ගොඩක්ම හේතුව තමා දැක්මක් නැති මිනිස්සු රට පාලනය කරන්න ගත්ත එක. ගොඩක්ම Bad Debt වල හිරවෙන එක. හොඳම උදාහරණයක් තමා අපි හයිවේ හදනවයි කියලා. ඔන්න හිතපන්කෝ චීනෙන් අපි ණයක් ගන්නවා ඕක හදන්න $500 million. හැබැයි ගන්නේ කොන්ත්‍රාත්තුව චීන අයට දෙන්න ඕනේ කියන මතයේ සහ පළවෙනි අවුරුදු 10 ආදායම් ඕනේ කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ, ණය ටික හම්බෙනවා. ඊට පස්සේ ඒ සල්ලි ආපහු ගෙඩිය පිටින් චීන කම්පැණි එකක් හරහා චීනෙටම යනවා. අපිට ඉතුරු වෙනවා ණය බර සම්පූර්ණෙන්ම. ඕක Bad Debt එකක්. ආදායමක් එන්නේ නෑ අවුරුදු 10ක් යනකන්. (වක්රාකාර ආදායම් එනවා හයිවේ එක හැදෙන නිසා ගමන් බිමන් ප්‍රවාහන පහසු වෙන නිසා). නමුත් වෙන්න ඕනේ Good Debt එකක්. ඒකියන්නේ ණය වාරිකේට Profit එකක් ඇතුලත් වෙලා ගෙවෙන එකයි. එතකොට අපි වෙන කෙනෙක්ගේ සල්ලි යොදලා අපි සල්ලි හොයලා කියන තැන. රටේ අනාගතේ ගැන නොහිත තමන්ගේ අනාගතේ ගැන විතරක් හිතන දේශපාලුවෝ/ පගා මරුවෝ ඉන්නකන් අපිට නෑ කිසිම හිස එසවිල්ලක්. උදාහරණයක් විදියට ගත්තොත් LRT Project එක අපිට හම්බෙන්න ගියේ 1% පොලියට. නමුත් බිලියන ගනණ් දඩ ගෙවලා චීනෙන් උන්ටම ආවේනික Rules & Regulation අනුව 10% පොලියට ණය ගන්න දැක්මක් තියෙන උන්දැලා රටක් පාලනය කරද්දි ඕක තමා සෙල්ලම. මේක පැවති හැම රයජක්ම කරපු එකක්. මේ එක පැත්තක් විතරයි මම පෙන්නනලා දුන්නේ. තව කියනවා නම් ඕනේ තරම් දේවල් තියෙනවා. Bond Scam, Vehicle Imports for VIP, Basically පාර්ලිමේන්තුව නඩත්තු කරන්න කරන අනවශ්‍යය වියදම් ඔක්කොම.