කෝප් සහ කෝපා කමිටුවල සාමාජිකයින් පත් කෙරේ

Pangiri Suda

Active member
  • Jan 12, 2022
    63
    170
    33
    ආශික් ලන්තය
    කෝප් කමිටුවට සාමාජිකයන් පත් කරයි

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව(කෝප්) සඳහා සාමාජිකයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත් කර තිබේ. නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටිය මහතා අද( 08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව දැනුම් දුන්නේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 විදිවිධාන සහ 2022 ජනවාරි 21 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙලෙස සාමාජික මන්ත්‍රීවරුන් 22ක් පත් කර ඇත.

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සඳහා පත්කළ සමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.

    1. අමාත්‍ය මහින්ද අමරවීර
    2. අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ
    3. අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන
    4. අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර
    5. රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර
    6. රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක
    7. රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ද
    8. රාජ්‍ය අමාත්‍ය අචාර්ය නාලක ගොඩහේවා
    9. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්
    10. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත්
    11. පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
    12. පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක
    13. පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් පුෂ්පකුමාර
    14. පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා
    15. පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න
    16. පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර
    17. පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්
    18. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත
    19. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්
    20. පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ
    21. පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම්
    22. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත්

    කෝපා කමිටුවට සාමාජිකයන් පත්කරයි

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව( කෝපා) සඳහා සාමාජිකයන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් පත් කර තිබේ.

    නියෝජ්‍ය කථානායක රන්ජිත් සියඹලාපිටිය අද (08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් මේ බව දැනුම් දුන්නේය.

    පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 විදිවිධාන සහ 2022 ජනවාරි 21 පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව මෙලෙස සාමාජික මන්ත්‍රීවරුන් 22ක් පත් කර ඇත.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පත්කළ සමාජික මන්ත්‍රීවරුන් පහත පරිදි වේ.

    1. අමාත්‍ය උදය ගම්මන්පිල
    2. රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක
    3. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර
    4. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න
    5. රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
    6. රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ
    7. රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර
    8. පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
    9. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ
    10. පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු
    11. පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා
    12. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ
    13. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ
    14. පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන්
    15. පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්
    16. පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන්
    17. පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ
    18. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය උපුල් ගලප්පත්ති
    19. පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණපාල රත්නසේකර
    20. පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ
    21. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර
    22. පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිණි අමරසූරිය
     
    • Haha
    Reactions: rakitha9