලංකා ඊ නිව්ස් එකළ වාර්තා කෙළේය.