කෝලිගේ අතගත් සුරංගනාව

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    කෝලිගේ අතගත් සුරංගනාව

    කෝලිගේ අතගත් සුරංගනාව

    image_f0f376deb9.jpg


    සුරංගනා කතාවක් සැබෑ වීමක් බඳු විවාහ මංගලෝත්සවයක් දෙසැම්බර් 11 වැනිදා ඉතාලියේ ටස්කන් ප‍්‍රදේශයේ කුඩා ගම්මානයකදී පැවැත්විණි. මේ ගම්මානය මොන තරම් කුඩා ද යත් එහි ඇත්තේ සියයකටත් වඩා අඩු ජනගහණයකි. එහෙත් මෙහි ඇති බොර්ගෝ ෆිනෝචියේටෝ හෝටලය ලෝකයේ මිල අධික හෝටල් අතරින් දෙවැනි තැන ගන්නේය. මංගල්‍යය පැවැත්වුණේ ද සුළුපටු දෙදෙනෙකු අතර නොවේ. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ නායක, ලකුණු මැෂිම නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන විරාත් කෝලි සහ ජනප්‍රිය බොලිවුඩ් නිළි අනුෂ්කා ශර්මා අතරය. සම්පූර්ණයෙන්ම පෞද්ගලික උත්සවයක් වූ මෙයට සහභාගි වූයේ පවුල් දෙකේ සමීප ඥාතීන් පමණකි.

    මේ අලංකාර මංගල උත්සවයට ඉතාලි මාධ්‍යවලින් ප‍්‍රචාරය ලබා දී තිබුණේ විරුෂ්කා ෆීවර් මාතෘකාව යටතේය. ඉන්දියානු මාධ්‍ය එය වසරේ මංගල්‍යය ලෙස හඳුන්වා තිබිණි. ඉතාලියේ පැවැත්වුණේ වී නමුදු එය ඉන්දියානු සම්ප‍්‍රදායේ මංගල්‍යයක් විණි. ඔවුන් ගේ මෙහෙන්දි උත්සවය, විවාහ ගිවිස ගැනීම, හල්දි උත්සවය හා විවාහය ආදී හැම චාරිත‍්‍රයක්ම ඒ ආකාරයෙන්ම පැවැත්වුණ අතර ඒවාට මාධ්‍යවලින් ද ලොකු ප‍්‍රචාරයක් ලැබිණි.
    අනුෂ්කා මනාලියක වූයේ රන්රිදී නූලින් වැඩ දමා, මුතු හා පබළු අල්ලා අලංකාර කරන ලද ලා රෝස පැහැති ලෙහෙන්ගා ඇඳුමකින් සැරසෙමිනි. ඇය පැළඳ සිටියේ දියමන්ති හා මුතු යොදා අතින් නිර්මාණය කරන ලද අබරණවලිනි. එහෙත් හැම දෙනාගේම ඇස් යොමු වූයේ ඇය පැළඳ සිටි අගනා මංගල මුදුව වෙතය. අපූරු මෝස්තරයකින් යුතු මේ දියමන්ති මුදුව සාදවන්නට විරාත් කෝලි මාස තුනක පමණ කාලයක් වැය කළ බැව් කියැවෙයි. එය නිර්මාණය කර තිබුණේ ඕස්ට්‍රේලියන් මෝස්තරකරුවෙකු විසිනි.


    image_8adb1675be.jpg
    ‘‘මුද්ද එක එක පැත්තෙන් බලනකොට පේන්නෙ එක එක විදියට.. ඇත්තටම හරි පුදුමයි.. ඒ මුද්දට රුපියල් කෝටියක් වැය වෙලා තිබුණා.. ඒත් ඒ ගණනට පාඩු නෑ කියලා හිතෙන්නෙ මුද්ද දිහා බලන කෙනෙක් ඇස් අහකට ගන්නෙම නැති හින්දයි..’’


    මංගල උත්සවයට සහභාගි වූ අයෙකු කීවේය.

    බොර්ගෝ ෆිනෝචියේටෝ හෝටලයේ බිල ද මුදුවේ වටිනාකමට වඩා අඩු විය හැකි බැව් ඔහු තව දුරටත් පැවසීය. එහි සතියක් ගත කරන්නට ඉන්දියානු රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය වෙයි. එක් රාත්‍රීයක් සඳහා වැය වන මුදල 650,000 සිට 1,400,000 අතර ගණනකි.

    විරාත් කෝලි ගේ ඇඳුම ඇත් දළ පැහැති වූ අතර එය අලංකාර කර තිබුණේත් මුතුවලිනි.

    ඉන්දියානු කෑමබීමවලින් මංගල මේසය සැරසිණි. සාම්ප‍්‍රදායික ආහාර මෙන්ම ඉතා කලාතුරකින් රස බලන්නට ලැබෙන, මිල අධික ආහාර වර්ග ද එහි වූ බැව් සහභාගි වූවෝ පැවසූහ.

    ‘‘අද අපි දෙන්නා සදාකාලයටම එකිනෙකා කෙරෙහි ආදරයෙන් බැඳී සිටින්නට පොරොන්දු වුණා.. මේ දවස වර්ණවත් වුණේ අපේ ආදරයෙන් හා පවුල්වල අයගේ සහයෝගයෙනුයි.. අපිට සුබ පතන්න ආව වගේම සුබ පැතුම් පණිවිඩ නිකුත් කරපු හැම දෙනාටමත් අපි ස්තුතිවන්ත වෙනවා..’’

    වසර හතරක් පුරා පැවති ආදර කතාව මල්පල ගැන්වුණ දිනයේ විරුෂ්කා විසින් සමාජ වෙබ් අඩවිවලට එම පණිවිඩය සහ මංගල ඡායාරූප නිකුත් කර තිබූ අතර ලොව පුරා මිලියන ගණනාවක ජනතාවක් ඒවා නරඹා තිබිණි.

    ඥාතීන් වෙනුවෙන් දෙසැම්බර් 21 වැනිදා නවදිල්ලියේදී ද, ක්‍රිකට් ක්ෂේත‍්‍රයේ සහ සිනමා ක්ෂේත‍්‍රයේ අය වෙනුවෙන් මුම්බායිහිදී ද සාද පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

    ඉනික්බිතිව නව යුවළ දකුණු අප්‍රිකාව බලා පියාසර කරන්නට නියමිතය. ටික දිනක් එහි සිටින අනුෂ්කා ජනවාරි මුල් සතියේ ආපසු පැමිණෙන්නේ ෂාරුක් ඛාන් සමඟ රඟපාන අලුත්ම චිත‍්‍රපටියේ රූගත කිරීම් ඇරඹෙන බැවිනි. වරුණ් ධාවාන් සමඟ රඟපාන්නට නියමිත සුයි ධාගා චිත‍්‍රපටියේ රූගත කිරීම් ද පෙබරවාරි මාසයේදී ඇරඹෙයි.

    දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් දෙමසක්ම දකුණු අපි‍්‍රකාවේ ගත කරන්නට විරාත් කෝලිට සිදු වෙයි.

    මෙතෙක් දිල්ලියේ වාසය කළ ඔවුන් විවාහයෙන් පසු පදිංචි වන්නේ මුම්බායි හි විර්ලා පෙදෙසේ අලුතෙන් මිල දී ගන්නා ලද නිවසේය.

    මුම්බායි හි කලබලකාරී වාතාවරණයෙන් මිදී නිස්කලංකව මංගල උත්සවය පැවැත්විය යුතු බැවින් ඒ සඳහා ඉතාලියේ ඈත ගම්මානයක් තෝරා ගත් බව කියන්නේ විරුෂ්කා මංගල උත්සවයේ සැලසුම්කරුවන්ය. ඔවුන් මාස හතරක් තිස්සේ එය සැලසුම් කළත් යන්තමින්වත් මාධ්‍යවලට ඉව නොවැටෙන්නට වග බලා ගත්හ. ඇතැම් අවස්ථාවල මධ්‍යම රාත්‍රීයේ පවා යුවළ හමු වී සාකච්ඡා කරන්නට සිදු වූ බවත්, ගත කළ නිදි නැති රාත්‍රීන් ගණන අපමණ බවත් ඔවුහු කියති. කොතරම් වෙහෙසුණත් ඉතා අලංකාරව උත්සවය පැවැත්වීමට හැකි වීම ගැන ඔවුන් කතා කරන්නේ දැඩි තෘප්තියෙනි.

    image_4124316643.jpg

     
    • Like
    Reactions: Dilzzzz

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සල්ලි වියදම් කරන එකනම් අවුලක් නැතුව ඇතිනේ...:cool:
    ඔතන තිබිලා තියෙන හෙනම කේස් එක මීඩියා වලින් බේරිලා වෙඩිම ෂේප් එකේ කර ගන්න එක වගේ..;)
     

    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    Boru wedding....
    Oka tibbot hondai itin...
    Kaget kiyum kerum....
    dannawa dannawa apinam...

    anushka attenma...
    acress kenek nowe bollywood wala...
    Bollywood wala theoriya gena...
    nodanne kawuda gonnu gena...

    :yes::yes::yes::yes::yes: