ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රුපියල් නෑ - මහ බැංකු අධිපති
මිල සූත්‍රයක් හරහා ඉන්ධන මිල ගණන් වැඩිකළද මේ වනවිට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඩොලර් මිලදීගැනීමට අවශ්‍ය රුපියල් එකතුවී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා
"මේ කරගෙන යන සාර්ව ආර්ථික වැඩපිළිවෙලේ මහබැංකුව කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පමණයි. එතකොට මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් බලාපොරොත්තු වන්නේ උද්ධමනය පාලනය කිරීම, විනිමය අනුපාතය යම්කිසි ආකාරයකට ස්ථාවර කිරීම, ඒ තුළින් අධික ඉල්ලුම තුලින් ඇතිවන උද්ධමනය පාලනය කිරීම. ඒක මහබැංකුව පමණක් තනිවම කළහැකි දෙයක් නෙමෙයි. මේ වගේ විශේෂ ආර්ථික අවපාතයක් වෙලාවේ ඒකට අනිත් ක්‍ෂුද්‍ර මූල්‍ය ප්‍රතිපත්ති ඒ කියන්නේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ඊට අමතරව රජයට අයිති ව්‍යාපාර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ඒ වගේ රාජ්‍ය ආයතනවලත් වෙන්න තියෙන යම්කිසි ව්‍යුහාත්මක වෙනස්කම් සිදුවෙන්න ඕන. එහෙම නැතුව මේක මුදල් ප්‍රතිපත්තියෙන් පමණක් තනිවම කළහැකි දෙයක් නෙමෙයි. "
"අපේ විශ්වාසය හැටියට යම්කිසි පියවර අරගෙන තියෙනවා. යම්කිසි බදු වැඩිකිරීම් කළා. යම්කිසි ආකාරයකට වියදම් කළමනාකරණය කරන්න කියලා දැනුම්දීලා තියෙනවා අමාත්‍යාංශ හරහා, පාර්ලිමේන්තුව හරහාත් දැනුම්දීලා තියෙනවා. නමුත් ඒවගේ යම්කිසි බලපෑමක් වෙන්න ටිකක් කාලයක් ගන්නවා. උදාහරණයක් විදියට වැට් වැඩිකරපු එකේ කොටසක් වැඩිකළා ඒක දැන් ක්‍රියාත්මක වෙනවා. ආදායම් බදු වැඩිකරපු එක කැබිනට් එකෙන් අනුමත කරලා පාර්ලිමේන්තුවට ගිහිල්ලා අනුමත කරාට පස්සේ තමයි නීතිගත වෙලා ඒක ක්‍රියාත්මක වෙන්නේ. "
"තෙල්වලට මිල සූත්‍රයක් හඳුන්වාදී තිබෙනවා දැන් ඒක වැඩකරනවා. ඒක තියෙද්දී වුණත් තවමත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවශ්‍ය රුපියල් ප්‍රමාණය වත් එකතුවෙන්නේ නෑ. ඒ අයට අවශ්‍ය ඩොලර් ටික ගන්න. ඩොලර්ස් අපි කොහොම හරි හොයාගෙන දුන්නත් ඩොලර් සැපයීමත් අමාරුයි මේ වෙලාවේ. හොයාගත්ත ඩොලර් ටික ගන්න පෙට්‍රෝලියම් එකට රුපියල් නෑ. අවශ්‍ය ප්‍රමාණය නෑ. ඒක තමයි ඊළඟ බරපතළ ප්‍රශ්නය. මිල වැඩිකරලා තියෙද්දිත්, සියලුම තෙල් ටික විකුණලා තියෙද්දිත්, විකුණන්නෙත් මුදලට නේ, එතකොට ඊලඟ තෙල් නැව ගන්න අවශ්‍ය රුපියල් ප්‍රමාණය නැති වුණාම. දැන් ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා CPC එක ඉල්ලනවා භාණ්ඩාගාරයෙන් රුපියල්. ඒගොල්ලොන්ගේ එදිනෙදා අවශ්‍යතාවලට අමතරව ආදායම් වියදම්වලට අමතරව CPC එකෙන් රුපියල් ඉල්ලනවා භාණ්ඩාගාරයෙන් දෙන්න කියලා. ඒක භාණ්ඩාගාරයට අයිති එකක් නෙමෙයි. එතකොට ඒගොල්ලොන්ට දෙන්න ක්‍රමයක් නෑ, ඒගොල්ලෝ කියනවා මහ බැංකුවට, අපිට සල්ලි අච්චුගහලා දෙන්න කියනවා, ඒක තමයි දැන් තියෙන එක ප්‍රධාන ගැටළුවක්. "
"CPC එකේ සමහර හේතු තියෙන්න පුළුවන්, මොකද මිල වැඩිකළේ ගොඩක් ප්‍රමාද වෙලා. එතකොට කළින් විකුණලා තියෙන්නේ පාඩුවට ඊට අමතරව දැනට විකුණන ඒවටත් විදුලි බල මණ්ඩලයට තෙල් සැපයීම කලාම ඒගොල්ලොන්ගෙන් මුදල් හම්බවෙන්නේ නෑ CEB එක දුවන්නේ අධික පාඩුවකට. මොකද ඒ මිල වෙනස්වීමක් කරපු නැති නිසා. එතකොට CPC එක තෙල් විකුණුවත් කොටසක් ලැබෙන්නේ නෑ CEB එකට විකුණන ටික. ඊට අමතරව කළින් වෙච්ච පාඩුවලට යම්කිසි ආකාරයකට බැංකුවලට ගෙවන්න තියෙන ණය නිසා එතන ලොකු හිරවීමක් වෙලා තියෙනවා. කළින්ඒ තීරණ නොගැනීම නිසා දැන් මේක බරපතළ තත්ත්වයකට ඇවිල්ල තියෙනවා."
"උදාහරණයක් විදියට මට කියන්න පුළුවන් දැනට CPC එක අද වෙනකොට භාණ්ඩාගාරයෙන් ඉල්ලනවා රුපියල් බිලියන 217ක්. රුපියල් ඉල්ලනවා ඒගොල්ලොන්ට ඩොලර් මිලදීගැනීමට , දැන් භාණ්ඩාගාරයේ කෑෂ් ෆ්ලෝ එකේ මේක තිබුණු එකක් නෙමෙයි. එතකොට කොහෙන්ද භාණ්ඩාගාරය එකපාරට බිලියන 200ක් දෙන්නේ. ඒගොල්ලෝ ඉල්ලනවා මහ බැංකුවෙන්. එතකොට මහ බැංකුව තීරණය කරනවා නම් තවත් රුපියල් දෙන්න නැහැ කියලා එතකොට CPC එකට අපේ ඩොලර් තිබුණත් ගන්න ක්‍රමයක් නෑ. මේ තියෙන තෙල් නැති තත්ත්වය තව දිග කාලයක් තියන්න වෙයි. ඉතින් ඒක තමයි තියෙන අමාරු තත්ත්වය. එතකොට ඒ වගේ ක්‍රියාත්මක කිරීමට හැකිව තිබූ යම්කිසි මිල වෙනස්කිරීම් කරපු නැති එකේ බරපතළම ප්‍රතිවිපාක තමයි අපි දැන් අත්විඳින්නේ. "
"මුදල් ප්‍රතිපත්තියෙන් පමණක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකියි, මේ තත්ත්වය විසඳීමට අනිවාර්යයෙන්ම රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය. තියෙන ඔක්කොම එකවර හැකි ඉක්මණින් ක්‍රියාත්මක කලොත් පමණයි ඉක්මණට මෙතනින් ගොඩ එන්න පුළුවන්. අගමැතිතුමා කිව්වා නේ මුදල් අච්චුගහන්න වෙනවා කියලා ඒක සත්‍යයක්. අපි මුදල් අච්චුගහලා CPC එකට තෙල් ගන්න සල්ලි දුන්නේ නැත්නම් මුළු රටේම තෙල් නැතිවෙනවා. "
"මහබැංකුව කරන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ඒකෙන් තමයි පොලී අනුපාතය වැඩිකරලා බලාපොරොත්තු වෙන්නේ මේ උද්ධමනය පාලනය කිරීම. දැනට පවතින උද්ධමනය සියයට 50ක් පමණ වෙනවා. ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි බලනකොට, මේක සියයට 70ක මට්ටමට යන්න පුළුවන් ඊළඟ මාස කිහිපය තුළ. ඉස්සරහට වෙන්න තියෙන මිල වෙනස්වීම් එක්ක. ඒක දැන් වෙලා ඉවරයි. අපිට තියෙන ප්‍රධානම වගකීම මහබැංකුව විදියට, මේ උද්ධමනය නිසා ප්‍රධාන වශයෙන්ම පීඩාවට පත්වෙන්නේ රටේ ඉන්න දුප්පත්ම ජනතාව. ඒක තමයි මූල්‍ය අරමුදල සමඟ වැඩපිළිවෙලේදීත් අනිවාර්යයෙන්ම මේ වගේ අවස්ථාවකදී දුප්පත්ම ජනතාවගේ ආරක්ෂාවට. සමෘද්ධි වගේ දීමනා වැඩිකරන්න ඕන. එතකොට ඒ මාර්ගයෙන් අඩුම වශයෙන් ආදායම ලබන ජනතාවට මේකෙන් එල්ලවන පීඩනය අවම කරගෙන යන්න පුලුවන් වාතාවරණයක් තියෙනවා. ඒක තමයි පළවෙනි එක. "
"දෙවැනි එක පොලී අනුපාතය වැඩිකිරීම තුළින් අනිවාර්යයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තවල දැනට ණය අරගෙන තියෙන අයගේ ණය ගෙවීමේ හැකියාව යම්කිසි ආකාරයකට දුර්වල වෙනවා. ඒක අපි තේරුම්ගත්ත දෙයක්. නොදැන නෙවෙයි අපි මේ පොලී අනුපාත වැඩිකරන්නේ. නමුත් මොකක්ද වඩාත්ම වැදගත් වන්නේ උද්ධමනය සියයට සීයක් දක්වා වගේ ගිහිල්ලා අධි උද්ධමන තත්ත්වයකට ගියොත් කිසිම සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තයක්වත් කිසිම ව්‍යවසායකයෙක්ටවත් කිසිම වෙළෙඳාමක්වත් ව්‍යාපාරයක්වත් කරගෙන යන්න වෙන්නේ නෑ. ඒ ඔක්කොම කඩා වැටෙනවා. එතකොට වැදගත්ම දේ ඒ අය රැකගැනීමටත් උද්ධමනය පාලනය කරලා ඉන්න ඕන. ඒක නිසා තමයි පොලී අනුපාතය වැඩිකරන්නේ. වැඩිකිරීම තුළින් ඒගොල්ලොන්ගේ ෆිනෑන්ස් කොස්ට් එක වැඩිවෙන්න පුළුවන්, මොරටෝරියම් තියන අයගේ ආපහු ගෙවීමේදී අපහසුතා ඇතිවෙන්න පුළුවන්. එතකොට ඒ අයට යම් සහනයක් දීම සඳහා අපි දැනට අද නිකුත් කළා අපේ බැංකු පද්ධතියට, ඒ වගේ පොලී අනුපාත වැඩිවීම නිසා යම්කිසි ආකාරයක මොරටෝරියම් තිබුණු කාලය තුළ තිබුණු සහනය නැවත අයකර ගැනීමේදී, ඒ බැංකුවලින් ඒ අයගේ ඒක සලකා බලලා මොන ආකාරයටද යම්කිසි සහන සලස්වන්නේ කියන එක. මුළු බැංකු පද්ධතියටම හැමෝටම වෙනසක් නැතුව දෙන්න කියලා කරන්න මේ අවස්ථාවේ අමාරුයි. මොකද යම්කිසි ආකාරයක බැංකු පද්ධතියත් මූල්‍ය ස්ථාවරභාවය පවත්වාගෙන යාම වැදගත්. ඒක නැතිවුණොත් ඊටත් වැඩිය බරපතළ තත්ත්වයකට තමයි රට පත්වෙන්නේ. ඒ නිසා බැංකු පද්ධතිය ආරක්ෂා කර ගන්නා ගමන් කොහොමද ණය ගෙවීමට අපහසු අයට යම්කිසි ආකාරයක ක්‍රමවේදයක් සලස්වන්නේ කියන එක තමයි වැදගත්."