ජාතික කෞතුකාගාරය නව මුහුණුවරකින්
වසර දෙකකට ආසාන්න කාලයක් වසා තිබූ කොළඹ ජාතික කෞතුකාගාරය සංරක්ෂණයෙන් පසු අද (පෙබ.06) යළි මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කරනු ලැබිය.
කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි පවසන පරිදි වසර 140කට වඩා පැරණි කොළඹ ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ලේ සිදුවූ විශාලතම සංරක්ෂණ ව්‍යාපෘතිය මෙය වේ.
ලෝකයේ කෞතුගාරවල ඇති ප්‍රමිතිය ආසන්නයට කොළඹ ජාතික කෞතුකාගාරය ගෙන ඇති බව කොළඹ ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂිකා සනුජා කස්තුරිආරච්චි බීබීසී සිංහල සේවය සමග පැවසුවාය.
ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ උපදේශකත්වයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව මෙම ඉදිකිරීම් කළ බව පැවසූ අධ්‍යක්ෂවරිය, ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 225ක් ඇස්තමේන්තුකර තිබුණ ද රුපියල් මිලියන 200කින් එය අවසන් කළ හැකි වූ බව ඇය සඳහන් කළාය.
ජාතික කෞතුකාගාරයේ ඇති සියලු ප්‍රදර්ශන භාණ්ඩ ගැන තොරතුරු ඇතුළත් ස්මාර්ට් දුරකතන යෙදවුමක් (ඇප්) ද නිර්මාණයකර ඇත.
Video මේතනින් යන්න
http://www.bbc.com/sinhala/sri-lanka-38880717