කෲඩියා සෙලනිකා missing

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා කපා ඉවත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී විවිධ පාර්ශවවල විරෝධතා මධ්‍යයේ කපා ඉවත් කිරීම නතර කෙරුණු කෲඩියා සෙලනිකා හෙවත් පඬු කරඳ ගස කිසියම් පිරිසක් විසින් එම ස්ථානයෙන් ගලවා ඉවත් කර ඇති බව වාර්තා වනවා.

    ගම්පහ දාරලුව ප්‍රදේශයේ පිහිටි එම වෘක්ෂය වසර 100කට වඩා පැරණි බවටයි පැවසෙන්නේ.

    කොළඹ නුවර අධිවේගී මාර්ගය ඉදි කිරීම සඳහා කර තිබූ සැලසුම අනුව එම මාර්ගය අදාළ ගස පිහිටි ස්ථානයෙන් ඉදි කළ යුතුව තිබුණා.

    ඒ අනුව, එම ගස ඉවත් කිරීමට යාමේදී පරිසරවේදීන් ඇතුළු පාර්ශව රැසකින් ඊට දැඩි විරෝධයක් එල්ල වූ අතර ඒ සම්බන්ධයෙන් එම කාල සීමාවේදි සමාජයේ දැඩි කතාබහක්ද මතු වුණා.

    එලෙස විරෝධතා එල්ල විම හමුවේ අධිවේගී මාර්ගයේ ගමන්මග වෙනස් කරන බවයි බලධාරීන් අදාල අවස්ථාවේදී ප්‍රකාශ කළේ. එම ගසේ ආරක්ෂාව වෙනුවෙන් සිවුරක් පොරවා සඟ සතු කොට සංරක්ෂණය කිරීමටද භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් අදාළ අවස්ථාවේදී පියවර ගනු ලැබුවා.



    https://nethnews.lk/article/106297
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,557
    28,434
    113
    inta8MI.jpg
     
    • Like
    Reactions: tdapower

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,323
    49,690
    113
    සේදවත්ත
    පරිසරවේදින් , ඝණයෝ, සමාජ ක්‍රයාකාරින් , වෘතිය සමිති , විශ්ව විද්යාල සිසුන් මුං නිසා කීයක් මේ රටේ දේවල් කරන්න බැරි උනාද
     
    • Like
    Reactions: tdapower and Troop