කෞතුකාගාරයෙන්(Me scene eka attada)

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    කෞතුකාගාරයෙන්(Me scene eka attada)

    කටුගෙට පැන්න අනුර සේනානායකගේ ‘කන් ගැට්ටා‘ සහ රනිල්ගේ ‘දන් ගැට්ටා‘

    Dan_GettaJ.jpg
    (ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.23, ප.ව‍‍.11.30) රජුන් වටා මෝඩ වඳුරන් පෙළ ගැසෙනවා සේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වටාද අපූරු පොරවල් ටිකක් පෙළ ගැසී සිටිති. රනිල් වික්‍රමසිංහ වඩ වඩා බෞද්ධ කරන්නැයි සිතූ ඔව්හු වෙසක් උත්සවය අලලා අරලියගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනයක් ආරම්භ කළහ.
    ප්‍රදර්ශණ භූමියේ වටපිටාව හැඩ වැඩ කිරීමට අවශ්‍ය පිළිමයක් සොයා ගැනිමට මොවුන්ට නොහැකි විය. ධාතු පෙන්වීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටියේ තීනියාවල පාලිත හිමියන් විසිනි. මේ වන විට රනිල්ගේ ඌෂ්ණය ගසා බලෙන් උමතු වී සිටින තීනියාවල පාලිත හිමි ‘අග්‍රාමාත්‍ය පාට්‘ දමා කෞතුකාගාරයෙන් බුදු පිලිමයක් පන්නා ගෙන ආවේය.
    කරුමේ කියන්නේ පිළිමය බිම වැටී කොටසක් කැඩී වෙන්වී ගියේ ය. මේ පිළිමය කෞතුකාගාරයෙන් පිටතට ගෙන යනවාට එහි පාලකයෝ විරුද්ධ වූහ. එහෙත් රනිල්ට වඩා ලොක්කෙක් නොදන්නා තීනියාවල පාලිත නමැති චීවරධාරී බ්‍රෝකර් වරයා රටේ නීතිය පිච්චියට දමා කළ පිළිම සොරකම දැන් අතේ පත්තු වී ඇත. රජුන් වටා සිටිනා මෝඩ වඳුරන් දැන් රනිල් බෞද්ධ කරන්න ගොස් රනිල්ට කඩුවෙන් කොටා තිබේ.
    වනචර දශකයේ කෞතුකාගාරය විනාශ කෙරෙව්වේ ‘කන් ගැට්ටා‘ ලවාය. දැන් කෞතුකාගාරය විනාස කිරීමට ‘දන් ගැට්ටෙක් ‘ පැමිණ ඇත.
    තීනියාවල පාලිතට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කර පෙන්වා යහපාලනයේ ගරුත්වය ආරක්ෂා කර නොගන්නේ නම් මෝඩ වඳුරන්ගේ කඩු පහරින් රනිල් නැති වනු නිසැක ය.
    විශේෂ වාර්තාකරුවෙකු විසිනි.
     
    • Like
    Reactions: prisly

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    දැන් විශේෂ වාර්තාකරුවෝ විතරමයි වාර්තා ලියන්නේ :lol::lol::lol::lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    පසුගිය සති අන්තයේ පැවති වෙසක් උත්සවය සමරනු වස් පකිස්ථානයේ සිට වැඩම කරවනු ලැබූ සර්වඥ ධාතූන් වහන්සේලා අරලියගහ මන්දිරයේදී ප්‍රදර්ශනයට සූදානම් කර තිබිණ. එසේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීමේදී ඒ අසලින් තැබිය යුතු බුදු පිලිමයක් අරලියගහ මන්දිරයෙන් සොයා ගැනීමට සංවිධායක කමිටුවට නොහැකි වී තිබේ. සංවිධායක කමිටුව විසින් මේ පිළිබඳව එම කමිටුවේ ප්‍රධානියා වන තිනියාවල පාලිත හිමියන්ට දැනුම් දුන් පසු උන් වහන්සේ එකවරම පවසා ඇත්තේ කෞතුකාගාරයෙන් හොඳ පිළිමයක් වඩම්මවාගෙන එන ලෙසයි.

    උන් වහන්සේගේ අනුශාසනය පරිදි සංවිධායක කමිටුව පුරා විද්‍යා කොමසාරිස් සනුජා කස්තුරිආරච්චි මහත්මිය අමතා අවශ්‍යතාවය පැහැදිලි කර දී කෞතුක බුදු පිලිමයක් ලබා දෙන ලෙස ඉල්ලීමක් කොට තිබේ. නමුත් ඇය එම ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ ‘කෞතුකාගාරයේ ඇත්තේ අමිල වටිනාකම් සහිත පිලිම වහන්සේලා බැවින් යම් හෙයකින් ඊට හානියක් සිදුවුවහොත් එය සමස්ථ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටම කැලලක් වන බැවින් කෞතුකාගාරයේ පිලිම වහන්සේලා එලියට රැගෙන යාමට අවසර දිය නොහැකි බවයි.

    පුරාවිද්‍යා කොමසාරිස්තුමිය පැවසූ දෙය සංවිධායක කමිටුව විසින් තිනියාවල පාලිත හිමියන් වෙත දැනුම් දීමෙන් අනතුරුව උන් වහන්සේ කෙලින්ම පුරාවිද්‍යා කොමසාරිස්තුමිය අමතමින් මෙය අග්‍රාමාත්‍ය තුමාගේ වැඩක් බව පවසමින් වහාම පිලිම වහන්සේ නමක් අරලියගහ මන්දිරයට එවන ලෙස නියෝග කර ඇත. පුරාවිද්‍යා කොමසාරිස් සනුජා කස්තුරිආරච්චි මහත්මිය දැඩි නොකමැත්තකින් පාලිත ස්වාමීන්වහන්සේගේ ඉල්ලීම අනුව අනුරාධපුර යුගයට අයත් අමිල වටිනාකමක් ඇති තඹ බුද්ධ ප්‍රතිමාවක් අරලියගහ මන්දිරය වෙත වැඩමවීමට අවසර දී ඇත.

    ඊයේ සහ පෙරේදා සර්වඥ ධාතූන් වහන්සේලා ඉහත කී තඹ පිළිම වහන්සේ සමඟ ප්‍රදර්ශනය කර තිබෙන අතර ඊයේ සවස් වරුවේ එම ස්ථානයේ ආරක්ෂාව භාරව සිටි නාවික හමුදා නිලධාරීන් එම පිලිම වහන්සේ වැඩමවා තිබූ රතු පලසේ රැළි ක්‍රමවත් ලෙස සකස් කිරීමට යාමේදී පිලිම වහන්සේ බිමට ඇද වැටී පිලිමයේ ශීර්ෂ ප්‍රදේශයට හානි වී තිබේ.

    මෙයින් විශාල ලෙස කලබලයට පත් වී ඇති නාවුක හමුදා නිලධාරීන් සහ සංවිධායක කමිටුව වහාම මේ බව තිනියාවල පාලිත හිමියන්ට දැනුම් දී තිබේ.

    සිදුවූ අනතුරෙන් විශාල ලෙස තැති ගැන්මකට පත්වී ඇති පාලිත හිමියන් පලමුවෙන්ම පවසා ඇත්තේ ‘මේක මාධ්‍ය කාරයින්ට නම් ආරංචි වෙන්ඩ දෙන්ඩ එපා. වහාම පිලිමෙ කෞතුකාගාරෙට ගිනිහිල්ල දාන්ඩ' කියාය.

    පාලිත හිමියන්ගේ උපදෙස් මත ඊයේ රාත්‍රී 11.30 ට පමන තඹ පිළිම වහන්සේ නැවතත් කෞතුකාගාරයට ගෙනවිත් තිබේ.


    ඊයේ රාත්‍රිය පුරා නිදිවර්ජිතව විහරණය කර ඇති පාලිත හිමිපාණන්, ඉහල කෞතුක වටිනාකමක් ඇති චිත්‍රයක් විනාශ වීමෙන් අනතුරුව එය නැවත ‘මිස්ටර් බීන් ' විසින් ප්‍රතිසංස්කරණය කළ ආකාරයට තඹ පිලිමවහන්සේ නැවත යථා තත්වයට පැමිණවීමට මේ වන විට නාවික හමුදා ආරක්ෂාව මධ්‍ය යේ කෞතුකාගාරය තුල මේ මොහොතේ මෙහෙයුමක් සිදු කරමින් පවතී.

    පාලිත හිමියන්ගේ අවවාද අනුශාසනා පරිදි පිලිම වහන්සේගේ හානි වූ ප්‍රදේශය මේ වන විට ඇණ සහ බෝල්ට් දමා ප්‍රතිසංස්කරණය කරමින් පවතී.

    මෙම සිද්ධියෙන් මහත් කම්පනයට පත්වී සිටින පුරාවිද්‍යා කොමසාරිස් සනුජා කස්තුරිආරච්චි මහත්මිය තම තනතුරෙන් ඉල්ලා අස්වීම සඳහා සැරසෙන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කර සිටී. මෙම සිද්ධිය පිලිබඳව කරුණු දැන ගැනීමට ඇයව දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට කෙතෙක් උත්සාහ ගත්තද එකී වෑයම නිශ්ඵල විය.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/4064-2016-05-23-13-08-17
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    කෞතුකාගාරයෙන් අරලියගහ මන්දිරයට වැඩම කරවන ලද බුදු පිළිම වහන්සේ බිම ඇද වැටිමෙන් බරපතල හානියක් සිදුව නොමැති බවත්, සිරස් පතයේ යම් පිපිරීමක් පමණක් සිදුව ඇති බවත් කෞතුකාගාරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසීය.

    කටුගෙයි තැම්පත් කර තිබු ක්‍රිස්තු වර්ෂ 9 වන සියවසට (අනුරාධපුර යුගය) අයත් පුරාවිද්‍යාත්මක වශයෙන් මිල කල නොහැකි, බුදු පිළිම වහන්සේ නමක් අරලියගහ මන්දිරයට වැඩම කරවීමෙන් පසු 21 වැනිදා එම බුද්ධප්‍රතිමාව බිම වැටීම සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී එම නිලධාරියා එසේ පැවසීය.

    කෞතුකාගාරයේ අධ්‍යක්ෂකවරිය විසින් තමා භාරයේ සංරක්ෂණය කර තිබුණු පිළිම වහන්සේ කිසිදු ස්ථානයකට ලබාදිය නොහැකිය යන මතයේ පළමුව සිට ඇති අතර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එම මතයේ සිටි බව කියා සිටි එම නිලධාරියා, නමුත් අග්‍රාමාත්‍යවරයාගේ උපදේශයකයින් විසින්, පකිස්ථානයෙන් වැඩම කරවන ලද සර්වඥ ධාතුන් වහන්සේලා හා සමාන පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් පිළිම වහන්සේ නමක් අවශ්‍ය බවට දැඩි මතයක සිටි බවත් සඳහන් කළේය.

    තර්ක විතර්ක මධ්‍යයේ අග්‍රාමත්‍ය කාර්යාල බලධාරයින් විසින් පසුගිය 20 වැනිදා පිළිම වහන්සේ අරලියගහ මන්දිරයට වැඩම කරවා ඇත.

    21 වැනිදා පිළිම වහන්සේ තැන්පත් කර තිබු ස්ථානයේ බිම පිරිසිදු කිරීමට ගත් උත්සහයකදී උන්වහන්සේ බිම ඇද වැටි සිරස් පතය බිදී ගොස් තිබේ.

    අනතුරුව අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ මැදිහත් වීමෙන් වහාම පිළිම වහන්සේ කටු ගෙය වෙත ආපසු වැඩම කරවා ඇත.


    - http://www.sinhala.srilankamirror.com/news/item/14073-buddha-statue-only-slightly-damaged

    පාකිස්තානයේ පංජාබ් හි තක්ෂිලා කෞතුකාගාරයෙන් අගමැති මැදුරට වැඩමවන ලද දන්ත ධාතූන් තැන්පත් කිරීමට කෞතුකාරගෙරයෙන් ගෙනයන ලද ඓතිහාසික බුද්ධ ප්‍රතිමාව පෙරලීම නිසා හානියට පත්ව ඇතැයි වාර්තා වේ.

    එම බුද්ධ ප්‍රතිමාව තැන්පත් කිරීමට එළන ලද ඇතිරිල්ල සකස් කිරීමට යාමේදී නාවික හමුදා සෙබලකු අතින් මේ අනතුර සිදුව තිබේ.

    අනතුරෙන් බුද්ධ ප්‍රතිමාවේ කොටසකට හානිවී ඇති බව පැවසේ.

    තක්ෂිලා කෞතුකාගාරයෙන් වැඩමවන ලද දන්ත ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට අවශ්‍ය බුද්ධ ප්‍රතිමාවක් අගමැති කාර්යාලයෙන් සොයමින් සිටියදී ඊට අවශ්‍ය හොඳම බුද්ධ ප්‍රතිමාව ඇත්තේ කෞතුකාගාරයේ බව ලංකා හොස්පිටල්ස් හි අධ්‍යක්ෂ නාලන්දාරාමයේ විහාරාධිපති තීනියාවල පාලිත හිමියන් පවසා තිබේ.

    උන්වහන්සේගේ කීමට අනුව අගමැති කාර්යාලයේ ප්‍රධානියකු අදාළ පිළිමය කෞතුකාගාරයෙන් ඉල්ලා ඇතත් එහි අධ්‍යක්ෂිකා සනූජා කස්තුරිආරච්චි මහත්මිය එය ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.

    කෞතුකාගාරයේ භාණ්ඩ පිටට ගෙනයාමට සිය දෙපාර්තමේන්තු පනතෙන් හෝ අවසරයක් නොමැති බව කියමින් ඇය මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

    කෙසේවුවද, පසුව අදාළ නිලධාරියා පාකිස්තානයෙන් ධාතු වැඩමවිය හැකි නම් කෞතුකාරයෙන් පිළිමයක් ගත නොහැකි මන්දැයි විමසමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු හරහා මේ පිළිමය ගෙන තිබේ.

    මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මිරර් තීනියාවල පාලිත හිමියන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහිමියෝ කියා සිටියේ බුද්ධ ප්‍රතිමාවට හානියක් සිදුව නොමැති බවයි.

    තමා දැන්ද වැඩියේ අගමැති මැදුරේ සිට බවද එහිමියෝ කීහ.

    මේ අතර අප, කෞතුකාගාරයේ අධයක්ෂිකා සනූජා කස්තුරිආරච්චි මහත්මිය දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ අතර ඇය කෙටි පණිඩුඩයක් මගින් දන්වා සිටියේ ඇය රැස්වීමක සිටින බවයි.

    අදාළ තත්ත්වය හේතුවෙන් එහි අධ්‍යක්ෂිකාව ඉල්ලා අස්වීමට සූදානම්වන බව ශ්‍රී ලංකා මිරර් වෙත මේ අතර වාර්තා වේ.


    - http://www.sinhala.srilankamirror.com/news/item/14053-an-historic-buddha-statue
     
    Last edited:

    Chondon

    Banned
  • Aug 17, 2015
    335
    39
    28
    ආ හුත්තෝ? ඉතුරු ටික තොගේ මහින්ද හොරා කැව නේද වේසියේ?