කෞතුකාගාරයෙන්(Me scene eka attada)
කටුගෙට පැන්න අනුර සේනානායකගේ ‘කන් ගැට්ටා‘ සහ රනිල්ගේ ‘දන් ගැට්ටා‘
(ලංකා ඊ නිව්ස් -2016.මැයි.23, ප.ව.11.30) රජුන් වටා මෝඩ වඳුරන් පෙළ ගැසෙනවා සේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වටාද අපූරු පොරවල් ටිකක් පෙළ ගැසී සිටිති. රනිල් වික්‍රමසිංහ වඩ වඩා බෞද්ධ කරන්නැයි සිතූ ඔව්හු වෙසක් උත්සවය අලලා අරලියගහ මන්දිරයේ ධාතු ප්‍රදර්ශනයක් ආරම්භ කළහ.
ප්‍රදර්ශණ භූමියේ වටපිටාව හැඩ වැඩ කිරීමට අවශ්‍ය පිළිමයක් සොයා ගැනිමට මොවුන්ට නොහැකි විය. ධාතු පෙන්වීමේ කොන්ත්‍රාත්තුව බාරගෙන සිටියේ තීනියාවල පාලිත හිමියන් විසිනි. මේ වන විට රනිල්ගේ ඌෂ්ණය ගසා බලෙන් උමතු වී සිටින තීනියාවල පාලිත හිමි ‘අග්‍රාමාත්‍ය පාට්‘ දමා කෞතුකාගාරයෙන් බුදු පිලිමයක් පන්නා ගෙන ආවේය.
කරුමේ කියන්නේ පිළිමය බිම වැටී කොටසක් කැඩී වෙන්වී ගියේ ය. මේ පිළිමය කෞතුකාගාරයෙන් පිටතට ගෙන යනවාට එහි පාලකයෝ විරුද්ධ වූහ. එහෙත් රනිල්ට වඩා ලොක්කෙක් නොදන්නා තීනියාවල පාලිත නමැති චීවරධාරී බ්‍රෝකර් වරයා රටේ නීතිය පිච්චියට දමා කළ පිළිම සොරකම දැන් අතේ පත්තු වී ඇත. රජුන් වටා සිටිනා මෝඩ වඳුරන් දැන් රනිල් බෞද්ධ කරන්න ගොස් රනිල්ට කඩුවෙන් කොටා තිබේ.
වනචර දශකයේ කෞතුකාගාරය විනාශ කෙරෙව්වේ ‘කන් ගැට්ටා‘ ලවාය. දැන් කෞතුකාගාරය විනාස කිරීමට ‘දන් ගැට්ටෙක් ‘ පැමිණ ඇත.
තීනියාවල පාලිතට එරෙහිව නීතිය අකුරට ක්‍රියාත්මක කර පෙන්වා යහපාලනයේ ගරුත්වය ආරක්ෂා කර නොගන්නේ නම් මෝඩ වඳුරන්ගේ කඩු පහරින් රනිල් නැති වනු නිසැක ය.
විශේෂ වාර්තාකරුවෙකු විසිනි.