කෞතුකාගාරය ගැන ඔත්තුවක්
කොළඹ ජාතික කෞතුකාගාරය බිඳ පෞරාණික කඩු හා කාසි තොගයක් ඇතුළු කෞතුක භාණ්ඩ සොරකම් කළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ ආරම්භකර ඇතැයි වාර්තාවේ.
මෙම සිද්ධිය වූ ස්ථානයේ තිබූ සලකුණු හා ජාන ලබා ගත් බවත් ඒ අනුව සොරුන් සොයා ගන්නට හැකි බවත් පොලීසිය පවසයි. . එසේම කවුරුන් හෝ කඩු හා පරණ කාසි අලෙවි කිරීමට උත්සහ තැත් කලොත් ජාතික වගකීමක් සේ සලකා වහාම පොලිස් හදිසි ඇමතුම් අංක වලට දන්වන ලෙසද පොලීසිය ඉල්ලා සිටියි.
ජාතික වගකීමක් ඇති ලෙස මේ ගැන පොඩි ඔත්තුවක් දීමට අපිද කැමත්තෙමු.
ඒ මෙසේය.
ආරක්ෂක කැමරා වැඩ කලේදැයි කෞතුකාගාරයේ උසස් නිලධාරිනියෙකුගෙන් කෞතුකාගාරයට ගිය මාධ්‍යවේදින් ප්‍රශ්න කල විට ඇය ” වැඩ කලා වැඩ කලා” යනුවෙන් දෙසැරයක්ම කියා සිටි අතර එහි සිටි පොලිස් නිලධාරියෙකු එම කැමරා දර්ශන ගැන පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත් අඩංගුවට ගන්නා බවද පැවසීය.
නමුත් ඉන්පසු කෞතුකාගාරයට පැමිණි ජාතික උරුමයන් පිලිබඳ ඇමති ආචාර්ය ජගත් බාලසූරිය පවසා සිටියේ මේ මස 15 දින සිටකැමරා ක්‍රියා විරහිතව තිබූ බවයි.
කොහොමද ඔත්තුව.
සටහන- අප කියන දෙය තේරෙන්නේ නැත්නම් බේකර් වීදියට ගොස් ෂර්ලොක් හොල්ම්ස් හමු වී තේරුම් කර ගන්න.