කෝවිඩ් - 19 සහ වාෂ්ප ධුමය ඇල්ලීම

rasidass

Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    කෝවිඩ් - 19 සහ වාෂ්ප ධුමය ඇල්ලීම

    ඊයේ ත්‍රෙඩ් එකක දක්වපු අදහසක් ඔබට වැදගත් වේ යැයි හිතුන නිසා මෙලෙස පල කරන්න හිතුනා. හැබැයි සරම උස්සන් මට කුණුහරුප කියාගෙන නම් එන්න එපා. මේ අත්දැකීමෙන් ඔබ සැමට ගන්න දෙයක් තියනවා නම් ගන්න. නැත්නම් පාඩුවේ ඉන්න. මොකද කිරිය දේශපාලණිකරනය වෙලා තියන විදිය සහ මේකේ ඉන්න එවුන් හැසිරෙන විදිය දැකලා මම පුදුම කලකිරීමක ඉන්නේ. ඉස්සර කිරියෙන් ගොඩක් දේවල් ඉගන ගත්ත නිසා ඒකට ගෞරවයක් විදියට තමයි මේ මෙම අදහස් දැක්වීම කරන්නේ.

    මාගේ පෙර අදහස් දැක්වීම මේ ලින්ක් එකේ ඇති
    http://www.elakiri.com/forum/showthread.php?p=25295275#post25295275

    ---------------------------------------------------------------------------------------------------------------------------
    ඊයේ සෑම නාලිකාවකම වගේ ප්‍රවෘත්ති වල සදහන් කරපු ශාක පත්‍ර ‌වලින් මනුෂ්‍ය ශරීරයට කිසිම අහිතකර බවක් ඇති වන්නේ නෑ. එහිදී සදහන් කරපු ශාක පත්‍ර නම්,

    01. පාවට්ටා ‌ නොහොත් ආඩතෝඩ
    02. නික
    03. හිං මදුරු තලා
    04. කුරුදු
    05. පැගිරි කුළයේ ශාඛ (සරලම දේ ගෙදර තියන දෙහි කොළ ගන්න)


    මීට අමතරව දුම් ඇල්ලීම සදහා පහත දේවල්ද භාවිතයට ගත හැක.

    01. කොත්තමල්ලි
    02. අමු කහ

    (අද දෙරණ 2020/04/08 වන දින පස්වරු 6.55 පුවත් වල 26.10 විනාඩියේ සිට 29.48 විනාඩිය දක්වා විකාශිත ප්‍ර‍වෘත්තියෙන් උපුටා ගන්නා ලදී)

    මේ සම්බන්ධව පොඩි දැනුමක් තියන කෙනෙක් විදියට කෝවිඩ් - 19 වෛරසය පාලනය කිරීම සදහා මෙම වෛද්‍ය උපදේශයන් මගින් පොඩි සහනයක් ලබා ගත හැකි. පාවට්ටා නොහොත් ආඩතෝඩ වලින් සෙම්ප්‍ර‍තිශ්‍යාව වැනි වෛරස් විනාශ කිරීමේ ගුණාංගය වගේම සෙම බුරුල් කර ගරීරයෙන් සෙම කොටස් ඉවත් කිරීමට මනා හැකියාවක් තියන බව මම අත්දැකීමෙන් දන්නවා. මගේ ලොකුඅප්පච්චිලා දෙන්නා විසින් නියුමෝනියාවට ආසන්න සෙම රෝගී පුද්ගලයින් පවා පාවට්ටා භාවිතයෙන් සෙම කොටස් ඉවත් කර සුව කරපු විදිය ඇස් දෙකෙන්ම දැකලා තියනවා.

    හොදින් මතක තියාගන්න.... ඔිනෑම දෙයක අධි මාත්‍රාව වගේම වෛද්‍ය උපදේශයන් නොගෙන තම හිතුමතේට භාවිතා කලොත් ක්ෂණිකව එලොව යන්නත් පුළුවන් බව. ඒක නිසා මෙම ප්‍ර‍තිකාර ක්‍ර‍මය ගැන යම් විශ්වාසයක් තියනවා නම් ආසන්නතම රජයේ ආයුර්වේද රෝහලට ගිහින් වෛද්‍ය උපදේශයන් මත මේ ඖෂධ භාවිතා කරන්න. සුදුසුකම් ලත් දක්ෂ දේශීය / ආයුර්වේද වෛද්‍යවරුන්ට නාඩි අල්ලලා ඔබගේ රෝග දෝෂය මොකද්ද කියලා හරියටම කියාවි. අනික රජයේ ආයුර්වේද රෝහල මගින් මෙම සේවාව ඔබට නොමිලේම ලබා ගන්න පුළුවන්. මෙම ව්‍යසන තත්ත්වය හේතුවෙන් සෑම රජයේ ආයුර්වේද රෝහලක්ම පැය 24 ම විවෘත්තව පවතිනවා.

    මම මගේ හොදම යාළුවෙක්ට දීපු උපදේශයක් නිසා කෝවිඩ් - 19 ව්‍යසනය හමුවේ අසරණ වු මුළු පවුලක් ගොඩ ගියපු අවස්ථාවක් තියනවා. මගේ යාළුවා A/L ඉවර උන ගමන්ම ඉතාලියට පැන ගත්තා. ඉතාලියට කෙලවෙන්න වගේ යන බව දැනුන නිසා මම මගේ යාළුවාට අන්තර්ජාල ඇමතුමක් ලබා ගනිමින් තොරතුරු විමසා සිටියා. ඒ අවස්ථාවේදී මගේ යාළුවා අවදානම ගැන ඉවෙන් වගේ දැනගෙන ස්වීඩනයට පැන ගන්න හැකි වෙලා තිබුනා. නමුත් ඔහුට තාමත් ලංකාවට එන්න බැරිව හිර වෙලා ඉන්නවා.

    පසුව මම ඒ රටේ තොරතුරු විමසනකොට ස්විඩන් වලත් රෝග ව්‍යාප්තිය තියන බවට දැනුවත් උනා. එහිදි මම මගේ යාළුවාට කිව්වා හැකියාවක් තියනවානම් ඉන්දියානු ආයුර්වේද කඩ වලින් වගේ හොයලා බලලා කොත්තමල්ලි ටිකක් හෝ පස්පංගුව ඇති තැම්බුම් පැකට් ටිකක් අරන් තියාගන්න කියලා. ඔහු කොත්තමල්ලි හොයා ගන්න පුළුවන් බව දැනුම් දුන් නිසා ලෙඩක් නොමැති නම් එය දින 02 කට වරක් පමණ හදාගෙන පානය කරන ලෙසටත් එය සකසන විට වාෂ්පය නිකරුනේ එලියට යන්න නොදී වාෂ්පයට මූණ අල්ලලා ආග්‍ර‍හණය කරන ලෙසත් දැන්ම් දුන්නා. හෙම්බිරිස්සාවේ ලක්ෂණ පහල වෙනවා නම් කොත්තමල්ලි හෝ තැම්බුම් පැකට් වල වාෂ්පය අනිවාරයයෙන්ම අල්ලන ලෙසටත්, දවසට වේල් 03 ක් සිදු කරන ලෙසටත් තැම්බුම හෝ කොත්තමල්ලි උදේට හා හවසට අඩු කොප්පයක් පමණ පානය කරන ලෙසත් උපදෙස් ලබා දුන්නා.

    ඔය සිද්ධිය වෙලා සති 03 කට විතර පස්සේ දවස් 02 ක් විතර මගේ යාළුවා මට දුරකථන ඇමතුම් රාශියක් අරන් තියන බව දැක්කා. මට කාර්යබහුල තත්ත්වයක සිටිය නිසා ඔහුගේ ඇමතුම් වලට ප්‍ර‍තිචාර දක්වන්න බැරි උනා. පස්සේ මට විවේකයක් ලැබුන ගමන්ම ඔහුට අන්තර්ජාල දුරකථන ඇමතුමක් ලබා දුන්නා.... එයට ප්‍ර‍තිචාර දක්වපු විගසම යාළුවා මට දිගට හරහට නොසැහෙන්න ස්තුති කිරීමක් සහ ලබා දුන් උපදෙස් වලට පින් සිදු වන බව පුකාශ කර සිටියා. මට ඇත්තටම හිතා ගන්න බැරි උනා වෙලා තියෙන්නේ මොකක්ද කියලා....

    පසුව මම ඇහුවා මොකෝ මචන් මම මොකද්ද කලේ එච්චරටම ස්තුති කරන්න කියලා.... ඇත්තටම මම දීපු පොඩි උපදෙස් ටික ගැන මගේ යාළුවා එංගලන්තයේ ඉන්න ඔහුගේ අම්මාටත් කියලා දැනුවත් කරාලු. යාළුවාගේ අම්මා ඉන්නේ ඔහුගේ ලොකු නංගී ගාව. කොහොම හරි මේ පවුලේ පොඩි දරුවෙකුත් එක්ක පවුලේ සියළුම සාමාජිකයින්ට කෝවිඩ් - 19 වෛරසය ආසාධනය වෙලා. ඉතින් මේ අය දැඩි උත්සාහයක යෙදිලා තියනවා එංගලන්තයේ රෝහලකට ඇතුලත් වෙන්න... ඒත් හිරු නොබසින අධිරාජ්‍යයේ කිසිම රෝහලක් මගින් මේ අය භාර ගැනීමට කටයුතු කරලා නෑ.

    මෙයින් ඉතාමත් අසරණ තත්ත්වයට පත් උන මේ උදවිය කරන්න කිසිම දෙයක් නැතිව ඉන්න වෙලාවෙදි මගේ යාළුවා දීපු උපදෙස් ටික එයාගේ අම්මට මතක් වෙලා තියනවා. ඊට පස්සේ කොත්තමල්ලි ටිකක්වත් හොයාගන්න කියලා යාළුවාගේ අම්මා ඉන්දියානු ආයුර්වේද බඩු කඩේකට ගිහින් තියනවා. වාසනාවකට මෙන් කොත්තමල්ලි සහ මම කියපු පස් පංගුව පැකට් තිබුන නිසා ඒවා පුළුවන් උපරිම ප්‍ර‍මාණයක් අරන් ගිහින් එකෙන් වත් ජීවිතය ආරක්ෂා කර ගන්න උත්සාහයක යෙදිලා තියනවා.

    විශේෂයෙන්ම ලක් පොලවේ ඉපදුන ඒ අම්මා වැඩිහිටියෙක් වශයෙන් මට වඩා හොදට මේ ඖෂධ භාවිතා කරන විදිය ගැන දන්න නිසා වැඩේ හරියටම කරලා තියනවා.... කියන්න සතුටුයි තුණුරුවන්ගේ සරණින් සහ දෙවියන්ගේ ආශිර්වාදයෙන් මේ පවුලේ කිසිම කෙනෙකුට හානියක් වෙලා නෑ. නිව්මෝනියා තත්ත්වයට ආසන්නව හිටපු යාළුවාගේ අම්මගේ නංගි (පුංචිඅම්මා) පවා ඉතාමත් කෙටි කලකින් අවධානම් තත්ත්වයෙන් මිදෙන්න හැකියාව ලැබිලා තියනවා. මෙම ඖෂධ ලබා ගන්න අතරෙදිම ඔවුන් අර චිනයේ මිනිසුන් සිදු කරපු විදියට පැය 02 කට වරක් පමණ උණු වතුර පානය කරන්නත් දවසේ අවස්ථාවන් 03 හෝ 04 ක් ලුණු වතුරෙන් උගුර කට සෝදන්නත් කටයුතු කරලා තියනවා.

    කොහොම හරි සත් සමුදුරින් එහා ඉන්න ඒ පවුල ආරක්ෂා වෙන්න මගේ පුංචි උපදෙස් කීපය වැදගත් උන එකට මම හදවතින්ම සතුටු වෙනවා. ඔබටත් මෙයින් යම් ප්‍රයෝජනයක් ඇති වෙයි සිතා මෙය පල කිරීමට අදහස් කලා.

    ලංකාවේ අපේ වෛද්‍ය සේවාව සහ හිරු නොබසින රාජ්‍යයේ වෛද්‍ය සේවාව අහසට පොළව වගේ බව ඔබට මෙයින් පෙනී යනු ඇති. ලංකාවේ වෛද්‍ය සේවාවට මල් තියලා වැදපල්ලා ඔවුන් මේ කරන සේවාවට... ඔවුන්ගේ ඉල්ලීම් වලට කන් දීලා තොපිලට තාම ගේ ඇතුලට වෙලා දවස් 14 ක් ගත කරගන්න බැරිව ඉන්න එක ගැන පුරවැසියන් විදියට ලැජ්ජා වෙයල්ලා...

    විශේෂයෙන්ම ආයෙත් කියන්න ඔිනේ දේශීය හෝ ආයුර්වේද ඖෂධ ගන්නවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත ඒක සිදු කරන්න කියලා නැවතත් අවධාරණය කරනවා.

    අනික තව දෙයක් තමා මේ කිරියේ ඉන්න බක පණ්ඩිත හුත්තිගේ පුතාලා මීට කලින් කිව්වා මට කොත්තමල්ලි බිබි හිටපන් කියලා... එහෙම අවඥාවෙන් කියපු උන්ට කෝවිඩ් - 19 වෛරසය නිසා කෙළ වෙලා ඉන්නවාද දන්නේ නෑ. එහෙම කෙල වෙලා ඉන්නවා නම් මේ දෙයින් උන්ට ගන්න දෙයක් ඇත්නම් ඒක අරන් ජීවිතේ ආරක්ෂා කර ගනිල්ලා. අපේ රටේ තියන මිලෙන් අඩු හෝ නොමිලෙම හොයා ගන්න පුළුවන් ඖෂධ වලින් මේ වෙලාවේ උපරිම ප්‍රයෝජනය ගනිල්ලා... අරක නෑ මේක නෑ කිය කිය වැලපෙන්නේ නැතිව...

    ඔබ සැමට බුදු සරණයි!
    -------------------------------------------------------------------------------------------------------------------------
     
    Last edited:
    • Like
    Reactions: NaiRobi

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    පහල තියෙන්නේ මම මීට කලින් දාපු අදහස් වලට මේකේ ඉන්න එවුන් සුපිරියටම දීපු අදහස් ටිකක්

    මේ තියෙන්නේ ඒ ත්‍රෙඩ් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1931041

    ඔය කියන විදියට සංචාරකයින් එන එක නැවැත්තුවා කියලා රෝග බෝවීමේ අවධානම වලක්වන්න බෑ.. හරි ඔබ කියන විදියට සියඵම වරායන් සහ ගුවන්තොටුපලවල් සීල් කරලා සංචාරකයන් එන එක වැලැක්වුවා කියමු.... කොහොමද සංචාරක පක්ෂීන්ගෙන් රෝගය බෝවීම වලක්වන්නේ? සංචාරක පක්ෂීන් මගින් රෝග ව්‍යාප්ත වීමේ ඉහල සම්භාවිතාවයක් තියනවා.

    ඒක නිසා හැම දෙයක් දිහාම දේශපාලන කෝණයෙන් බලන්න එපා. රටේ ජනාධිපතිවරයා කරලා තියෙන්නේ රටේ නායකයා විදියට අරගන්න ඕන පියවරක්. මොකද පිටරටවල හිරවෙලා හිටියේ අපේ රටේ මිනිස්සු.

    අනික පාස්කු ප්‍ර‍ාරයෙන් පස්සේ අපේ සංචාරක කර්මාන්තය වැටිලා තිබිලා යන්තම් නැගිටින්න උත්සාහ කලා විතරයි නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් නැවතත් අපේ රටේ සංචාරක කර්මාන්තය නන්නත්තාර වෙලා තියෙන්නේ.. එකෙන් අපේ ආර්ථිකයට වෙන පාඩුව කියලා නිම කරන්න බෑනේ. ඉතින් ඔබ කියන විදියට තිරනයක් ගත්තනම් අපේ සංචාරක කර්මාන්තය හොදටම නන්නත්තාර වෙලා යයි. ඊට අමතරව විදේශීය විනිමය අපට එවලා රට ආරක්ෂා කරන අපේ විදේශීය ශ්‍ර‍මිකයන් අපිත් එක්ක වෛරබැද ගනී.. මෙහෙව් රටකද අපි උපන්නේ කියා....

    ඉතින් ඒකට කරන්න තියන හොදම විසදුම තමයි හොද නිරෝධායන වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම. අනික් අතට අපිට පුරවැසියන් විදියට වගකීම තියෙන්නේ අවධානයෙන් සිටීම සහ රෝග ව්‍යාප්තිය වැලැක්වීම සදහා මේ ත්‍රෙඩ් එකේ ලබාදී ඇති උපදෙස් අනුව කටයුතු කරන එක. http://www.elakiri.com/forum/showthread.php?t=1931005

    නව කොරෝනා වෛරසය හෙවත් කොවිඩ් 19 කියන්නේ වෛරස් රෝගයක් නේ. අපට හැදෙන හෙම්බිරිස්සාවත් වෛරස් රෝගයක්. ඉතින් හෙම්බිරිස්සාව හැදුනම අපේ අම්මලා අපිට මොනවද දුන්නේ? කොත්තමල්ලි ටිකක් තම්බලා බොන්න දුන්නා නේ. අන්න ඒ නිසා මේ රෝගයෙන් පුර්ව ආරක්ෂාවීමක් විදියට උදේ පාන්දරම නැගිට්ට ගමන් ජහජරා පිටි කිරි එක බොන්නේ නැතිව කොත්තමල්ලි තේ කෝප්පයක් පමණ බොන්න පුරුදු වෙන්න. ඒක රෑටත් බොන්න පුඵවන් නම් වඩාත් හොදයි. පුඵවන් තරම් අපේ ප්‍ර‍තික්තිය වර්ධනය කර ගන්න අපගේ දේශීය උපක්‍ර‍ම භාවිතයට ගන්න. අපේ මුතුන් මිත්තන් ඔය වගේ දේවල් වලින් ආරක්ෂා උනේ හෙල වෙදකම සහ යහපත් ආහාර පුරුදු පවත්වා ගැනීමෙන් කියන එකෙන් බව මතක තියා ගන්න...

    අනික රෝග නිරෝධායනය සම්බන්ධයෙන් අතිතයේ සිටම අපිට හොද හැකියාවක් තියන මිනිස්සු පිරිසක් බව මතක තියාගන්න. යම් කිසි ගෙදරක පැපොල (මෙයද වෛරස් රෝගයකි) වැලදුනු විට අපි කරන්නේ මොකද්ද? කොහොඹ කොල අත්තක් දාලා අනික් නිවෙස් වෙත දැන්වීමක් කරනවා තව කහ දියර වගේ විෂබිජ නාශක යොදලා විෂබීජ ව්‍යාප්තිය වලක්වනවා. රොගියා කෙහෙල් කොලේක නිදි කරවලා ඔහුට විවේකය ලබා දෙනවා (ඇදේ හෝ පැදුරේ නිදි කරානම් විෂබිජ එහි රැදිලා තිබිලා ටික කලකින් වෙනත් කෙනෙක්ට බෝ වෙන එක වලක්කන්න. කෙසෙල් කොලේ වරක් භාවිතා කලා ඉවත් කලා). සෙසු පවුලේ සාමාජිකයින්ගෙන් රෝගියා වෙන් කර තියනවා. ඒක නිසා රෝග නිරෝධායනය කියන එක අපේ ලේ වලම තියන දෙයක්. අරක නෑ මේක නෑ කියන්නේ නැතිව බය නැතිව මේ ව්‍යසනයට අපි මුහුණ දෙමු
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    :lol:
    සංචාරක පක්ෂීන්ගෙන් මේක බෝවෙන්නෙ නෑ බං.
    සංචාරක කර්මාන්තය නගා සිටුවීම කෙසේ වෙතත් මේක වසංගතයක් වගේ බෝ උනොත් අපේ රටේ ලොකු පිරිසක් මැරෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථිකයත් නැති බංගස්ථාන වෙනවා.



    මේ වෛරසය අධික ව්‍යාප්තියකින් යුක්තයි. ඒකට හේතුව මොකද්ද? ඒක තමයි ස්පර්ශය, ශ්ලේෂ්මල කොටස් ගෑවීම, සතුන් මගින් වැනි කාරණා වගේම විශේෂයෙන්ම වාතය හරහා මෙම වෛරසය පැතිරීම සිදු වීම වෛරසයේ වේගවත් ව්‍යාප්තියට ලොකු හේතුවක් වෙලා තියනවා. ඒක තමයි දවසකට රෝගීන් අච්චරක් වාර්ථා උනා මෙච්චරක් වාර්ථා උනා කියලා ලෝකේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ.

    අනික සංචාරක පක්ෂීන්ගෙන් මේක ව්‍යාප්ත වෙන්නේ නෑ කියලා ඔබ හරියටම කියන්නේ කොහොමද? මමත් මේ සම්බන්ධව විදයාඥයෙක් හෝ පයිතගරස් කෙනෙක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධව කියවලා තොරතුරු හොයා බලලා මට තියන පොඩි දැනුමට අනුව නම් මේ රෝගය සංචාරක පක්ෂීන් මගිනුත් බෝ වෙන්න ඉහල හැකියාව පවතිනවා.

    ඒ කරුණ මම උදාහරණයකට ගත්තේ අපි වරායවල් හෝ ගුවන් තොටුපළ සීල් කලා කියලා 100% කින් අපේ රටට රෝගය ව්‍යාප්තවීමේ අවදානම වලක්වන්න බෑ කියන එක තේරුම් කරවන්න. ඔබ ඒක වැරදියට තේරුම් අරන් මට හිනා වෙලා විහිලුවකට ගත්තට මට කරන්න දෙයක් නෑ. මොකද දැන් ඇති වෙලා තියන අවදානම් තත්ත්වය ඇත්තටම විහිලුවක් නොවන නිසා.

    ඒත් අපි පුරවැසියන් විදියට තියන වගකීම අනුව මේ සම්බන්ධයෙන් අනියත බියක් ඇති කරගන්නේ නැතිව පවතින අවධානම අවතක්සේරු නොකර රජයෙන් ක්‍රියාත්මක නිරෝධායන ක්‍රියාවලියට උපරිම සහයෝගය ලබා දෙන්න ඕනේ. අපිට මිල අධික අරක නෑ මේක නෑ අර පහසුකම නෑ අපිට AC නෑ කියලා හරියන්නේ නෑ. ප්‍රයෝජනයට ගන්න පුඵවන් මොනවද ‍වැලි ඇටේ හරි ප්‍රයෝජනයට අරන් මේකෙන් ආරක්ෂාවීමට ක්‍රියා කරන්න ඕනේ.

    එලෙස ප්‍රයෝජනයට ගන්න පුඵවන් අපේ මුතුන්මිත්තන් යොදා ගත්ත සරල මිලෙන් අඩු ආරක්ෂක පියවර දෙකක් ගැන පෙර අදහස් දැක්වීමේදී මම සදහන් කලා. ඔය වගේ රෝග ව්‍යාප්ති අවධානම නැති කරන දහසක් විතර පුර්ව උපක්‍ර‍ම අපේ මුතුන්මිත්තන් පාවිච්චි කරලා තියනවා. අපි ඒවත් භාවිතයට ගමු. විශේෂයෙන්ම විෂබීජ නාශකයක් වගේ දෙයක් නැත්නම් ගෙදරදීම කහ දියර වගේ විෂබීජ නාශකයක් අපට හදා ගන්න පුඵවන්. ගෙදර කොහොඹ ගහක් තියනවා නම් උදේ හවස කොහොඹ කොළ දුම් අල්ලලා වාතයේ පවතින වෛරස් විනාශ කරන උපක්‍ර‍ම භාවිතයට ගන්න පුඵවන්.

    අනික දැනට අපේ රටේ පවතින උෂ්ණ අධික කාලගුණ තත්ත්වය රෝග ව්‍යාප්තිය අඩු වෙන්න ආශිර්වාදයක් වෙලා තියනවා. මොකද කිව්වොත් අධික උෂ්නත්වය තුල මෙම වෛරසය විනාශ වන නිසා. ඒක තමයි ආරක්ෂක පියවරක් විදියට උණු වතුර පානය කරන්න කියන්නේ.

    ඒක නිසා මන් කියපු එක කරුණක් අල්ලන් ඒකට හිනා වෙන්න එපා. ඔබත් පුරවැසියෙක් විදියට ඔබට පැවරිලා තියන වගකීම තේරුම්ගෙන ඔබගේ දැන්වත්වීමට අනුව මේකෙන් ගොඩ යන්න පුඵවන් උපක්‍ර‍මයක් තියනවානම් ඒ පිළිබදව අනික් අය දැනුවත් කරන්න. මිනිස්සු අනවශ්‍ය විදියට බියට පත් කරන්න එපා. ඒකෙන් වෙන්නේ විනාශය තවත් වැඩි වෙන එක. ඇවිලෙන ගින්නට පිදුරු දාන්න යන්න එපා. ඔබ පිළිගන්නවා නම් පිළිගන්න. නැත්නම් නිකන් ඉන්න.. මට ඒකේ කිසිම ගැටඵවක් නෑ...




    --------


    සංචාරක පක්ෂීන් පැත්තකින් දාපන්, සංචාරක මත්ස්‍යයින් ගෙන් බේරාගන්නෙ කොහොමද? සංචාරක පූසන් ගෙ ඇඟේ ඉන්න සංචාරක මැක්කන් ගෙන් බේරා ගන්නේ කොහොමද?
    මොඩ තර්ක දාන්න එපා. සම්භාවිතාව ඉස්කොලේ ඉගෙනගෙන නැද්ද? යකෝ තෝ කියන විදිහට බැලුවොත් මහජන සම්පත හැම මිනිහා ටම ඇදෙන එක නවත්තන්න බෑ කියලා කිව්වා වගේ. :lol:
    සංචාරකයන් නැවැත්තුවා ම corona අනික් රටවල් වලට වඩා අපේ රට ට එන්න තියන chance එක ගොඩක් ම අඩු වෙනවා.

    එතනින් තමයි පටන් ගන්න ඕන අපේ වගේ රටවල් වල quarantine කරන්න අමාරු නිසා.
    එතකොට තව කල් අදින්න පුළුවන්. එතකොට Virus එකට බෙහෙත් හොයාගෙන mass productions පටන් අරන් ලෝකෙට spread කරන කාලේ එනකන් කල් අරගන්න පුළුවන්. ඒක smartest move එකක්. තේරෙන්නේ නැද්ද හරි සරලයි නේ බං


    මම මොඩ තර්ක දාන්නේ නෑ.... බුද්ධියෙන් තේරුම් අරන් කරන්න ආරක්ෂක පියවර කීපයක් ගැන මම දන්න විදියට දැනුවත් කිරීමක් කලා. පිළිගන්නවා නම් පිළිගනින්. නැත්තන් නිකන් හිටපන්... උබ කොරෝනා වලින් මැරුනා කියලා මට කිසිම පාඩුවක් නෑ. මම දන්න දැනුම ප්‍රයෝජනයට අරන් මට පුඵවන් විදියට මාත් මගේ පවුලේ අයත් මේ ව්‍යසනයෙන් බෙරෙන්න උත්සාහ කරනවා.

    අනික මම සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයට තිබුන සම්භාවිතාවය පාඩම නම් ඉගනගෙන තියනවා. ඒ විදියට ලබපු සම්භාවිතා දැනුමෙන් නම් මට කොරොනා වලින් බේරෙන්න උදව්වක් ගන්න අමාරුයි. හැබැයි මම ඉගෙනගෙන තියන වෙනත් විෂය කරුණු වලට අනුව නම් ආසාධනය පවතින රට වලින් සංචාරක පක්ෂීන් අපේ රටට එන්න පුඵවන්.

    කොවිඩ් 19 වෛරසය ගැන මම දැනුවත් උන විදියට සත්තුන් මගිනුත් බෝ වෙන්න පුඵවන්. මම පෙර අදහස් දැක්වීමේදී කිව්වේ ගුවන්තොටුපල, වරාය සිල් තිබ්බා කියලා අපිට 100% ක් වෛරසය රට තුලට පැමිණිම වලක්වන්න බෑ කියන එකට උදාහරණයක් දුන්නා. උබ ඒකට පට්ට විදයඥයෙක් විදියට කරැණු කාරනා සහිතව පිලිතුරු ලබා දීලා තියනවා. ඒක කියවන එවුන් අපි දෙන්නගේම අදහස් දැක්වීම් හරහා දෙයක් තේරැම් අරන් මේ ව්‍යසනයෙන් ගොඩ යන්න යම් කිසි දෙයක් ලබා ගනි.

    අනික උබ දෙයක් තේරැම් ගනින්... මේ රටට තාම පින තියනවා ඔය ව්‍යසනයෙන් ගොඩ යන්න. මොකද උබේ අම්මා උබව මේ ලොකෙට බිහි කලාට පස්සේ අත්තම්ලාගේ උපදෙස් වලට අනුව රත කල්කය වගේ දේවල් දීලා උබේ ප්‍ර‍තිශක්තිය වර්ධනය කරන්න කටයුතු කරලා තියනවා... තව උබේ කෑම එකට කහ, තුනපහ, කරපිංචා, ගම්මිරිස්, කුරුදු, එනසාල්, කරාඹු වැනි ඖෂධ එක්කරලා උබට නොමැරි ජීවත් වෙන්න ඔනේ ශක්තිය ටික ටික දුන්නා.... අම්මා උබේ කැම එකෙන් උබට පරිසරයේ නොමැරී ඉන්න පුඵවන් බෙහෙත් ටික දීලා තියනවා කියලා හොදට මතක තියා ගනින්.

    යකෝ කොරියා වල ඉන්න අපේ කොල්ලෝ එකෙක්වත් තාම වෛරස් ආසාධනයට ගොදුරු වෙලා නෑ. ඒකට හේතුව පුංචි කාලේ ඉදන් අපේ රත්තරන් අම්මලා අපේ ප්‍ර‍තිශක්තිය වර්ධනය වන විදියට ආහාරවේලක් හදලා දුන්න නිසා. අනික රජය මගින් අපි පොඩි කාලෙදි ප්‍ර‍තිශක්තිය වර්ධනය වෙන්න එන්නත් කරලා තියනවා. ඒකත් ලොකු සේවාවක් ඒ හැම දේම එවකට පැවති සියඵම රජයන් මගින් උබටයි මටයි අපි හැමෝටමයි දිලා තියෙන්නේ නොමිලම කියන එකත් මතක තියා ගනින්.

    අනිත් එක තමයි දැන් අපේ රටට වෛරසය ඇතුල් වෙලා ඉවරයි. උබ කියන විදියට ලොකු ලොකු සීන් කරන්න අපේ රට පොසත් රටක් නෙවෙයි නේ. හැබැයි අපේ මුතුන්මිත්තෝ අපේ අවට පරිසරයේ තිබුන දේවල් භාවිතයට අරන් වියදමක් නැතිවම සාර්ථක වෛරස් නිරෝධායනය කරපු මිනිස්සු බව මතක තියා ගනින්. ඒකට මම පෙර අදහස් දැක්වීමේදී පැපොල රෝගයේදී අපේ මිනිස්සු කටයුතු කරපු විදිය උදාහරණයට අරගත්තා.

    අන්තිමට කියන්න තියෙන්නේ මම නම් උබ කියන විදියට පයිතගරස් කෙනෙක් නෙවෙයි. ඒත් මම පොළවේ පය ගහලා නොමැරි ජීවත් වෙන්න මම දන්න දැනුම යොදා ගන්න එකෙක්. උබට මගේ අදහස් වලින් නොමැරී ජීවත් වෙන්න අදහසක් තියනවා නම් ගනින්. නැත්තන් නිකන් හිටපන්. ඒක උබේ කැමැත්ත. ආයේ මට කුණුහරුපෙන් බැනගෙන ඇවිත් වාද කරන්න හදන්න එපා. මම උබත් එක්ක ආයේ වාද කරන්න එන්නේ නෑ. ඒ උබට තියන බය නිසා නෙවෙයි. හිස් දේවල් කථා කරලා මට වටින මගේ කාලය කන්න බැරි නිසා.....

    ----------



    මේක තමයි මම අහපු බුරුම කතාව .
    රටේ මේක පැතිරුනොත් hospitals වල resources නැහැ
    කියල හැමෝම දන්නවා .
    අඩුමතරමේ ඉස්පිරිතාලෙකට යන්න 3weel එකක්වත් හොයාගන්න වෙන්නේ නැහැ .
    රටේ ආර්ථිකය සම්පුර්ණයෙන්ම ඇදගෙන වැටෙනවා මේක පැතිරුනොත් .
    උබ මෙතන කියනවා අනී තුද්දෝ ඉන ඉකක් නිහි කියල .
    උබ කොත්තමල්ලි බිබී ඔයවගේ ගොන් කතා
    කිය කිය ඉදපන් .

    උබලයි ලොක්ක ඇවිත් උබව බේරාගනී .



    මම ඔය මොන ලොක්කේ වත් එනකල් ඉන්නේ නෑ ඔකෙන් බේරෙන්න... මම දන්න දේවල් භාවිතයට අරන් මමත් මගේ පවුලේ එවුනුත් බේර ගන්නම්.... උබ ඒ ගැන මට උපදෙස් දෙන්න ඕනේ නෑ. යකො... මේ රට දුප්පත් නිසා තමයි මම දන්න විදියට මේකෙන් බේරෙන්න සරල මිලෙන් අඩු / මිලක් වැය වෙන්නේ නැති අදහස් කීපයක් දුන්නේ... උබට ඒක ඇලජික් නම් නොකර හිටපන්... උබ වගේ ඇලජික් කාරයින් දෙන්නෙක්ට මම මේ ත්‍රෙඩ් එකේ උත්තර දීලා තියනවා... සමහර විට ඒකේ තියන කරුණු උබට වැදගත් වෙයි... උබට ඔනේ නම් මං වගේ මෝඩයින්ගේ ගොඩයන්න පුඵවන් දෙයක් ගන්න තියනවා නම් ගනින්.... ආයේ නම් මේ කිරියේ ඉන්න හුත්තිගේ පුතාලාට මම දන්න දේවල් කියලා මගේ ලේ කෝප කරගන්නේ නෑ.



    -----------
     
    Last edited: