ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි
ඛනිජ තෙල් සංස්ථාවේ වෙඩි තැබීමකින් දෙදෙනෙක්ට තුවාල
දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මුලස්ථානයේ දී සිදුකළ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
එක් පුද්ගලයකුගේ හිසටත්, තවත් පුද්ගලයකුගේ පපුවටත් වෙඩි වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. ඔවුන් දෙදෙනා ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතය.
හිටපු ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්යඅර්ජුන රණතුංග මහතා සංස්ථා පරිශ්‍රයට ඇතුළු වීමට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිසක් සමඟ ඇති වු බහින් බස් වීමක් දුරදිග ගොස් එම අවස්ථාවේදී මෙය සිදු වී ඇතැයි පොලීසිය පවසයි.
මේ මොහොත වන විට පොලීසිය, කැරලි මර්දන ඒකකය , පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය යොදා අවට ආරක්ෂාව තර කර තිබේ.
ගුවන් පාලම අසලින් මාර්ගය වසා දමා ඇති අතර රැස්ව සිටින පිරිස් අතර දැඩි උණුසුම් තත්ත්වයක් මේ වන විට ඇති වී ඇත.

Last edited: